ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් ඊයේ (14) දිනයේ දී නිමාවට පත් වුනා.
මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සහ කොළඹ ලුම්බිණි විද්‍යාලය අතර පැවැත්වුණු මෙම තරගයෙන් පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට වේල්ස් කුමර විද්‍යාලය සමත් වූ අතර, මෙහි දී වේල්ස් කුමර නායක රිවිත් ජයසූරිය විසින් තරගයේ කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත් වුනේ පිත්තෙන් ශතකයක් වාර්තා කරමින් මෙන්ම පන්දු යැවීමෙන් කඩුලු 5 දස්කමක් සමඟ ඉනිම් දෙකක් තුළ කඩුලු 08ක් දවා ගනිමිනුයි.
- ශ්‍රී ලංකා පළමු ඉනිමට නවසීලන්තයෙන් ප්‍රබල පිළිතුරක්
- බංග්ලාදේශයට තරග 4-1ක ජයක්
- පවන් දකුණු අප්‍රිකානුවෝ දණ ගස්වයි
- කමිඳු තවත් ශතකයක් කරා; පළමු දිනයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට
- කිවි – සිංහ ගැටුමට පෙර
මොරටුව වේල්ස් කුමර විද්‍යාලය සහ කොළඹ ලුම්බිණි විද්‍යාලය
(කෝල්ට්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී)
වේල්ස් කුමර විද්‍යාලය – 251/10 (85.4) රිවිත් ජයසූරිය 112, දිනාල් සෙව්මිණ 4/52, ප්‍රවීන් මනීශ 4/89
ලුම්බිණි විද්‍යාලය – 64/10 (32) අශාන් ශනිල්ක 20, රිවිත් ජයසූරිය 3/9, නෙතුල් අනුහස් 3/18, ප්‍රසන්න ලක්මිණ 3/20 & 131/9 (f/o) (63) ප්‍රවීන් මනීෂ 33, රිවිත් ජයසූරිය 5/68
තරගය ජය පරාජයෙන් තොරයි, මොරටුව වේල්ස් කුමර විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්.
පාසල් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<