මලියදේව පිතිකරණය රිච්මන්ඩ් ක්‍රීඩකයන් රිදවයි

129

මහා ක්‍රිකට් තරග උණුසුම ආරම්භ වීමත් සමඟ වයස අවුරුදු 19න් පහළ සිංගර් කුසලාන තරගාවලියේ තරග කිහිපයක්ම අද (23) දිනත් දිවයිනේ විවිධ ප්‍රදේශවල පැවැත්විය.

සාන්ත පීතරයින් සටන අත්නොහරී

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් සුහද කාණ්ඩයේ තරග කිහිපයක් හා එක් අර්ධ අවසන් පූර්ව වටයේ තරගයක් අද (21) පැවැත්විය.

කඳාන ද මැසිනොද් විද්‍යාලය හා කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය

සාන්ත ආනා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගය කාසියේ වාසිය දිනා ගත් ද මැසිනොද් ක්‍රීඩකයන් ප්‍රථමයෙන්ම පන්දුවට පහර දීමට තීරණය කරන ලදි. මෙහි දී මැසිනොද් ක්‍රීඩකයන් ප්‍රථම ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 145ක් ලබා ගන්නා ලදි. මැසිනොද් විද්‍යාලය වෙනුවෙන් නිම්න ප්‍රනාන්දු ලකුණු 44ක් ලබා ගත් අතර පන්දු යැවීමේ දී කවිඳු  අංජන කඩුලු 4ක් බිඳ හෙළන ලදි.

තම ප්‍රථම ඉනිම සඳහා පිටියට පිවිසි සාන්ත ආනා ක්‍රීඩකයන් දිනය නිමා වන විට කඩුලු 9ක් දැවී ලකුණු 87ක් රැස්කරගෙන ඉතාමත් අසීරු තත්වයකට පත්ව සිටි. මැසිනොද් විද්‍යාලය වෙනුවෙන් රෝමල් ප්‍රනාන්දු කඩුලු 5ක් දවා ගන්නා ලදි.

ද මැසිනොද් විද්‍යාලය – 145 (41.2) නිම්න ප්‍රනාන්දු 44, ලෙස්ටර් ජයවීර 24, සාලිය ජූඩ් 22, නදුන් දිල්ෂාන් 21, කවිඳු අංජන 4/37, පසිදු තෙන්නකෝන් 2/29

සාන්ත ආනා විද්‍යාලය – 87/9 (51) ලසිත් වර්ණකුලසූරිය 14, රෝමාල් ප්‍රනාන්දු 5/30

මහින්ද ක්‍රීඩකයෝ තරගය උඩු යටිකුරු කරමින් මීළඟ වටයට

පාසල් මහා ක්‍රිකට් සංග්‍රාම උණුසුම ක්‍රමයෙන් ඇරඹෙන අද දිනයේ දීත් පාසල් ක්‍රිකට් පිටිය තවදුරටත් උණුසුම් කරමින් සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල්…

මාතර සාන්ත තෝමස් විද්‍යාලය හා කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය

ඊයේ දිනට තරගය නතර කරන විට සෙබස්තියන් ක්‍රීඩකයන් සියලු දෙනා දැවී ලකුණු 82ක් රැස්කර ගැනීමට හැකි වුනේ තෝමසුවන්ගේ අතිදක්ෂ පන්දු යැවීම හමුවේය. උයන්වත්ත ක්‍රීඩාංගණයේ දෙවන දිනට පැවැත්වෙන මෙම තරගය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටින සාන්ත තෝමස් ක්‍රීඩකයන් කඩුලු 6ක් දැවී ලකුණු 66ක් ලබා තිබිය දී ඉනිමක අත්හිටු වන ලදි.

ජයග්‍රහණය සඳහා ලකුණු 241 ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි සෙබස්තියන් ක්‍රීඩකයන් කඩුලු 6ක් දැවී ලකුණු 71ක් ලබා සිටිය දී දිනය නිමාවට පත්විය. පිතිකරණයේ දී ජොනතන් ප්‍රනාන්දු නොදැවී ලකුණු  25ක් ලබා ගන්නා ලදි.

සාන්ත තෝමස් විද්‍යාලය – 256 (94.3) චාමික රණසිංහ 74, හරිඳු ජයසේකර 55, ගිෂන්තික ජයවීර 24, සචිර රශ්මික 21, දිෂන් ප්‍රමෝද් 3/59, අශේන් වීරසිංහ 2/13, උදාර ප්‍රනාන්දු 2/36

සාන්ත සෙබස්තියන් විද්‍යාලය – 82 (38.4) සිනෙත් ඉෂාර 4/16, කවිඳු රිද්මාල් 4/23, සචිර රශ්මික 2/13

සාන්ත තෝමස් විද්‍යාලය – 66/6d (27.4) ගිෂන්තික ජයවීර 24*, නිපුන් රුස්හිර 20

සාන්ත සෙබස්තියන් විද්‍යාලය – 71/6 (37) ජොනතන් ප්‍රනාන්දු 25*, සචිර රශ්මික 2/14,  කවිඳු රිද්මා 2/16, සිනෙත් සිතාර2/19

බවන්ත සහ අංජු ඉසිපතනය පාලනය කරයි

පාසල් ක්‍රිකට් පිටියට බිග් මැච් වසන්තය කැන්ඳමින් අද (22) කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ තර්ස්ටන් – ඉසිපතන විද්‍යාලාන්තර 56 වැනි සහෝදර සංග්‍රාමයේ…

කුරුණෑගල මලියදේව විද්‍යාලය හා ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය

හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගය ප්‍රථම ඉනිම වෙනුවෙන් මලියදේව ක්‍රීඩකයන් කඩුලු 9කට ලකුණු 340ක් රැස්කරනු ලැබුවේ රිච්මන්ඩ් ක්‍රීඩකයන් අමාරුවේ දමමින්ය.

ප්‍රථම ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි රිච්මන්ඩ් ක්‍රීඩකයන් සියලු දෙනා දැවී ලකුණු 295ක් රැස් කරගන්නා ලදි. මෙහි දී රිච්මන්ඩ් ක්‍රීඩකයන් වෙනුවෙන් ආදිත්‍ය සිරිවර්ධන  අගනා ලකුණු 90ක් රැස්කරන ලදි. පන්දු යැවීමේ දී විදත් බටපොල කඩුලු 4ක් දවා ගන්නා ලදි.

තම දෙවන ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි මලියදේව ක්‍රීඩකයන් කඩුලු දෙකක් දැවී ලකුණු 144ක් ලබා සිටිය දී දිනය නිමාවට පත්විය. මලියදේව විද්‍යාලය වෙනුවෙන් සුපුන් සුමනරත්න අර්ධ ශතකයක් වාර්තා කරන ලදි.

මලියදේව විද්‍යාලය -340/9d (105.3) මුදිත ප්‍රේමදාස 153, බ්‍රයන් කරුණානායක 41,සුපුන් සුමනරත්න 32, නිසන්ජය හෙට්ටිආරච්චි 31, අමේෂ් තෙන්නකෝන් 22, දිලුම් සුදීර 3/70, අම්ෂි ද සිල්වා 2/50, සඳුන් මෙන්ඩිස් 2/74

රිච්මන්ඩ් විද්‍යාලය – 295 (77.5) ආදිත්‍ය සිරිවර්ධන 90, අම්ෂි ද සිල්වා 38, තවිෂ අබිෂේක් 37, දිමුත් සදරුවන් 27, චමත් දිල්සර 27, විදත් බටපොල 4/37, මදුරංග නවීන් 3/119

මලියදේව විද්‍යාලය – 144/2 (19) සුපුන් සුමනරත්න 87, මුදිත ප්‍රේමදාස 32, චාලුක අතපත්තු 24*

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<