ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හි පැවති සුදිර්මන් කුසලාන බැඩ්මින්ටන් තරගාවලියේ 3 වන කාණ්ඩයේ රන් පදක්කම දිනා ගනිමින් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ඉතිහාසයේ තවත් සංධිස්ථානයක් සනිටුහන් කරන්නට තරගාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. 3 වන කාණ්ඩයේ ජයග්‍රාහකයා තීරණය කිරීම සඳහා පැවති තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ මැකාවු-චීන කණ්ඩායම පරාජයට පත්විය.

ලෝක යොවුන් දැල්පන්දු කුසලානයට ලංකාවෙන් 21ක්

8 වන වරට පැවැත්වෙන ලෝක කුසලාන යොවුන් දැල්පන්දු තරගාවලිය බොට්ස්වානා රාජ්‍යයේ ගැබොරෝන් නුවරදී ජූලි මස 08 වන දින ආරම්භ…

වසර දෙකකට වරක් පැවැත්වෙන ලෝක ශූරතා මිශ්‍ර බැඩ්මින්ටන් තරගාවලිය හැඳින්වෙන්නේ සුදිර්මන් කුසලානය නමිනි. සෑම තරග වටයක්ම කාන්තා හා පිරිමි ඒකල, කාන්තා හා පිරිමි යුගල සහ මිශ්‍ර යුගල වශයෙන් තරග පහකින් සමන්විත වේ. හිටපු ඉන්දුනීසියානු බැඩ්මින්ටන් ක්‍රීඩකයෙකු හා ඉන්දුනීසියානු බැඩ්මින්ටන් සංගමයේ නිර්මාතෘ වරයා වන ඩික් සුදිර්මන් මහතා සිහිවීමට තරගාවලියට සුදිර්මන් කුසලානය ලෙස නම් තබා ඇත.

තරගාවලිය කණ්ඩායම් පදනමක් මත පැවැත්වෙන අතර සෑම රටක්ම ඔවුන්ගේ දක්ෂතාවය පදනම් කරගෙන කාණ්ඩ ගත කර ඇත. ඉහළම කාණ්ඩයේ සිටින කණ්ඩායම්වලට පමණක් කුසලානය සඳහා තරග වැදීමේ අවස්ථාව හිමි වන අතර අනෙක් කණ්ඩායම් ඉහළම කාණ්ඩයට සුදුසුකම් ලබා ගැනීමේ අරමුණින් තරගාවලියට සහභාගී වේ. සෑම වසරකම තරගාවලියේ ඉහළම කාණ්ඩයේ අඩුම දස්කම් දක්වන කණ්ඩායමට ඉහළම කාණ්ඩයේ තම ස්ථානය අහිමි වන අතර නව කණ්ඩායමකට එම අවස්ථාව හිමිවේ.

Sudirman Gold 2017
ගෝල්ඩ් කෝස්ට් හිදී තරගාවලිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම

තරගාවලිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම 3-B සුදුසුකම් ලැබීමේ කාණ්ඩයේ තරග කළ අතර එම කාණ්ඩයේ ජයග්‍රාහකයා කිරීමේ තරගය ශ්‍රී ලංකා කණ්ඩායමත් මැකාවු-චීන කණ්ඩායමත් අතර පැවැත්විණ.

ඒ අනුව රන් පදක්කම සඳහා පැවති තරග වටයට ජයග්‍රාහී ආරම්භයක් ලබා ගන්නට ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් ජාතික ශූර, ඔලිම්පික් වරම් ලැබූ නිලූක කරුණාරත්න සමත් විය. ඔහු පිරිමි ඒකල තරගයේ දී මැකාවු-චීන කණ්ඩායමේ පැන්ග් ෆොන්ග් පුයි ලකුණු 21-17ක් හා 21-6ක් ලෙස පරාජය කරන්නට සමත් විය. නිලූක හට තරගයේ පළමු වටයේ දී ප්‍රතිවාදී ක්‍රීඩකයාගෙන් ප්‍රබල අභියෝගයක් එල්ල වූ අතර තියුණු තරගයකින් අනතුරුව එම අභියෝගය ජය ගන්නට ඔහු සමත් විය. ඉන් අනතුරුව තරගයේ දෙවැනි වටය ඉතා පහසුවෙන් ජයග්‍රහණය කළ නිලූක තරගයේ ජයග්‍රහණය තමන් සතු කර ගත්තේය.

තරගාවලිය පුරාවට දස්කම් අතර සිටි තිලිණි හෙන්දහේවා මෙම තරග වටයේ දී ද සිය සුපුරුදු දක්ෂතා අතරට පැමිණෙන්නට සමත් විය. ඇය කාන්තා ඒකල තරගයේ දී ප්‍රතිවාදී කණ්ඩායමේ වෙන්ග් චී එන්.ගී. ලකුණු 21-9ක් හා 21-7ක් ලෙස පරාජයට පත්කරන්නට සමත් විය.

තරගයේ මිශ්‍ර යුගල තරග වටය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ බුවනෙක ගුණතිලක සහ කාවින්දි සිරිමාන්නගේ හමුවේ මැකාවු-චීන කණ්ඩායමේ යූ. ලියොන්ග් අයි.ඊ.කේ. සහ සූ සින් ගොන්ග් ලකුණු 21-10ක් හා 21-04ක් ලෙස පරාජයට පත්විය. තරගය පුරාවට ඔවුන් දෙදෙනාට කිසිදු පීඩනයක් එල්ල කරන්නට ප්‍රතිවාදී කණ්ඩායම සමත් වූයේ නැත. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම සඳහා පැවති තරග වටය තරග 3ක් පමණක් ක්‍රීඩා කරමින් ජයග්‍රහණය කරන්නට සමත් විය.

තරග වටයේ සමස්ත විශ්ලේෂණය

Overview of the final match between Sri Lanka and Macau China MS- Mens Singles XD – Mixed Doubles WS – Womens Singles
Overview of the final match between Sri Lanka and Macau China MS- Mens Singles XD – Mixed Doubles WS – Womens Singles

තරගාවලියේ මෙම තරගයට පෙර පැවති තරග වටවල දී ද ස්ලොවැකියාව, ෆීජි සහ ටහීටි කණ්ඩායම් හමුවේ ප්‍රබල ක්‍රීඩා රටාවක් දියත් කරන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

කරුණාරත්න සහෝදරයින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල දායකත්වයක් සැපයීය.
කරුණාරත්න සහෝදරයින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් විශාල දායකත්වයක් සැපයීය.

3-B කාණ්ඩයේ අවසන් තරගයේ දී ස්ලොවැකියානු කණ්ඩායම තරග වට 5-0ක් ලෙස පරාජයට පත්කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විය. පිරිමි ඒකල තරගයේ දී නිලූක හමුවේ මතේජ් හ්ලිනිකන් ලකුණු 21-13ක් හා 21-15ක් ලෙස පරාජයට පත්වූ අතර කාන්තා ඒකල තරගය ඉතා තියුණු තරගයකින් අනතුරුව ජයග්‍රහණය කරන්නට මාර්ටිනා රෙපිස්කාව ලකුණු 21-16ක් හා 21-19ක් ලෙස පරාජය කළ තිලිණි හෙන්දහේවා සමත් විය. එම තරග වටයේ පැවති ඉතිරි තරග 3 ද ඉතා පහසුවෙන් ජයග්‍රහණය කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වූ අතර ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මැකාවු-චීන කණ්ඩායමට එරෙහිව 3 වන කාණ්ඩයේ රන් පදක්කම වෙනුවෙන් පැවැත්වෙන තරගය සඳහා සුදුසුකම් ලබන්නට සමත් විය.

තරග වටයේ සමස්ත විශ්ලේෂණය

343434

ශ්‍රී ලංකා කණ්ඩායම කාණ්ඩ තරග වටයේ ලැබූ ජයග්‍රහණ පිළිබඳව දැන ගැනීම සඳහා

තුන්වන කාණ්ඩයේ සුදුසුකම් ලබාගැනීමේ තරග වටයේ සමස්ත ලකුණු සටහන මෙසේය;

434344

රන් පදක්කම දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම

නිලුක කරුණාරත්න, සචින් ඩයස්, බුවනෙක ගුණතිලක, දිනුක කරුණාරත්න, තිලිණි හෙන්දහේවා, චන්ද්‍රිකා හෙට්ටිආරච්චිගේ, ලේඛා ෂෙහානි, ඉෂාන්දිකා සිරිමාන්නගේ

 තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට