ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වුණු දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද (08) උදෑසන නිමාවට පත් වුනා.
තරගයේ පළමු ඉනිම දියත් කළ ශ්‍රී ලංකාව කඩුලු 09ක් දැවී ලකුණු 549ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඊට පිළිතුරු ලෙස සිය පළමු ඉනිම සඳහා ලකුණු 499ක් ලබා ගැනීමට කොදෙව්වන් විසින් සමත් වුනා.
ඒ අනුව කොදෙව් පළමු ඉනිමට වඩා ලකුණු 50ක් පෙරමුණේ රැඳෙමින් ශ්‍රී ලංකාව සිය දෙවැනි ඉනිම ආරම්භ කළ අතර, තරගයේ සිව්වැනි දිනය නිමා වන විට ශ්‍රී ලංකාව සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 2ක් දැවී ලකුණු 92ක් ලබා ගැනීමට සමත් වී සිටියා.
තරගයේ පස් වැනි දිනය ඊයේ (07) ආරම්භ වූ අතර, දිනය ආරම්භ වී ටික වේලාවකට පසුව කමිඳු මෙන්ඩිස් ලකුණු 44ක් ලබමින් පිටියෙන් ඉවත් වී ගියේ ඔහු සහ දිනේෂ් චන්දිමාල් අතර ඇති වූ ලකුණු 86ක සබඳතාව නිමා කරමිනුයි.
ඉන් පසුව චන්දිමාල් සමඟ නායක ධනංජය ද සිල්වා පිටියේ එක් වූ අතර, ඔවුන්ගේ සබඳතාවේ ලකුණු 38ක් සටහන් වන විට එතෙක් වේලා විශිෂ්ට පිතිකරණයක නිරත වෙමින් සිටි චන්දිමාල් ලකුණු 71කට පිටියෙන් ඉවත් වී ගියා.
- ලෝක කුසලාන ඉහළ ම ලකුණු සංඛ්‍යාව ලබා දී ශ්‍රී ලංකාව පරාජය වෙයි
- 19න් පහළ යොවුන් තරගාවලියට අදත් වර්ෂාවෙන් බාධා
- වාර්තා පොත් අලුතින් ලියැවුණ 2026 මංගල තරගය
- ගියවර ශූරියන් සහ අනුශූරියන් පරාජය වෙයි
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
ඉන් පසුව ශ්‍රී ලංකාව වෙනුවෙන් වෙනත් කිසිදු පිතිකරුවකු දීර්ඝ ඉනිම් ක්‍රීඩා කිරීමට සමත් නොවූ අතර, ඔවුන් තරමක් ඉක්මනින් ලකුණු ලබා ගනිමින් කොදෙව්වන්ට සිව්වැනි ඉනිම දියත් කිරීමට අවශ්‍ය ඉලක්කය සපයා දීමට උත්සාහ කළා.
මෙහි දී ධනංජය ලකුණු 34ක් සහ සොනාල් දිනූශ ලකුණු 28ක් ලබාගන්නා අතරේ, මිලාන් රත්නායක ලකුණු 20ක් ලබා ගැනීමට සමත් වුනා.
මේ අනුව ශ්‍රී ලංකාව විසින් සිය දෙවැනි ඉනිම සඳහා පන්දුවාර 49ක් තුළ කඩුලු 9ක් දැවී ලකුණු 251ක් ලබා ගැනීමට සමත් වූ අතර, මෙහි දී කොදෙව්වන් වෙනුවෙන් Alzarri Joseph කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුනා.
මින් පසුව කොදෙව්වන් විසින් ශ්‍රී ලංකාව ලබා දුන් ලකුණු 302ක ඉලක්කය හඹා යාම සඳහා සිය දෙවැනි ඉනිම ආරම්භ කළ අතර, කොදෙව්වන් වෙනුවෙන් ඉනිම ආරම්භ කිරීමට Jhon Campbell සහ Brandon King පිටියට පිවිසුණා.
ඔවුන් දෙදෙනා විසින් නොදැවී පන්දුවාර 40ක් පිතිකරණයේ යෙදීමින් දිනය නිමා කිරීමට සමත් වූ අතර, දිනය අවසන් වන විට කොදෙව් ඉනිම ලකුණු 109ක් ලෙස සටහන් වී තිබුණා. මේ වෙනුවෙන් පිතිකරුවන් දෙදෙනා ම ලකුණු 51 බැගින් ඉනිමට එක් කිරීමට සමත් වුනා.
මේ අනුව දෙරට අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පැරදුමකින් තොරව නිමාවට පත් වන අතර, තරගාවලිය 1-0ක් ලෙස ජය ගැනීමට කොදෙව්වන් සමත් වුනා.
දෙවැනි තරගයේ සහ තරගාවලියේ වීරයා ලෙස කොදෙව්වන් වෙනුවෙන් පිත්තෙන් කැපී පෙනෙන දක්ෂතා දැක් වූ Justin Greaves සම්මාන ලබාගත්තා.
මේ අනුව දෙරට අතර සම්පූර්ණ ක්‍රිකට් තරගාවලිය නිමාවට පත් වුනා. දෙරට අතර එක්දින තරගාවලිය 1-0ක් ලෙස ශ්‍රී ලංකාව ජය ගැනීමට සමත් වූ අතර, විස්සයි විස්ස තරගාවලිය 2-1ක් ලෙසත්, ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය 1-0ක් ලෙසත් කොදෙව්වන් ජය ගැනීමට සමත් වුනා.
දෙස්, විදෙස් ක්‍රිකට් පිටිය පිළිබඳ ව සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
Result
| Batsmen | R | B | 4s | 6s | SR | |
|---|---|---|---|---|---|---|
| Nishan Madushka | c Brandon King b Shamar Joseph | 6 | 11 | 1 | 0 | 54.55 |
| Lahiru Udara | c Shamar Joseph b Alzarri Joseph | 188 | 248 | 21 | 5 | 75.81 |
| Dinesh Chandimal | c Brandon King b Shamar Joseph | 1 | 15 | 0 | 0 | 6.67 |
| Kamindu Mendis | st Shai Hope b Justin Greaves | 84 | 120 | 11 | 0 | 70.00 |
| Dhananjaya de Silva | c John Campbell b Jayden Seales | 33 | 90 | 2 | 0 | 36.67 |
| Kusal Mendis | b Anderson Phillip | 69 | 115 | 8 | 3 | 60.00 |
| Sonal Dinusha | c Brandon King b Kavem Hodge | 92 | 166 | 12 | 0 | 55.42 |
| Milan Rathnayake | c Justin Greaves b Roston Chase | 15 | 43 | 0 | 0 | 34.88 |
| Prabath Jayasuriya | not out | 17 | 22 | 1 | 0 | 77.27 |
| Isitha Wijesundara | c John Campbell b Jayden Seales | 14 | 14 | 1 | 1 | 100.00 |
| Extras | 30 (b 1 , lb 14 , nb 7, w 8, pen 0) |
| Total | 549/9 (139.3 Overs, RR: 3.94) |
| Bowling | O | M | R | W | Econ | |
|---|---|---|---|---|---|---|
| Jayden Seales | 25.3 | 5 | 98 | 2 | 3.87 | |
| Shamar Joseph | 23 | 4 | 98 | 2 | 4.26 | |
| Alzarri Joseph | 21 | 4 | 98 | 1 | 4.67 | |
| Anderson Phillip | 19 | 0 | 72 | 1 | 3.79 | |
| Justin Greaves | 18 | 2 | 43 | 1 | 2.39 | |
| Roston Chase | 29 | 2 | 99 | 1 | 3.41 | |
| Kavem Hodge | 4 | 0 | 26 | 1 | 6.50 | |
| Batsmen | R | B | 4s | 6s | SR | |
|---|---|---|---|---|---|---|
| John Campbell | c Dinesh Chandimal b Asitha Fernando | 72 | 154 | 9 | 2 | 46.75 |
| Brandon King | c Kamindu Mendis b Asitha Fernando | 17 | 26 | 3 | 0 | 65.38 |
| Kavem Hodge | c Kamindu Mendis b Prabath Jayasuriya | 31 | 139 | 2 | 0 | 22.30 |
| Amir Jangoo | c Nishan Madushka b Prabath Jayasuriya | 9 | 15 | 1 | 0 | 60.00 |
| Shai Hope | st Kusal Mendis b Sonal Dinusha | 112 | 243 | 10 | 0 | 46.09 |
| Justin Greaves | c Asitha Fernando b Prabath Jayasuriya | 180 | 325 | 14 | 2 | 55.38 |
| Roston Chase | c Kamindu Mendis b Asitha Fernando | 23 | 40 | 3 | 0 | 57.50 |
| Anderson Phillip | c Kamindu Mendis b Asitha Fernando | 0 | 0 | 0 | 0 | 0.00 |
| Alzarri Joseph | c Lahiru Udara b Milan Rathnayake | 13 | 24 | 0 | 1 | 54.17 |
| Shamar Joseph | c Kamindu Mendis b Asitha Fernando | 5 | 11 | 0 | 0 | 45.45 |
| Jayden Seales | not out | 2 | 17 | 0 | 0 | 11.76 |
| Extras | 35 (b 19 , lb 5 , nb 4, w 7, pen 0) |
| Total | 499/10 (165.5 Overs, RR: 3.01) |
| Bowling | O | M | R | W | Econ | |
|---|---|---|---|---|---|---|
| Asitha Fernando | 40 | 7 | 130 | 5 | 3.25 | |
| Isitha Wijesundara | 29 | 2 | 108 | 0 | 3.72 | |
| Milan Rathnayake | 31 | 5 | 74 | 1 | 2.39 | |
| Prabath Jayasuriya | 55.5 | 8 | 131 | 3 | 2.36 | |
| Dhananjaya de Silva | 2 | 1 | 3 | 0 | 1.50 | |
| Sonal Dinusha | 8 | 0 | 29 | 1 | 3.62 | |
| Batsmen | R | B | 4s | 6s | SR | |
|---|---|---|---|---|---|---|
| Nishan Madushka | c John Campbell b Alzarri Joseph | 20 | 28 | 2 | 0 | 71.43 |
| Lahiru Udara | lbw b Shamar Joseph | 0 | 4 | 0 | 0 | 0.00 |
| Dinesh Chandimal | c Kavem Hodge b Alzarri Joseph | 71 | 107 | 4 | 2 | 66.36 |
| Kamindu Mendis | c Anderson Phillip b Jayden Seales | 44 | 58 | 5 | 1 | 75.86 |
| Dhananjaya de Silva | c Shamar Joseph b Roston Chase | 34 | 34 | 2 | 1 | 100.00 |
| Sonal Dinusha | run out (Ravi Rampaul) | 28 | 26 | 2 | 0 | 107.69 |
| Kusal Mendis | c John Campbell b Anderson Phillip | 2 | 3 | 0 | 0 | 66.67 |
| Milan Rathnayake | not out | 20 | 20 | 1 | 1 | 100.00 |
| Isitha Wijesundara | b Kavem Hodge | 10 | 6 | 0 | 1 | 166.67 |
| Prabath Jayasuriya | run out (Kavem Hodge) | 7 | 9 | 0 | 0 | 77.78 |
| Asitha Fernando | not out | 0 | 0 | 0 | 0 | 0.00 |
| Extras | 15 (b 4 , lb 3 , nb 1, w 7, pen 0) |
| Total | 251/9 (49 Overs, RR: 5.12) |
| Bowling | O | M | R | W | Econ | |
|---|---|---|---|---|---|---|
| Jayden Seales | 11 | 0 | 43 | 1 | 3.91 | |
| Shamar Joseph | 12 | 1 | 46 | 1 | 3.83 | |
| Alzarri Joseph | 9 | 0 | 44 | 2 | 4.89 | |
| Anderson Phillip | 5 | 1 | 27 | 1 | 5.40 | |
| Kavem Hodge | 7 | 0 | 43 | 1 | 6.14 | |
| Roston Chase | 5 | 0 | 41 | 1 | 8.20 | |
| Batsmen | R | B | 4s | 6s | SR | |
|---|---|---|---|---|---|---|
| John Campbell | not out | 51 | 113 | 4 | 1 | 45.13 |
| Brandon King | not out | 51 | 129 | 5 | 1 | 39.53 |
| Extras | 7 (b 4 , lb 1 , nb 2, w 0, pen 0) |
| Total | 109/0 (40 Overs, RR: 2.73) |
| Bowling | O | M | R | W | Econ | |
|---|---|---|---|---|---|---|
| Asitha Fernando | 6 | 0 | 21 | 0 | 3.50 | |
| Milan Rathnayake | 7 | 0 | 15 | 0 | 2.14 | |
| Prabath Jayasuriya | 17 | 4 | 45 | 0 | 2.65 | |
| Isitha Wijesundara | 6 | 1 | 19 | 0 | 3.17 | |
| Sonal Dinusha | 4 | 1 | 4 | 0 | 1.00 | |
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















