Usain Boltගේ ලෝක වාර්තාවක් 17 යෞවනයෙකුට

199

ජැමෙයිකානු මලල ක්‍රීඩක Usain Bolt විසින් පිහිටුවා තිබූ වසර 18ක් පැරණි වයස අවුරුදු 18න් පහළ මීටර් 200 ලෝක වාර්තාව බිඳ හෙළීමට ඇමරිකානු යොවුන් ක්‍රීඩක Erriyon Knighton පසුගිය දා සමත් වුනා.

තවමත් 17 වැනි වියේ පසුවන Erriyon Knighton ඇමරිකාවේ පැවති තරගාවලියක දී මීටර් 200 ඉසව්ව තත්පර 20.11ක කාලයකින් අවසන් කරමින් බිඳ හෙළීමට සමත්වුනේ Bolt විසින් 2003 වසරේ දී තත්පර 20.13ක කාලයකින් ඉසව්ව අවසන් කරමින් පිහිටුවා තිබූ ලෝක වාර්තාවයි.

එම දස්කමත් සමඟින් මීටර් 200 ඉසව්ව ජයග්‍රහණය කිරීමට ඔහු සමත් වූ අතර එහි දී ඇමරිකානු ප්‍රබල කෙටිදුර ධාවකයෙකු වන Trayvon Bromell පරාජය වීම ද කැපී පෙනුණා.

තවත් ක්‍රීඩා පුවත්:

එමෙන්ම මීටර් 100 ඉසව්වේ ද කැපී පෙනෙන දස්කම් දක්වන Erriyon Knighton මීට පෙර පැවති තරගයක දී එම ඉසව්ව තත්පර 10.16ක කාලයකින් අවසන් කිරීමට සමත් වූ අතර එම කාලය එම ඉසව්වේ ලෝක වාර්තාවට වඩා තත්පර 0.01ක වැඩි කාලයක් විය (ලෝක වාර්තාව – 10.15).

ඉතා ළාබාල වියේ සිටම කෙටිදුර ධාවනයේ ඉහළ දස්කම් දැක්වීමට සමත්ව ඇති Erriyon Knighton විසින් අනාගතයේ දී කෙටිදුර ධාවන පිටියේ වාර්තා රැසක් බිඳ හෙළනු ඇතැයි බොහෝ දෙනා මත පළකර සිටිනවා.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<