ශ්‍රී ලංකා 19 න් පහළ නායකත්වය අවිශ්ක ප්‍රනාන්දුට

923
Avishka perera

සංචාරක දකුණු අප්‍රිකානු වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර ඉදිරියේදි ඇරඹෙන ක්‍රිකට් තරඟාවලියේ, ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ දක්ෂ පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු හට ලබා දීමට තීරණය කර ඇත.

ශ්‍රී ලංකා කනිෂ්ඨ තේරීම් කමිටුව විසින් මෙම තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකුගේ නම් ඇතුළත් කර ඇත. එයට අතිරේක  ක්‍රීඩකයින් 3 දෙනෙකු  ඇතුළත් කර ඇත. අමතරව තවත් සුළු වෙනස්කම් කිහිපයක්ම ද කර ඇත.

දකුණතින් පිත්ත හසුරුවන අවිශ්ක පසුගිය කාලය පුරා ලකුණු අතර සිටි ක්‍රීඩකයෙකු වන අතර නිමාවූ ලෝක කුසලාන 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දී තරඟ 6 කදී ලකුණු 153 ක් ලබාගැනීමට සමත් වී ඇත.

අවිශ්ක විසින් සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් වයස අවුරුදු 19 න් පහළ සීමිත පන්දුවාර තරඟාවලියට තම දායකත්වය දක්වා ඇත.

තරුණ දකුණු අප්‍රිකානු 19 න් පහළ කණ්ඩායම තරුණ ටෙස්ට් තරඟ 3 ක් හා තරුණ එක්දින තරඟ 3කට ශ්‍රී ලංකා 19 න් පහළ තරුණ කණ්ඩායම සමඟ ක්‍රීඩා කිරීමට මෙරට පැමිණ ඇත.

SLC Super වයස අවුරුදු 19න් පහළ 2015/16 ක්‍රිකට් තරගාවලියේ දී හරීන් බුද්ධිල විසින් තරඟ 5 කදී කඩුලු 27 ක් දවාලීමට සමත්ව ඇත. එම තරගාවලියේම ලසිත කෘස්පුල්ලේ තරඟ 4 කදී ලකුණු 336 ක් ලබාගැනීමට සමත්ව ඇත. නමුත් ඔවුන් දෙදෙනා සංචිතයට කැදවා නොමැත.

ශ්‍රී ලංකා 19 න් පහළ තරුණ ටෙස්ට් සංචිතය

අවිශ්ක ප්‍ර‍නාන්දු (නායක ) – මොරටුව සාන්ත සෙබස්තියන් විද්යාලය – දකුණත් පිතිකරු – දකුණත් මද වේග පන්දු
සම්මු අශාන් – ආනන්ද විද්යාලය – දකුණත් පිතිකරු – දකුණත් මද දඟ පන්දු
දමිත සිල්වා – කුරුණෑගල මලියදේව විද්යාලය – වමත් පිතිකරු – වමතින් පිටදඟ පන්දු
විශාද් රන්දික – ඉසිපතන විද්යාලය – දකුණත් පිතිකරු – කඩුලු රකින්නා
සංජුල අබේවික්රම – ඉසිපතන විද්යාලය – වමත් පිතිකරු – කඩුලු රකින්නා
විශ්ව චතුරංග – මොරටුව වේල්ස් කුමර විද්යාලය – වමත් පිතිකරු – කඩුලු රකින්නා
නවිදු නිර්මාල් – ගාල්ල සාන්ත ඇලෝසියස් විද්යාලය – දකුණත් පිතිකරු – කඩුලු රකින්නා
අශේන් බණ්ඩාර – ගාල්ල සාන්ත ඇලෝසියස් විද්යාලය – දකුණත් පිතිකරු – දකුණත් පා දඟ පන්දු
හසිත බෝයගොඩ – මහනුවර ත්‍රිත්ව විද්යාලය – දකුණත් පිතිකරු – දකුණත් දඟ පන්දු
පැතුම් නිස්සංක – ඉසිපතන විද්යාලය – දකුණත් පිතිකරු – දකුණත් දඟ පන්දු
ප්රවීන් ජයවික්රම – මොරටුව සාන්ත සෙබස්තියන් විද්යාලය – දකුණත් පිතිකරු – දකුණත් පිට දඟ පන්දු
තිසරු ඩිල්ශාන් – මහනුවර ත්‍රිත්ව විද්යාලය – දකුණත් පිතිකරු – වමතින් මඳ වේග පන්දු
තිලාන් ප්රශාන් – මාතර සාන්ත ස්වේසර්ස් විද්යාලය – වමත් පිතිකරු – දකුණත් මද වේග පන්දු
වනිත වන්නිනායක – කුරුණෑගල සාන්ත ආනා විද්යාලය – දකුණත් පිතිකරු – දකුණත් මද වේග පන්දු
තිලංග උදීශාන් – ගාල්ල රිච්මන්ඩ් විද්යාලය – -වමත් පිතිකරු – දකුණත් මද වේග පන්දු

අතිරේක ක්‍රීඩකයින්

ෂැනෝගීත් ශන්මුතුනාගන් – මහනුවර ත්රිත්ව විද්යාලය – වමත් පිතිකරු – වමතින් පිට දඟපන්දු
මිශේන් සිල්වා – මොරටුව සාන්ත සෙබස්තියන් විද්යාලය – දකුණත් පිතිකරු – දකුණත් මඳ වේග පන්දු
ජෙහාන් ඩැනියල් – සාන්ත ජෝශප් විද්යාලය – දකුණත් පිතිකරු – දකුණත් මඳ වේග පන්දු

 තරඟ කාලසටහන 

පුහුණු තරඟය – ජුනි 20,21 -M.C.A ක්‍රීඩා පිටියේදී

පළමු ටෙස්ට් තරඟය – ජුනි 23,24,25 – පීසරා ඕවල් පිටියේදී

දෙවන ටෙස්ට් තරඟය – ජුනි 28,29,30 කුරුණෑගල වෙලගෙදර පිටියේදී

තෙවන ටෙස්ට් තරඟය – ජුලි 3,4,5 මහනුවර පල්ලේකැලේ පිටියේදී

පළමු එක්දින තරඟය – ජුලි 9 – පීසරා ඕවල් පිටියේදී

දෙවන එක්දින තරඟය – ජුලි 11 NCC පිටියේදී

තෙවන එක්දින තරඟය – ජුලි 13 – SSC පිටියේදී

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල් පිටුවට

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල් පිටුවට