නිමාලිට අනතුරක්; SAG සිහින බොඳ වෙයි ද?

93

2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංචිතයේ නායිකාව සහ මීටර් 800 ඉසව්වේ ජාතික ශූරතාව හොඹවන වන නිමාලි ලියනාරච්චි අද (28) උදෑසන රිය අනතුරකට මුහුණ දී ඇත.

SAG යන්න කලින් යෝග්‍යතාව පිරික්සයි

නේපාලයේ කත්මන්ඩු අගනුවර දී පැවැත්වීමට …….

උදෑසන පුහුණුවීම් කටයුතු සඳහා ඇය සිය ස්කූටර් වර්ගයේ යතුරුපැදියෙන් ගමන් කරමින් සිටි අවස්ථාවේ දී මෙම අනතුර සඳහා මුහුණ දී ඇත. මේ වන විට ඇය ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර වාර්තා වන අන්දමට ඇයගේ අතෙහි අස්ථී බිදීමක් සිදුව ඇත.

SAG හී මලල ක්‍රීඩා සංචිතයේ නායකත්වය හොඹවන ඇය මීටර් 800, මීටර් 1500 සහ මීටර් 400 සහය දිවීම ඉසව්වන් නියෝජනය කරන අතර තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කමක් දිනා දෙනු ඇතැයි විශාල බලාපොරොත්තුවක් සහිත ක්‍රීඩිකාවක් බවට ඇය පත්ව සිටියේ නිමා වූ තරගාවලි කිහිපයක දී ම ඇය විසින් දක්වා තිබූ දක්ෂතා සහ අවසන් වරට පැවති SAG තරගාවලියේ දී රන් පදක්කමක් ජයග්‍රහණය කළ ක්‍රීඩිකාවක් වීම නිසාවෙනි.

කෙසේ නමුත් SAG සඳහා ඇයගේ සහභාගීත්වය මේ වන විට දැඩි අවිනිශ්චිත තත්වයකට පත්ව ඇති අතර මේ වන විටත් ඒ සම්බන්ධයෙන් නිල දැනුම්දීමක් සිදු කර නොමැත.

SAG සහය දිවීමේ සුදුසුකම් ලැබීමේ තරගවලට බාලගිරි

මේ වසරේ දෙසැම්බර් හි නේපාලයේ කත්මණ්ඩු නුවර ………..

තවද, පසුගිය දා නිමාව දුටු ‍SAG සඳහා වූ යෝග්‍යතා පරීක්ෂණය සඳහා සහභාගී නොවූ තුන්පිම්ම ඉසව්වේ ජාතික ශූරිය විදූෂා ලක්ෂානී, මීටර් 110 කඩුලු පැනීමේ ඉසව්වේ ජාතික ශූරයා රොෂාන් රණතුංග සහ මීටර් 400 ඉසව්ව නියෝජනය කරන කෞෂල්‍යා මධුවන්ති වෙනුවෙන් නැවතත් එම පරීක්ෂණය අද (29) පැවැත්වීමට නියමිතයි.

කෙසේ නමුත් SAG සඳහා සහභාගී වන මලල ක්‍රීඩා සංචිතය හෙට (29) නේපාලයේ කත්මණ්ඩු අගනුවර බලා පිටත්ව යෑමට නියමිතයි.

දකුණු ආසියානු ක්‍රීඩ උළෙලේ සියලු පුවත්, තරග ප්‍රතිඵල, වීඩියෝ සහ තවත් බොහෝ දෑ සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<