පාසල් මහා ක්‍රිකට් සංග්‍රාම උණුසුම ක්‍රමයෙන් ඇරඹෙන අද දිනයේ දීත් පාසල් ක්‍රිකට් පිටිය තවදුරටත් උණුසුම් කරමින් සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ  පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තීරණාත්මක ක්‍රිකට් තරග කිහිපයක් පැවැත්විය.

සාන්ත පීතරයින් සටන අත්නොහරී

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් සුහද කාණ්ඩයේ තරග කිහිපයක් හා එක් අර්ධ අවසන් පූර්ව වටයේ තරගයක් අද (21) පැවැත්විය.

එහි දී කොළඹ සාන්ත පීතර විද්‍යාලය පරාජය කළ ගාල්ල මහින්ද විද්‍යාලය දෙදින තරග වටයේ මීළඟ වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වන විට, එම තරගාවලියට සමගාමීවම පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ මීළඟ වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සමත් විය.

කොළඹ සාන්ත පීතර විද්‍යාලය හා ගාල්ල මහින්ද විද්‍යාලය

මහින්ද විද්‍යාලයට කඩුලු 6ක සුපිරි ජයක් හිමිකර දෙමින් අවසන් වූ මේ තරගය ගාල්ල මහින්ද විදුහල් ක්‍රිකට් පිටියේ දී පැවැත්විය.  

කාසියේ වාසිය දිනා ගත් මහින්ද විද්‍යාලය මේ තරගයේ දී සාන්ත පීතර විද්‍යාල පළමු ඉනිම ලකුණු 143කට සීමා කරන ලදි. එයට පිළිතුරු ලෙස මහින්ද විද්‍යාලයට (ඔවුන්ගේ පළමු ඉනිම වෙනුවෙන්) සියල්ලන්ම දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 124ක් පමණි. ඒ නිසාවෙන් තරගයේ පළමු ඉනිමේ වැඩි වාසිය දිනා ගත්තේ සාන්ත පීතර විද්‍යාලය විසින් වුවත් තරගයේ දෙවන හා අවසන් දිනයේ පළමු කාර්තුව තුල ක්‍රියාත්මක වූ කුෂාන් මදූෂ ඇතුළු මහින්ද විදුහල් ක්‍රීඩකයින් සාන්ත පීතර විද්‍යාල පිතිකරුවන් පාලනය කරමින් සිය අණසක පතුරුවාලන ලදි.

Photos: St. Joseph’s College vs Ananda College – U19 Cricket Tournament 2018/19

එහි ප්‍රතිඵලය ලෙස සාන්ත පීතර විද්‍යාල දෙවන ඉනිම 115කට සීමාකර ගැනීමට සමත් වූ මහින්ද විද්‍යාලය 135ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා  අරමුණ අතැතිව පිටියට පැමිණි අතර ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කළ නවෝද් පරණවිතාන හා එක්වූ කෞශිත කොඩිතුවක්කු වාර්තා කරගත් ලකුණු 33 නිසාවෙන් තරගය කඩුලු 6කින් ජය ගැනීමට මහින්ද විද්‍යාලයට හැකි විය.

සාන්ත පීතර විද්‍යාල පළමු ඉනිම – 143 (55.4): නිපුනක ෆොන්සේකා 32, කනිෂ්ක මදුවන්ත 24, දිනිත් අන්ජුල 23, ඔසිදු කාවින්ද 3/12, කුෂාන් මදූශ 3/14

මහින්ද විද්‍යාල පළමු ඉනිම – 124 (57.2): හංසික වැලිහින්ද 72, ශිවාන් පෙරේරා 3/41, සන්තුෂ් ගුණතිලක 2/15.

සාන්ත පීතර විද්‍යාල දෙවන ඉනිම – 115 (43.4):  කුෂාන් මදූශ 6/46, විනුර දුල්සර 2/10.

මහින්ද විද්‍යාල දෙවන ඉනිම – 137/4 (28.1): නවෝද් පරණවිතාන 33, කෞශිත කොඩිතුවක්කු 33, ශිවාන් පෙරේරා 2/32.

බවන්ත සහ අංජු ඉසිපතනය පාලනය කරයි

පාසල් ක්‍රිකට් පිටියට බිග් මැච් වසන්තය කැන්ඳමින් අද (22) කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ තර්ස්ටන් – ඉසිපතන විද්‍යාලාන්තර 56 වැනි සහෝදර සංග්‍රාමයේ පළමු…

එක්දින ක්‍රිකට් තරගාවලියේ – සුපිරි 16 වටය

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය හා කඳාන ද මැසනොඩ් විද්‍යාලය

වයස අවුරුදු 19න් පහළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ මූලික වටය අවසානයේ පළමු කණ්ඩායම් 16 අතර (ප්‍රසාද ලකුණු සටහනේ) සිටි පාසල් තරග වදිනු ලබන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 16 වටයේ පළමු තරගය අද (22) මෙසේ මහනුවර අස්ගිරිය ක්‍රිකට් පිටියේ දී පැවැත්විය.

කාසියේ වාසිය දිනා ගත් සත්කාරක ත්‍රිත්ව විද්‍යාලය පළමුව පන්දුවට පහර දුන් මේ තරගයේ දී ඔවුන් සිය ලකුණු සටහන ලකුණු 290ක් වැනි දැවැන්ත හා සාර්ථක ලකුණු මට්ටමක් දක්වා ඔසවා තබා ගත්තේය. එහි දී දක්ෂ පිතිකරණයක නිරත වූ  පුබුදු බණ්ඩාර හා අශේන් ලොකුකැටිය යන දෙදෙනා එක්ව පිළිවෙළින් ලබාගත් ශතකය හා අර්ධ ශතකය එවැනි ලකුණු මට්ටමක් වෙත යාමට බෙහෙවින් ඉවහල් විය. සාලිය ජූඩ් ලකුණු 27කට කඩුලු දෙකයි.

එයට පිළිතුරු දුන් ද මැසනොඩ් විද්‍යාලය පන්දුවාර 388ක් අවසානයේ ත්‍රිත්ව විද්‍යාල පන්දු යවන්නන් හමුවේ සියල්ලන්ම දැවී ලබාගත්තේ ලකුණු 135ක් පමණි. එහි දී ද මැසනොඩ් විද්‍යාල පිතිකරණ බලඇණිය බිඳ දැමූ අභිෂේක් ආනන්දකුමාර් හා වේගපන්දු යවන ක්‍රීඩක රුවින් පීරිස් පිළිවෙළින් කඩුලු 4ක් හා කඩුලු 2ක් දවාගෙන ත්‍රිත්ව විද්‍යාලයට ලකුණු 155ක දැවැන්ත ජයක් ලබාගැනීමට අවශ්‍ය මඟ තවදුරටත් පහසු කළේය.

ත්‍රිත්ව විද්‍යාලය – 290/8 (50): පුබුදු බණ්ඩාර 105, අශේන් ලොකුකැටිය 61, කවිෂ්ක සේනාධීර 43, සාලිය ජූඩ් 2/27.

ද මැසනොඩ් විද්‍යාලය – 135 (38): අභිෂේක් ආනන්දකුමාර් 4/21, රුවීන් පීරිස් 2/27.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<