නාලන්දාවට පළමු ඉනිමේ ජයක්

U19 Division 1 School Cricket Tournament 2023/24

71
U19 Division 1 School Cricket Tournament 2023/24

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග ද්විත්වයක් ඊයේ (10) සහ අද (11) අවසන් වුනා.

කටුනේරිය සාන්ත සෙබස්තියන් සහ මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය අතර ඊයේ නිමා වූ තරගයෙන් ජයග්‍රහණයක් ලබා ගැනීමට සෙබස්තියන් විද්‍යාලය විසින් සමත් වූ අතර, කොළඹ ඩී.එස්.සේනානායක සහ කොළඹ නාලන්දා විද්‍යාල අතර අද අවසන් වූ තරගයෙන් පළමු ඉනිමේ ජයක් ලැබීමට නාලන්දා ක්‍රීඩකයින් විසින් සමත් වුනා.

මෙම තරගවල දී,

කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය වෙනුවෙන් මහීෂ සිතුම් අර්ධ ශතකයක් සහ කඩුලු 4ක් දවා ගනිමින් දස්කම් ප්‍රදර්ශනය කරනා අතරේ තාරුක මනරම් කඩුලු 6 දස්කමක් ප්‍රදර්ශනය කළා. මේ අතර මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය වෙනුවෙන් නිමේෂ සිල්වා ඉනිම් දෙකේ දී ම කඩුලු 5 දක්ෂතා ප්‍රදර්ශනය කළා.

කොළඹ නාලන්දා විද්‍යාලය වෙනුවෙන් ඔසඳ පමුදිත කඩුලු 5 දස්කමක් ප්‍රදර්ශනය කළා.

පළමු කොටසේ Tier A තරග

කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලය සහ කොළඹ නාලන්දා විද්‍යාලය

නාලන්දා විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 10  11)

  • ඩී.එස්.සේනානායක විද්‍යාලය– 175/10 (46.2) දෙහෙම් නිර්මාල් 63, ඔසඳ පමුදිත 5/36 & 260/8d (64) මලිත පෙරේරා 55, අක්මාල් ෆස්ලි 53*, සදෙව් සමරසිංහ 3/51
  • නාලන්දා විද්‍යාලය– 195/10 (63.3) මනුප මන්මිත 45, හසිත් රත්නායක 36, ශනල් බිනුක්ශ 3/36, චෙනුක පීරිස් 3/40 & 100/1 (25) මිනෙව් පරණවිතාන 51*

තරගය ජය පරාජයෙන් තොරයි, කොළඹ නාලන්දා විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

පළමු කොටසේ Tier B තරග

කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය සහ මහනුවර සිල්වෙස්තර විද්‍යාලය

සෙබස්තියන් විද්‍යාල ක්‍රීඩාංගණයේ දී (පෙබරවාරි 09  10)

  • කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය– 162/10 (45.5) මෙනුර ආකර්ෂණ 70, නිමේෂ සිල්වා 5/36, අරුශ ජයසිංහ 3/32 & 200/8d (52.4) මහීෂ සිතුම් 80, නිමේෂ සිල්වා 5/84
  • මහනුවර සිල්වෙස්තර විද්‍යාලය– 113/10 (45.4) යෝශිත උඩහකොටුව 38, දිනිඳු ඩිලාන් 4/16, මහීෂ සිතුම් 4/17 & 184/10 (46) කාශ්‍යප දිසානායක 76, තාරුක මනරම් 6/68, නිම්න ප්‍රනාන්දු 3/36

කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලයට ලකුණු 65ක ජයක්.

දිනෙන් දින උණුසුම් වන පාසල් ක්‍රිකට් පිටියේ සියලු තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<