නවිඳුගේ නායකත්වයේ ඉනිම තර්ස්ටන් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් ලබා දෙයි!

U19 Division 1 Schools Cricket Tournament 2023/24

185
U19 Division 1 Schools Cricket Tournament 2023/24

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් සාම්ප්‍රදායික තරග ද්විත්වයක් අද (10) දිනයේ දී අවසන් වුනා.

මෙම තරගවල දී ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය විසින් පළමු ඉනිමේ ජයග්‍රහණ වාර්තා කළා.

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය

මෙම තරගයේ පළමු ඉනිම දියත් කළ තෝමසුවන් විසින් ලබා ගත් ලකුණු 217ට පිළිතුරු ලෙස මහින්ද විද්‍යාලය සිය පළමු ඉනිමට ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 197ක් පමණයි.

එහි දී දුල්සිත් දර්ශන ලකුණු 52කින් මහින්ද ඉනිම ශක්තිමත් කළා. එමෙන්ම ආකාශ් ප්‍රනාන්දු, නාතන් කල්දේරා සහ යතින්ද්‍ර එන්. සිරිවර්ධන විසින් තෝමසුවන් වෙනුවෙන් පන්දු යැවීමෙන් කඩුලු දෙක බැගින් බිඳ හෙළීමට සමත් වුනා.

  • ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය – 217/10 (74.3) දිනෙත් ගුණවර්ධන 62, අන්ශෙන් ද සිල්වා 39, කවීන් රුක්ශාන් 4/51, අරෝශ උදයංග 3/39 & 37/1 (5) මහිත් පෙරේරා 23
  • ගාල්ල මහින්ද විද්‍යාලය – 197/10 (86.1) දුල්සිත් දර්ශන 52, තරුශ ඩිල්ශාන් 27, නාතන් කල්දේරා 2/29, ආකාශ් ප්‍රනාන්දු 2/27

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලය සහ කොළඹ තර්ස්ටන් විද්‍යාලය

මාරිස් ස්ටෙලා විද්‍යාලය විසින් ඊයේ (09) සිය පළමු ඉනිම වෙනුවෙන් වාර්තා කළ ලකුණු 163ට පිළිතුරු ලෙස තර්ස්ටන් පිතිකරුවන් විසින් අද දිනයේ දී සිය පළමු ඉනිම සඳහා ලකුණු 213ක් එක් කිරීමට සමත් වුනා.

මෙහි දී තර්ස්ටන් ඉනිම වෙනුවෙන් නායක නවිඳු ප්‍රනාන්දුගේ පිත්තෙන් විශිෂ්ට ශතකයක් (ලකුණු 111ක්) වාර්තා වුනා.

ඉන් පසුව සිය දෙවන ඉනිම ආරම්භ කළ මාරිස් ස්ටෙලා පිතිකරුවන් අද දිනය අවසන් වන තෙක් පිතිකරණයේ යෙදෙමින් සිය ලකුණු පුවරුව ලකුණු 260ක් දක්වා ඉහළට එසවූවා.

මෙහි දී මාරිස් ස්ටෙලා විද්‍යාලය වෙනුවෙන් රමිත් බණ්ඩාර සහ යොහාන් ආලෝක විසින් අර්ධ ශතක වාර්තා කළා.

  • මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලය – 163/10 (46.4) ලෙවින් ප්‍රනාන්දු 60, සෙත්රු ප්‍රනාන්දු 6/42, තනුග පලිහවඩන 2/57 & 260/8 (52) රමිත් බණ්ඩාර 55, යොහාන් ආලෝක 51, යොවුන් සිල්ප 2/45, තනුග පලිහවඩන 2/60
  • කොළඹ තර්ස්ටන් විද්‍යාලය – 213/10 (61.4) නවිඳු ප්‍රනාන්දු 111, හසිඳු පෙරේරා 2/37, ඕශද ගිම්හාන 2/32

කොළඹ තර්ස්ටන් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.

දිනෙන් දින උණුසුම් වන පාසල් ක්‍රිකට් පිටියේ තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<