ත්‍රිත්ව විද්‍යාලයට එරෙහිව ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය දැවැන්ත ජයක් ලබයි

U19 Division 1 Schools Cricket Tournament 2023/24

303

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (20) පැවැත්වුණා.

මෙම තරගවලින් ජයග්‍රහණ ලබා ගැනීමට මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය, කොළඹ මහානාම විද්‍යාලය, මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය, කොළඹ ඉසිපතන විද්‍යාලය සහ කොළඹ සාන්ත පීතර විද්‍යාලය සමත් වුනා.

එමෙන්ම මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමඟ පැවැත්වුණු දෙදින සාම්ප්‍රදායික තරගයෙන් ඉනිමක සහ ලකුණු 114ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගැනීමට ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයට හැකියාව ලැබීම විශේෂත්වයක්. මෙහි දී ත්‍රිත්ව විද්‍යාලයේ ඉනිම් දෙක ම ඉතා අඩු ලකුණු සංඛ්‍යාවලට සීමා කිරීමට සාන්ත තෝමස් පන්දු යවන්නන්ට හැකියාව ලැබුණා.

එමෙන්ම අද ක්‍රියාත්මක වුනු මෙම තරගවල දී ක්‍රීඩකයින් රැසක් කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් වුනා.

මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයේ නායක තිසර ඒකනායක විශිෂ්ට ශතකයක් රැස් කිරීමට සමත් වූ අතර, ඔහු පන්දු යැවීමෙන් ද ඉනිම් දෙක තුළ කඩුලු 5ක් බිඳ හෙළීමට සමත් වුනා.

කොළඹ මහානාම විද්‍යාලයේ චාමික හීනටිගල කඩුලු 5 දස්කමක් ප්‍රදර්ශනය කළා.

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය වෙනුවෙන් ශැරෝන් අභිශේක් කඩුලු 5 දස්කමක් දැක්වීමට සමත් වූ අතර, නිකිල් ජයවීර විසින් අර්ධ ශතක ද්විත්වයක් වාර්තා කිරීමට සමත් වුනා.

කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය සමඟ පැවැත්වුණු තරගයක පළමු ඉනිමේ පරාජයක් ලැබීමෙන් පසුව ද, පූර්ණ ජයග්‍රහණයක් කරා යාමට මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයට දිරි දුන් මලින්ත සිල්වා පළමු ඉනිමේ කඩුලු 4ක් සහ දෙවැනි ඉනිමේ කඩුලු 8ක් සමඟින් සමස්ත තරගයේ කඩුලු 12ක් දවා ගැනීමට සමත් වුනා.

කොළඹ ආනන්ද විද්‍යාලය වෙනුවෙන් අශින්ස නයිනායක ඉනිම දෙකේ ම කඩුලු 6 දක්ෂතා දැක්වීමට සමත් වුනා.

කොළඹ ඉසිපතන විද්‍යාලය සමඟ පැවැත්වුණු තරගයෙන් වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලයට අවාසනාවන්ත පරාජයකට මුහුණ දීමට සිදු වුනත්, එහි දී සාන්ත අන්තෝනි විද්‍යාලයේ අමිත සන්දීප එක් අර්ධ ශතකයක් සමඟ ඉනිම් දෙකේ දී ලකුණු 117ක් ද, කඩුලු 7 සහ කඩුලු 5 දක්ෂතාවන් දෙකක් සමඟ සමස්ත කඩුලු 12ක් ද බිඳ හෙළීමට සමත් වීම විශේෂත්වයක්.

ගාල්ල ඇලෝශියස් විද්‍යාලය වෙනුවෙන් ඊයේ (19) කඩුලු 7ක දස්කමක් දැක් වූ දුල්සත් නිම්විරු අද කඩුලු 5 දස්කමක් ද ප්‍රදර්ශනය කිරීමට සමත් වුනා.

කොළඹ තර්ස්ටන් විද්‍යාලය වෙනුවෙන් විශ්ව ධනංජය කඩුලු 7ක් දවා ගැනීමට සමත් වුනා.

පළමු කොටසේ Tier A තරග

කොළඹ නාලන්ද විද්‍යාලය සහ මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය නාලන්ද විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 19 – 20)

  • කොළඹ නාලන්ද විද්‍යාලය – 103/10 (38) හසිත් රත්නායක 24, බිමාශ් විදුදය 5/46, චාරුක ඒකනායක 2/5& 186/10 (71) සදෙව් සමරසිංහ 51, සහන් ලිත්මිණ 41, තිරස ඒකනායක 3/28, කෙවන් රමික 3/21
  • මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය– 277/10 (5) තිසර ඒකනායක 102, කෞශික කුමාරසිංහ 36, සජිත විතානගේ 2/34, හසිත් රත්නායක 2/38 & 14/0

මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලයට කඩුලු 10ක ජයක්.

කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය

සාන්ත ආනා විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 19 – 20)

  • කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය – 120/10 (47) සනුජ නිඳුවර 46, ඉනුක කරන්නාගොඩ 4/23, දුවිඳු රණතුංග 3/43& 103/10 (42.4) සනුජ නිඳුවර 48, චාමික හීනටිගල 5/36
  • කොළඹ මහානාම විද්‍යාලය– 171/10 (51.4) රශ්මික පෙරේරා 76, ඉනුක කරන්නාගොඩ 48, ගීතික ද සිල්වා 3/35, ශෙහාන් කුමාර 3/40 & 53/1 (14)

කොළඹ මහානාම විද්‍යාලයට කඩුලු 9ක ජයක්.

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය

කදිරන ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 19 – 20)

  • ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය– 299/10 (80.2) තමිඳු ප්‍රදීප්ත 103, නිකිල් ජයවීර 63, රමිරු පෙරේරා 7/93 & 79/1 (18) නිකිල් ජයවීර 52*
  • කොළඹ රාජකීය විද්‍යාලය– 270/10 (114.3) රෙහාන් පීරිස් 95, ඉසුල ගීගනගේ 56,ශැරෝන් අභිශේක් 5/90, මල්ෂ තරුපති 4/62

තරගය ජය පරාජයෙන් තොරයි, රිච්මන්ඩ් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය

ඩී.එස්. සේනානායක විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 19 – 20)

  • ඩී.එස්.සේනානායක විද්‍යාලය– 265/10 (55) මලිත පෙරේරා 92, චනුල් අතලේ 43*, මනුජ චන්තුක 4/69, මලින්ත සිල්වා 4/63 & 118/10 (33.4) ශනල් බිනුක්ශ 23, මලින්ත සිල්වා 8/51
  • මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය– 241/10 (67) විමත් දින්සර 79, තරිඳු ඩිලංක 48, අක්මාල් ෆස්ලි 3/50 & 143/6 (36.4) රයන් දිසානායක 48*, ගවිරු සෙහස් 3/36

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයට කඩුලු 4ක ජයක්.

කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ කඳාන ද මැසනඩ් විද්‍යාලය

මැසනඩ් විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 20  21)

  • කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය– 201/10 (56) දිදුල එශාන් 50, ස්ටීව් අර්ශාන් 39, සවිනු චන්තුල 4/23, කවිඳු කෞශල්‍ය 4/43
  • කඳාන ද මැසනඩ් විද්‍යාලය– 118/6 (40) නිකලෝ ශරෝන් 26*, මෙවන් දිසානායක 2/29

පළමු දිනට තරගය නතර කළා.

කැලණිය ගුරුකුල විද්‍යාලය සහ කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය

යුද හමුදා සිංහ රෙජිමේන්තු ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 20  21)

  • කැලණිය ගුරුකුල විද්‍යාලය– 198/10 (75.1) දෙනුර දිමන්සිත් 51, යෙනුල දෙව්තුස 4/68, ඩේමියන් ද සිල්වා 3/50
  • කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය– 98/1 (22) හිරුන් කපුරුබණ්ඩාර 51

පළමු දිනට තරගය නතර කළා.

පළමු කොටසේ Tier B තරග

කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලය සහ කොළඹ ආනන්ද විද්‍යාලය

බණ්ඩාරගම මහජන ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 19 – 20)

  • කළුතර හෝලි ක්‍රොස් විද්‍යාලය– 228/10 (75.5) හිමරු දේශාන් 71, සොනාල් අවදික 36, අශින්ස නයිනායක 6/67 & 123/10 (53.1) සනුක චෙරාන් 33, අශින්ස නයිනායක 6/31, අයේෂ් ශශිමාල් 3/33
  • කොළඹ ආනන්ද විද්‍යාලය– 186/10 (3) දනිඳු සෙල්ලපෙරුම 45, ආකාශ් දෙව්මිණ 4/29, සොනාල් අවදික 3/35 & 76/5 ඉරුත් ගිම්ශාන් 48, සොනාල් අවදික 3/37

තරගය ජය පරාජයෙන් තොරයි, හෝලි ක්‍රොස් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය සහ කොළඹ ඉසිපතන විද්‍යාලය

BRC ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 19 -20)

  • වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය– 187/10 (51.2)  අමිත සන්දීප 78, විහඟ රශ්මිත 36, තරුශ්ක අශෙල් 4/42, සිතුක ගුණවර්ධන 3/28 & 114/10 (37.2) අමිත සන්දීප 39, තරුශ්ක අශෙල් 4/51
  • කොළඹ ඉසිපතන විද්‍යාලය – 174/10(3) රන්මිත් සෙනරත් 54, රුචිත් රොද්‍රිගෝ 49, අමිත සන්දීප 7/48 & 127/9 (33.4) රුචිත් රොද්‍රිගෝ 49, අමිත සන්දීප 5/40

ඉසිපතන විද්‍යාලයට කඩුලු 3ක ජයක්.

මොරටු මහා විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලය

මොරටු මහා විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 19 – 20)

  • මොරටු මහා විද්‍යාලය– 212/10 (80.4) දෙනෙත් සිතුමිණ 54, කාන්චන නිම්ශාන් 50, නිසල අබේරත්න 3/25, දක්ෂික මනුකල්ප 3/40 & 160/4d (49.2) ඉසුරු ප්‍රනාන්දු 50*, හසිඳු ගිම්සර 51, දක්ෂික මනුකල්ප 2/61
  • මහනුවර ධර්මරාජ විද්‍යාලය– 117/10 (3) ලක්වින් අබේසිංහ 36, විහඟ නිම්සර 4/25 & 93/3 පුලිඳු පෙරේරා 56*

තරගය ජය පරාජයෙන් තොරයි, මොරටු මහා විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

කොළඹ සාන්ත පීතර විද්‍යාලය සහ ගාල්ල සාන්ත ඇලෝශියස් විද්‍යාලය

සාන්ත පීතර විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 19 – 20)

  • කොළඹ සාන්ත පීතර විද්‍යාලය– 100/10 (38.1) විශේන් හැළඹගේ 19, දුල්සත් නිම්විරු 7/37, සෙවිත 2/20 & 45/0 (16) & 235/10 (43.1) විශේන් හැළඹගේ 79, දුල්සත් නිම්විරු 5/89
  • ගාල්ල සාන්ත ඇලෝශියස් විද්‍යාලය– 105/10 (41) කවිඳු කේසර 19, ශෙන්නන් රොද්‍රිගෝ 5/19 & 200/10 (56.3)  චාර්ය පරණවිතාන 80, ශෙන්නන් රොද්‍රිගෝ 4/49, ඉශිර අයුපාල 3/18

සාන්ත පීතර විද්‍යාලයට ලකුණු 30ක ජයක්.

කොළඹ ලුම්බිණි විද්‍යාලය සහ වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය

කටුනායක BOI ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 19 – 20)

  • කොළඹ ලුම්බිණි විද්‍යාලය – 197/10 (58.2) ප්‍රවීන් මනීෂ 50, සහන් කෞශල්‍ය 37, රවීන් සැවියෝ 4/45, ජනිත් ප්‍රනාන්දු 2/35& 62/4 (19) දිනිත ප්‍රභාංක 35, ජනිත් ප්‍රනාන්දු 2/17
  • වෙන්නප්පුව ජෝසප් වාස් විද්‍යාලය– 76/10 (31) ඉසුරු ජයසේකර 18, උශාන් සත්සර 3/13, ප්‍රවීන් මනීෂ 3/22 & 275/10 (f/o) (3) විශ්ව රාජපක්ෂ 67, හන්ස මිහිරංග 36, නබීල් රාජුදීන් 2/14, දිනිත ප්‍රභාංක 2/9

තරගය ජය පරාජයෙන් තොරයි, ලුම්බිණි විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය සහ කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය

සෙබස්තියන් විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 20  21)

  • පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය– 130/10 (34.3) චිත්ම හිරුන්දක 77, තාරුක මනරම් 3/12, නිම්න ප්‍රනාන්දු 3/59 & 11/2 (9)
  • කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය– 176/1 (53.4) මලීෂ නෙත්සර 58, චිතුම් බැද්දගේ 4/33, මෙනුශ පබසර 4/58

පළමු දිනයට තරගය නතර කළා.

කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය

කරන්දෙණිය යුද හමුදා ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 20  21)

  • කොළඹ තර්ස්ටන් විද්‍යාලය– 201/10 (63.5) තනුජ රාජපක්ෂ 52, ශානික්‍ය දේශප්‍රිය 48, ජිතිර සන්සික 4/32
  • අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය– 53/10 (20.5) සෙනිත හැළඹගේ 12, විශ්ව ධනංජය 7/35 & 32/2 (f/o) (13)

පළමු දිනට තරගය නතර කළා.

සාම්ප්‍රදායික දෙදින තරග

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 19 – 20)

  • මහනුවර ත්‍රිත්ව විද්‍යාලය– 64/10 (33.3) තරණ විමලධර්ම 23, යතින්ද්‍ර සිරිවර්ධන 5/19, නාතන් කල්දේරා 5/6 & 58/9 (18.5) තරණ විමලධර්ම 14, නාතන් කල්දේරා 3/15
  • ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය – 236/10 (2) තිසේන් ඇහැලියගොඩ 94, මලිත් රත්නායක 4/52, තරණ විමලධර්ම 4/47

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 114ක ජයක්.

දිනෙන් දින උණුසුම් වන පාසල් ක්‍රිකට් පිටියේ සියලු තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<