“මම පසුතැවෙන්නේ නැහැ” – Harmanpreet Kaur

1620
CAPE TOWN, SOUTH AFRICA - FEBRUARY 23: Harmanpreet Kaur of India cuts a dejected figure following the ICC Women's T20 World Cup Semi Final match between Australia and India at Newlands Stadium on February 23, 2023 in Cape Town, South Africa. (Photo by Matthew Lewis-ICC/ICC via Getty Images)

තරග තහනමකට ලක් වූ බංග්ලාදේශ සංචාරය අතරතුර තමන් හැසිරුණ ආකාරය සහ එu සිදුවීම ගැන කිසිවිටක පසුතැවීමකට ලක් නොවන බව ඉන්දීය ක්‍රිකට් නායක Harmanpreet Kaur ප්‍රකාශ කර තිබෙනවා.

“මම කිසිම දෙයක් ගැන පසු තැවෙන්නේ නැහැ. ක්‍රීඩිකාවක් විදියට දිනය අවසානයේ සාධාරණ දේවල් දකින්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම ක්‍රීඩිකාවක් විදියට අපිට අවශ්‍ය දේ ප්‍රකාශ කරන්න අයිතියක් තිබෙනවා.

මම හිතන්නේ නැහැ මම කිසිදු ක්‍රීඩකයෙකුට හෝ ක්‍රීඩිකාවකට අනවශ්‍ය දෙයක් ප්‍රකාශ කළා කියලා. මම කිව්වේ පිටිය තුළ සිදු වූ දෙය විතරයි. ඒ නිසා මට ඒ ගැන කිසිම කනගාටුවක් හෝ පසුතැවීමක් නැහැ,” යැයි එංගලන්ත පුවත්පතකට අදහස් දක්වමින් ඇය ප්‍රකාශ කළා.

බංග්ලාදේශය සමඟ බංග්ලාදේශයේ දී පැවති ක්‍රිකට් තරගයක් අතරතුර ලබා දුන් දැවී යාමකට සිය විරෝධය පළ කළ ඉන්දීය නායිකාව කඩුලු වලට සිය පිත්තෙන් පහර දුන් අතර තරගයෙන් පසුව ද ඇය විනිසුරුවරයන්ට විවිධ වාග් ප්‍රහාර එල්ල කරනු දැක ගැනීමට හැකි වුනා.

මෙම සිදුවීම නිසා ඇයට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් තරග ගාස්තුවෙන් 50%ක් සහ 25%ක් බැගින් දඩ පැනවූ අතර එයට අමතරව ඇයට දඬුවම් ලකුණු හතරක් ලබා දීමට ද කටයුතු කළා.

එම නිසා ඇයට එක්දින හෝ විස්සයි විස්ස තරග දෙකක තහනමකට යටත් වීමට සිදු වීම නිසා ආසියානු ක්‍රීඩා උළෙලේ ඉන්දීය කණ්ඩායම සහභාගී වන මුල් තරග ද්විත්වය ඇයට අහිමි වෙනවා.

දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

Espncricinfo ඇසුරිනි.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<