“ස්තුතියි මගේ ඉන්ස්ටග්‍රෑම් පවුලට” – විරාත් කෝලි

579
IWMbuzz

ලොව ජනප්‍රියම ක්‍රීඩා අතර තරගය මේ වන විට උණුසුම් ව තිබේ. ප්‍රේක්ෂකයන් ගණනින් ගත්කල ලොව ජනප්‍රියම ක්‍රීඩා අතරින් දෙවැන්න වන ක්‍රිකට් ක්‍රීඩාවේ ජනප්‍රියම ක්‍රීඩකයන් අතර විරාත් කෝලි යනු ප්‍රමුඛයෙකි.

ලොව ජනප්‍රියම ක්‍රීඩාවල ජනප්‍රියත්වය රඳා පැවතීමට ඒවායේ සිටින ජනප්‍රිය ක්‍රීඩකයින් යනු ප්‍රබල සාධකයකි. ඊයේ (7) වාර්තා වූයේ හිටපු ඉන්දීය ක්‍රිකට් නායක, සුපිරි පිතිකරු විරාත් කෝලිගේ ඉන්ස්ටග්‍රෑම් අනුගාමිකයන්ගේ සංඛ්‍යාව මිලියන 200 ඉක්මවූ බවයි. ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍යය මේ වන විට ජනප්‍රියත්වය මනින මිම්මක් බවට පත්ව ඇත.

ඉන්දියාවේ මේ වන විට වැඩිම ඉන්ස්ටග්‍රෑම් අනුගාමිකයන් සහිත පෞද්ගලික ගිණුමේ හිමිකරුවා විරාත් කෝලි ය.

මිලියන 200කින් ශක්තිමත්. ස්තුතියි මගේ ඉන්ස්ටග්‍රෑම් පවුලට” විරාත් ඔහුගේ ගිණුමේ එසේ සටහනක් තබා තිබුණි.

ලොව ජනප්‍රියම ක්‍රීඩාව වන පාපන්දු ක්‍රීඩාවේ ජනප්‍රියම ක්‍රීඩකයන් ලෙස ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ ලියොනල් මෙසීගේ ඉන්ස්ටග්‍රෑම් අනුගාමික සටන තවමත් වේගයෙන් ඉදිරියට යමින් තිබේ. රොනාල්ඩෝගේ ඉන්ස්ටග්‍රෑම් අනුගාමිකයන් ගණන මිලියන 451කට වැඩි ය. මෙසීට අනුගාමිකයන් මිලියන 334ක් සිටියි. ඔවුන් අතරට ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස යමින් සිටින්නේ විරාත් කෝලි ය.

ප්‍රේක්ෂකයන් ගණනින් ලොව දෙවැනි ජනප්‍රියම ක්‍රීඩාව බවට පත්වුවත්, ක්‍රිකට් ක්‍රීඩාව ලොව සෑම කලාපයකම ජනප්‍රිය වන්නට නම් විරාත් කෝලි වැනි අවබෝධය සහිත ජනප්‍රිය ක්‍රීඩකයන් බිහි වීම අතිශයින් වැදගත් ය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<