Home Sinhala සදීෂ සහ චමිඳු ශතක සමඟින් නේපාලය අසරණ කරයි

සදීෂ සහ චමිඳු ශතක සමඟින් නේපාලය අසරණ කරයි

19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 2021

2594

වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ දෙවැනි තරගය අද (26) නේපාලය සමඟින් පැවැත්වුන අතර තරගය ලකුණු 60කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් වුනා.

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දුනිත් වෙල්ලාලගේ පළමුවෙන් පන්දුවට පහර දීම තෝරාගත්තා. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල සඳහා ලකුණු 39ක් එක් කිරීමට චමිඳු වික්‍රමසිංහ සහ ශෙවෝන් ඩැනියෙල් සමත් වුනා. පළමු කඩුල්ල ලෙස ශෙවෝන් ඩැනියෙල් ලකුණු 17කට දැවී ගියේ Dev Khanalගේ පන්දුවක් හමුවේයි.

ඉන් අනතුරුව පිටියේ එක්වූ චමිඳු සහ සදීෂ රාජපක්ෂ ශ්‍රී ලංකා ඉනිමට අගනා ලකුණු 223ක් එක් කිරීමට සමත් වුනා. ඔවුන් දෙදෙනාම ශතක වාර්තා කිරීමට සමත් වීම විශේෂත්වයක්.

චමිඳු වික්‍රමසිංහ පන්දු 126කට මුහුණ දෙමින් ලකුණු 111ක් වාර්තා කළ අතර එයට හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් ඇතුළත් වුනා. ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස චමිඳු දැවී ගියේ Mohammad Aadil Alamගේ පන්දුවක් හමුවේයි. චමිඳු සහ සදීෂ පන්දුවාර 46ක් තුළ ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 262ක් බවට පත්කර තිබුණා.

චමිඳුගේ දැවී යාමෙන් අනතුරුව පිටියේ එක්වූ සදීෂ සහ නායක වෙල්ලාලගේ වේගවත් ලකුණු 39ක් වාර්තා කළා. ඉනිමේ තුන්වැනි කඩුල්ල ලෙස සදීෂ දැවී ගියේ පන්දු 119ක් තුළ වේගවත් ලකුණු 139ක් රැස්කරමින්. ඔහුගේ ඉනිම හතරේ පහර 11කින් සහ හයේ පහර දෙකකින් වර්ණවත් වුනා. නායක වෙල්ලාලගේ පන්දු 24ක් තුල ලකුණු 34ක් රැස්කිරීමට සමත් වුනා.

ඒ අනුව නියමිත පන්දුවාර 50 අවසානයේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව දැක්වුණේ ලකුණු 322ක් ලෙසින්.

පන්දු යැවීමේ දී Mohammad Aadil Alam කඩුලු දෙකක් දවා ගත් අතර Dev Khanal සහ Tilak Bhandari එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුනා.

ලකුණු 323ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි නේපාල කණ්ඩායම පළමු කඩුල්ල සඳහා ලකුණු 59ක් රැස්කිරීමට සමත් වුනා. නේපාල ඉනිමේ පළමු කඩුල්ල ලෙස Santosh Karki ලකුණු 34කට දවා ගැනීමට මතීෂ පතිරණ සමත් වුනා.

නේපාල ඉනිමේ සෙසු කඩුලු 3 ලකුණු 33ක් තුල දවා ගැනීමට රවීන් ද සිල්වා සමත් වුනා. ඒ අනුව පන්දුවාර 22ක් අවසානයේ නේපාල ඉනිම දැක්වුණේ කඩුලු 4කට ලකුණු 92ක් ලෙසින්.

කෙසේ වෙතත් ඉන් අනතුරුව පිටියේ එක්වූ Basir Ahamad සහ Arjun Saud නේපාල ඉනිම තරමක් ස්ථාවර කිරීමට සමත් වුනා. ඔවුන් දෙදෙනා පස්වැනි කඩුල්ල සඳහා ලකුණු 75ක් එක් කිරීමට සමත් වුනා.

නේපාල ඉනිමේ පස්වැනි කඩුල්ල ලෙස ලකුණු 44ක් ලබා සිටි Basir Ahamad දවා ගැනීමට ශෙවෝන් ඩැනියෙල්ට හැකි වුනා. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Arjun Saud ලකුණු 64ක් ලබා සිටිය දී දුවද්දී දැවී යාමකට හසුකර ගැනීමට අන්ජල බණ්ඩාර සමත්වුනේ තරගය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාව දෙසට හරවමින්. නේපාලය වෙනුවෙන් Bibek Yadav ලකුණු 46ක් රැස්කිරීමට සමත්වුවද එය ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් වූයේ නැහැ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යැවීම හමුවේ නේපාලය ලකුණු 262කට සීමා වූ අතර ඒ අනුව ශ්‍රී ලංකාව තරගය ජයග්‍රහණය කළේ ලකුණු 60කින්. පන්දු යැවීමේ දී කැපී පෙනෙන දස්කම් දැක්වූ මතීෂ පතිරණ සහ රවීන් ද සිල්වා කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත් වුනා. නායක වෙල්ලාලගේ සහ ශෙවෝන් ඩැනියෙල් එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුනා.

  • තරගයේ වීරයා: සදීෂ රාජපක්ෂ


Result


Sri Lanka U19
322/4 (50)

Nepal U19
258/10 (47.5)

Batsmen R B 4s 6s SR
Chamindu Wickramasinghe c Bibek Magar b Mohammad Aadil Alam 111 126 8 2 88.10
Shevon Daniel c & b Dev Khanal 17 28 1 0 60.71
Sadisha Rajapaksa b Mohammad Aadil Alam 131 119 11 2 110.08
Dunith Wellalage not out 34 24 3 1 141.67
Yasiru Rodrigo c & b 6 5 1 0 120.00
Ravindu De Silva not out 0 0 0 0 0.00


Extras 23 (b 0 , lb 2 , nb 2, w 19, pen 0)
Total 322/4 (50 Overs, RR: 6.44)
Fall of Wickets 1-39 (10.1) Shevon Daniel, 2-262 (42.5) Chamindu Wickramasinghe, 3-301 (48.2) Sadisha Rajapaksa, 4-314 (49.4) Yasiru Rodrigo,

Bowling O M R W Econ
Gulsan Jha 6 0 30 0 5.00
Mohammad Aadil Alam 9 0 46 2 5.11
Dev Khanal 9 1 55 1 6.11
Sher Malla 7 0 50 0 7.14
Tilak Bhandari 7 0 41 0 5.86
Basir Ahamad 5 0 33 0 6.60
Bibek Yadav 7 0 65 1 9.29


Batsmen R B 4s 6s SR
Santosh Karki b Matheesha Pathirana 34 34 4 1 100.00
Dev Khanal c Sadisha Rajapaksa b Raveen De Silva 28 45 0 4 62.22
Arjun Saud † run out (Anjala Bandara) 64 80 0 0 80.00
Basant Karki c Wanuja Sahan b Raveen De Silva 1 16 0 0 6.25
Bibek Magar c Matheesha Pathirana b Ravindu De Silva 2 4 0 0 50.00
Basir Ahamad c Wanuja Sahan b Shevon Daniel 43 51 3 2 84.31
Bibek Yadav run out (Yasiru Rodrigo) 46 29 3 3 158.62
Gulsan Jha c & b Matheesha Pathirana 13 11 2 0 118.18
Mohammad Aadil Alam c Shevon Daniel b Dulith Wellalage 7 3 0 1 233.33
Sher Malla c Chamindu Wickramasinghe b Matheesha Pathirana 7 12 0 0 58.33


Extras 13 (b 0 , lb 0 , nb 0, w 13, pen 0)
Total 258/10 (47.5 Overs, RR: 5.39)
Fall of Wickets 1-59 (10.1) Santosh Karki, 2-81 (16.3) Dev Khanal, 3-86 (20.3) Basant Karki, 4-92 (22.2) Bibek Magar, 5-167 (36.5) Basir Ahamad, 6-208 (40.1) Arjun Saud †, 7-231 (42.6) Gulsan Jha, 8-246 (43.6) Mohammad Aadil Alam, 9-258 (46.3) Bibek Yadav, 10-262 (47.5) Sher Malla,

Bowling O M R W Econ
Yasiru Rodrigo 6 0 33 0 5.50
Sadisha Rajapaksa 6 1 23 0 3.83
Wanuja Sahan 8 0 51 0 6.38
Matheesha Pathirana 8.5 0 49 3 5.76
Dunith Wellalage 10 1 58 1 5.80
Ravindu De Silva 7 0 35 3 5.00
Shevon Daniel 2 11 0 1 0.00



මේ වන විට 19න් පහළ ආසියානු කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ තරග දෙකම ජයග්‍රහණය කිරීමට සමත්ව සිටියා. ඔවුන් සහභාගී වන මීළඟ තරගය බංගලාදේශය සමඟින් එළඹෙන 28 වැනිදා පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ සියලුම තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<