සිල්වෙස්තර ක්‍රීඩකයෝ කන්නංගරයින් බිංදුවටම මෙල්ල කරති

733

2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩයේ අවසන් සතියේ තරගයක් අද (31) සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණේ සත්කාරක සී. ඩබ්. ඩබ්. කන්නංගර විදුහල හා මහනුවර සාන්ත සිල්වෙස්තර විදුහල අතරයි. එහි දී කන්නංගර ක්‍රීඩකයින් අන්ත අසරණ කරමින් ලකුණු 47-00ක් ලෙස දැවැන්ත සහ පහසු ජයග්‍රහණයක් ලබා ගන්නට මහනුවර ක්‍රීඩකයින් සමත් විය.

අපරාජිතයින්ගේ සටනින් ඉසිපතනය පරාජය වෙයි

ලකුණු 18-17ක් ලෙස ඉතාමත් තියුණු අවසානයක් සමඟින් නිමාව දුටු, මරදාන සාන්ත ජෝසප් සහ..

තරගයේ 3 වැනි විනාඩියේ දී වේගවත් ධාවනයක නිරත වූ ඒ. උදයකාන්ත මධුභාතිය කන්නංගර ආරක්ෂාව බිඳ හෙළමින් ප්‍රථම උත්සාහක දිනුම වාර්තා කළ ද, ඔහුට එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට නොහැකි විය. (සාන්ත සිල්වෙස්තර 05-00 සී. ඩබ්. ඩබ් කන්නංගර)

තරගයේ වේගය මනාව පවත්වා ගෙන යාමට සිල්වෙස්තරයින් වග බලා ගත් අතර කන්නංගර ක්‍රීඩකයින්ට කිසිදු ඉඩහසරක් ලබා නොදී ඔවුන් ක්‍රීඩා කරනු දක්නට ලැබුණි. එස්. එම්. වර්ණසූරිය සිල්වෙස්තරයින් වෙනුවෙන් ධවල රේඛාව පසුකර ගියේ ඔවුන්ගේ දෙවැනි උත්සාහක දිනුම වාර්තා කරමිනි. ජී. එම්. බණ්ඩාර අතිරේක ලකුණු එකතු කරන්නට සමත් විය. (සාන්ත සිල්වෙස්තර 12-00 සී ඩබ්. ඩබ්. කන්නංගර)

රග්’B’ කාණ්ඩයේ උඩට එන්න ඕන මෙන්න මෙහෙමයි

“වෙහෙසකර සති 4කට පස්සේ B කාණ්ඩයෙන් Plate Championship එකට (පලඟ ශූරතාවයට)..

කණ්ඩායමේ වේගය ද රිද්මය ද මනා ලෙස හඳුනා ගනිමින් සිල්වෙස්තර පසුපෙළ තරගයේ ආක්‍රමණය සියතට ගන්නා විට මධුභාතිය සිය දෙවැනි උත්සාහක දිනුම වාර්තා කළේය. එහි ප්‍රවර්තනය ද සාර්ථක කරගැනීමට බණ්ඩාර සමත් විය. (සාන්ත සිල්වෙස්තර 19-00 සී ඩබ්. ඩබ්. කන්නංගර)

සත්කාරකයින් පසුබසිද්දී ඔවුන් මතට තවතවත් පීඩනය එල්ල කළ සිල්වෙස්තරයින් තම ඉදිරිපෙළ පසුපෙළ සංයුතිය හොඳින් ප්‍රයෝජනයට ගන්නා අතරතුර මධුභාතිය සිය තෙවැනි උත්සාහක දිනුම ද වාර්තා කළේ ප්‍රේක්ෂක ඔල්වරසන් මධ්‍යයේය. බණ්ඩාර අතිරේක ලකුණු එකතු කළේය. (සාන්ත සිල්වෙස්තර 26-00 සී. ඩබ්. ඩබ්. කන්නංගර)

සිල්වෙස්තර ප්‍රහාරයෙන් කන්නංගරයින් මෙල්ල වූ ආකාරයක් පෙන්නුම් කළ අතර ඔවුන් කොතෙක් උත්සහ කළ ද ඔවුන්ට සිල්වෙස්තරයින්ගෙන් පන්දුව සොරා ගැනීමට නොහැකි විය.

තරගයේ 30 වැනි විනාඩියේ දී කන්නංගර පසුපෙළ ආරක්ෂාව විනිවිද යෑමට සමත් වූ එන්. කේ. ආරියවංස එම අවස්ථාවෙන් මනා ප්‍රයෝජන ගෙන උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය ද සාර්ථක විය. (සාන්ත සිල්වෙස්තර 33-00 සී. ඩබ්. ඩබ්. කන්නංගර)

ප්‍රථම අර්ධය – සී. ඩබ්. ඩබ්.  කන්නංගර විදුහල 00 – 33 සාන්ත සිල්වෙස්තර විදුහල

දෙවන අර්ධය ආරම්භ වූ මොහොතේ පටන් කන්නංගරයින් තරගයට අවතීර්ණ වන ආකාරයක් පෙන්නුම් කළ ද සිල්වෙස්තරයින් තමන්ගේ ඉදිරිපෙළේ ශක්තිය විදහා පාමින් ඩී. බී. සමරසේකර තවත් උත්සාහක දිනුම වාර්තා කළේය. එහි ප්‍රවර්තනය බණ්ඩාර විසින් සාර්ථක කරගන්නා ලදි. (සාන්ත සිල්වෙස්තර 40-00 සී. ඩබ්. ඩබ්. කන්නංගර)

හතරවැනි සතියේ B කාණ්ඩයේ වුනේ මොකද්ද?

2019 අන්තර් පාසල් සිංගර් ලීග් රග්බි තරගාවලියේ B කාණ්ඩයෙන් තරග වදින පාසල් අතර පසුගිය..

කන්නන්ගර ක්‍රීඩකයින්ට මහත් හිසරදයක් වූ ආරියවංස තම වේගය මනාව හසුරවමින් ප්‍රතිවාදී ක්‍රීඩකයින් පෙරළා ඉදිරියට ඇදෙමින් පහසු උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනයත් සාර්ථක කරගනිමින් තරගය පුරාවට කැපී පෙනෙන ලෙස දක්ෂතා ප්‍රකට කළ බණ්ඩාර තරගය අවසානයේ දී ඔහුට ලැබුණු ප්‍රවර්තන 7න් 6ක්ම සාර්ථක කර ගැනීමට සමත් විය.

කෙසේ නමුත් නියමිත කාලය අවසානයේ සත්කාරකයින්ට කිසිදු ලකුණක පහස විඳීමට ඉඩ ලබා නොදුන් ආගන්තුකයින් 47-00ක් ලෙස තරගය ජයග්‍රහණය කරන්නට සමත් විය.  

අවසන් ලකුණු තත්ත්වය – සාන්ත සිල්වෙස්තර විදුහල (7T, 6C) 47 – 00 සාන්ත ජෝසප් විදුහල

ThePapare.com තරගයේ වීරයා – උදයකාන්ත මදුභාතිය (SSCK)

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ:

සාන්ත සිල්වෙස්තර විදුහල

  • උත්සාහක දිනුම් – උදයකාන්ත මදුභාතිය 3, එන්. කේ. ආරියවංස 2, ඩී. බී. සමරසේකර 1, එස්. එම්. වර්ණසූරිය 1.
  • ප්‍රවර්තන – ජී. එම්. බණ්ඩාර 6

>> රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<