ලහිරු සහ සජිත අතර තියුණු සටනක්!

U19 Division 1 School Cricket Tournament 2023/24

76
U19 Division 1 School Cricket Tournament 2023/24

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (14) අවසන් වුනා.

මෙම තරග අතුරින් පූර්ණ ජයක් කරා යාමට හැකියාව ලැබුණේ මහනුවර ධර්මරාජ විද්‍යාලයට පමණයි. කෙසේ වෙතත් මෙම තරගවල දී ද ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ම කැපී පෙනෙන දක්ෂතා අතරට පිවිසීමට සමත් වීම විශේෂත්වයක්.

කොළඹ මහානාම විද්‍යාලය වෙනුවෙන් ඉනුක කරන්නාගොඩ කඩුලු 5 දස්කමක් දක්වද්දී, කඳාන ද මැසනඩ් විද්‍යාලය වෙනුවෙන් කවිඳු කෞශල්‍ය ද කඩුලු 5 දස්කමක් දැක්වීමට සමත් වුනා.

කුරුණෑගල මලියදේව විද්‍යාලය වෙනුවෙන් ගයන වීරසිංහ ලකුණු 153ක් ලබා ගැනීමට සමත් වුනා. පන්දු 195ක් තුළ දියත් වූ මෙම ඉනිමට හතරේ පහර 17ක් සහ එක් හයේ පහරක් එක් කර ගැනීමට ගයනට හැකි වුනා.

කොළඹ නාලන්දා විද්‍යාලය සහ කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය අතර පැවැත්වුණු තරගයේ දී ජෝසප් පළමු ඉනිමේ කඩුලු 8ක් සමඟ සමස්ත තරගයේ කඩුලු 10ක් දවා ගැනීමට නාලන්දා නායක සජිත විතානගේ විසින් සමත් වූ අතර, ඔහුට නොදෙවෙනි දක්ෂතාවක් දැක්වූ ජෝසප් විද්‍යාලයීය නායක ලහිරු අමරසේකර නාලන්දා පළමු ඉනිමේ කඩුලු 8ක් දවා ගැනීමට සමත් වුනා.

පළමු කොටසේ Tier A තරග

කොළඹ මහානාම විද්‍යාලය සහ කඳාන ද මැසනඩ් විද්‍යාලය

රත්මලාන වාරිමාර්ග ක්‍රීඩාංගණයේ දී (මාර්තු 13 – 14)

  • කඳාන ද මැසනඩ් විද්‍යාලය – 148/10 (54.3) නිකලෝ ශරෝන් 58, ඉනුක කරන්නාගොඩ 5/32, කූජන පෙරේරා 3/17 & 178/6 (58) නිකලෝ ශැරෝන් 72, රශ්මික පෙරේරා 3/57
  • කොළඹ මහානාම විද්‍යාලය – 267/10 (85.5) ගිමන්ත දිසානායක 68, දුවිඳු රණතුංග 51, කවිඳු කෞශල්‍ය 5/78

තරගය ජය පරාජයෙන් තොරයි, කොළඹ මහානාම විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

කුරුණෑගල මලියදේව විද්‍යාලය සහ කැලණිය ගුරුකුල විද්‍යාලය

මලියදේව විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (මාර්තු 13 – 14)

  • කුරුණෑගල මලියදේව විද්‍යාලය – 340/9d (100) ගයන වීරසිංහ 153, සත්සර බණ්ඩාර 53, තත්සර එශාන් 3/45 & 112/3 (16) විනුක ගලප්පත්ති 40*
  • කැලණිය ගුරුකුල විද්‍යාලය – 265/10 (77.1) ජනිත් මිහිරංග 63, දහම් විමුක්ති 35, විනුක ගලප්පත්ති 3/16

තරගය ජය පරාජයෙන් තොරයි, මලියදේව විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සහ කොළඹ නාලන්දා විද්‍යාලය

නාලන්දා විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (මාර්තු 13 – 14)

  • කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය – 204/10 (68.3) අවීශ සමාශ් 46, සෙනුජ වකුණුගොඩ 40, සජිත විතානගේ 8/48 & 116/6 (39) රිශ්ම අමරසිංහ 33, මිනෝද් කල්දේරා 3/64
  • කොළඹ නාලන්දා විද්‍යාලය – 215/10 (95.3) සදෙව් සමරසිංහ 76, මනුප මන්මිත 75, ලහිරු අමරසේකර 8/51

තරගය ජය පරාජයෙන් තොරයි, නාලන්දා විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

පළමු කොටසේ Tier B තරග

වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලය

සාන්ත අන්තෝනි විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (මාර්තු 13 – 14)

  • වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය – 87/10 (32.2) චමෝද් සන්දීප 36, දක්ෂික මනුකල්ප 5/29 & 162/10 (53.5) මදුර භාශිත 38*, ලක්වින් අබේසිංහ 6/15
  • මහනුවර ධර්මරාජ විද්‍යාලය – 255/10 (71.3) ලක්වින් අබේසිංහ 90, ඔනජිත් ද සිල්වා 75, අමිත සන්දීප 6/70

මහනුවර ධර්මරාජ විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 6ක ජයක්.

රත්ගම දේවපතිරාජ විද්‍යාලය සහ මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය

අඹේපුස්ස යුද හමුදා සිංහ රෙජිමේන්තු ක්‍රීඩාංගණයේ දී (මාර්තු 13 – 14)

  • රත්ගම දේවපතිරාජ විද්‍යාලය – 138/10 (68.1) ගිම්හාන් රසාංජන 33, පුන්සිත් බණ්ඩාර 4/44, නිමේෂ සිල්වා 3/23 & 294/6 (80) අරෝශ සිතුමිණ 97, යසිරු ලක්ෂාන් 46, අකිල වික්‍රමසිංහ 4/69
  • මහනුවර සිල්වෙස්තර විද්‍යාලය – 223/10 (54.3) අකිල වික්‍රමසිංහ 62*, ආදිත්‍ය වඩුගේ 55, සඳරු මල්ෂාන් 3/75

තරගය ජය පරාජයෙන් තොරයි, සිල්වෙස්තර විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

මේ අතර තවත් තරග කිහිපයක් ම අද දිනයේ දී ද ආරම්භ වුනා. හෙටින් (15) අවසන් වීමට නියමිත එම තරග සියල්ලේ තොරතුරු ද සමඟින් හෙටත් හමුවෙමු.

දිනෙන් දින උණුසුම් වන පාසල් ක්‍රිකට් පිටියේ සියලු තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<