වර්ෂාව මධ්‍යයේ අන්තර් සමාජ තුන්දින තරග ඇරඹෙයි

අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලිය 2023

235

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන අන්තර් සමාජ තුන්දින ක්‍රිකට් තරගාවලියේ තරග කිහිපයක් අද (22) ආරම්භ වුනා. 

අද දිනයේ තරග දහයක් ආරම්භ වීමට සැලසුම් කර තිබූ නමුත් ක්‍රීඩාංගණ අවට ඇති වූ අයහපත් කාලගුණ තත්වය නිසා තරග රැසක් පළමු දිනය ක්‍රීඩා කිරීමෙන් තොරවම අවසන් කිරීමට සිදු වුනා. 

මීගමුව ක්‍රිකට් සමාජ ක්‍රීඩකයින්ගේ පන්දු යැවීම හමුවේ Kandy Customs පළමු ඉනිම ලකුණු 117කට සීමා වූ අතර Kandy Customs වෙනුවෙන් සහන් කෝසල ලකුණු 51ක් සහ සමීන් කඳෙනේආරච්චි ලකුණු 34ක් රැස් කළා. 

පන්දු යැවීමේ දී මීගමුව වෙනුවෙන් චරණ ප්‍රනාන්දු ලකුණු 28කට කඩුලු තුනක් සහ නිශාන් පීරිස් ලකුණු 24කට කඩුලු තුනක් දවා ගත්තා. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මීගමුව ක්‍රීඩකයින්ට එරෙහිව බුද්ධික සංජීව (27/3) සහ ගයාන් සිරිසෝම (24/2) සිදු කළ අගනා පන්දු යැවීම නිසා දිනය අවසන් වන විට මීගමුව කණ්ඩායම කඩුලු පහක් දැවී ලකුණු 85ක් රැස් කර සිටියා. 

දිනයේ පැවති අනෙක් තරගයේ පළමු දිනය අවසන් වන විට ගාල්ල ක්‍රිකට් සමාජයට එරෙහිව කඩුලු තුනක් දැවී ලකුණු 174ක් ලබා ගැනීමට BRC ක්‍රීඩකයින්ට හැකි වුනා. 

BRC වෙනුවෙන් නොදැවී ක්‍රීඩා කරන දුලාශ් උදයංග ලකුණු 48ක්, රිසිර වීරසූරිය ලකුණු 30ක් ලබා ගැනීමට සමත්ව තිබූ අතර ඔවුන්ට අමතරව ලියෝ ෆ්‍රැන්සිස්කෝ ලකුණු 39ක් සහ අභිෂේක් රාමන් ලකුණු 38ක් රැස් කළා.  

දිනයේ කෙටි ලකුණු පුවරුව, 

Kandy Customs Cricket Club සහ Negombo Cricket Club  

  • Kandy Customs CC – 117/10 (34): සහන් කෝසල 51, සමීන් කඳෙනේආරච්චි 34, චරණ ප්‍රනාන්දු 3/28, නිශාන් පීරිස් 3/24. 
  • Negombo CC – 85/5 (34): Jatin Sahay 16, බුද්ධික සංජීව 3/27, ගයාන් සිරිසෝම 2/24. 

Burgher Recreation Club සහ Galle Cricket Club 

  • Burgher Recreation Club – 174/3 (56): දුලාශ් උදයංග 48*, ලියෝ ෆ්‍රැන්සිස්කෝ 39, අභිෂේක් රාමන් 39, රිසිර වීරසූරිය 30*. 

තරගාවලියේ සියලු තොරතුරු ඇතුළු දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ සියලු පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<