ශ්‍රී ලංකාව සහ බෲනායි දේශය අතර පැවැත්වුණ තරග දෙකකින් සමන්විත සුහද පාපන්දු තරගාවලියේ දෙවැනි තරගයෙන් ද ගෝල 1-0ක ජයක් වාර්තා කිරීමට බෲනායි දේශය ඊයේ (11) සමත් වුනා.
දෙරට අතර පැවැත්වුණු පළමු තරගයෙන් ද බෲනායි දේශයට ගෝල 1-0ක ජයග්‍රහණයක් හිමි වූ අතර, ඊයේ තරගයේ පළමු අර්ධයේ දී බෲනායි නායක Muhd Azwan විසින් තරගයේ වාර්තා වූ පළමු සහ එකම ගෝලය වාර්තා කරමින් තරගයේ වාසිය තමන් වෙතට හරවා ගැනීමට සමත් වුනා.
- ශ්‍රී ලංකාව සහ බෲනායි අතර පාපන්දු තරගාවලියක්
- ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට උසස් වීමක්
- කසකස්තානයට එරෙහිව පහසු ජයක් ලැබූ ශ්‍රී ලංකාවට ශූරතාව!
- මහනුවර ආධිපත්‍යය බිඳ දැමූ CR & FC වසර 26කට පසුව රග්බි කිරුළ දිනයි!
තරගයේ දෙවැනි අර්ධයේ දී (61 වැනි මිනිත්තුවේ දී) තරගයේ ලද දෙවැනි කහ කාඩ් පතත් සමඟින් බෲනායි ක්‍රීඩක Indera Putera විසින් තරගයෙන් ඉවත් කෙරුණු අතර, ඒ මොහොතේ පටන් බෲනායි කණ්ඩායමට ක්‍රීඩකයින් දස දෙනෙකුගෙන් පමණක් ක්‍රීඩාවේ යෙදීමට සිදු වුනා. නමුත් ශ්‍රී ලංකාවට එහි වාසිය ද තමා වෙතට හරවා ගැනීමට හැකියාවක් නොලැබුණු අතර, තරගයේ ජයග්‍රහණය බෲනායි වෙතට හිමි වුනා.
දේශීය පාපන්දු පිටියේ උණුසුම නිරන්තරයෙන් ම ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<