සුපිරි පාසල් බේස්බෝල් තරගාවලියක් ඔක්තෝබර් මාසයේ

552

ශ්‍රී ලංකා පාසල් බේස්බෝල් සංගමයේ මෙහෙයවීම මත කොළඹ නාලන්දා විද්‍යාලය විසින් සංවිධානය කරනු ලබන “වයස අවුරුදු 20න් පහළ අන්තර් පාසල් බේස්බෝල් තරගාවලිය” ඔක්තෝබර් 10 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

කාන්තා විද්‍යාලය හමුවේ බිෂොප් බලය බිඳ වැටේ

වසර දෙකක බිෂොප් විද්‍යාලයීය හොකී ආධිපත්‍ය බිඳ දමමින් කොළඹ කාන්තා විද්‍යාලය 14 වන …

ඒ පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් ඊයේ (02) කොළඹ නාලන්දා විද්‍යාලයේ දී පැවැත්වුණු අතර ශ්‍රී ලංකා බේස්බෝල් සංගමයේ නිලධාරීන්, පාසල් බේස්බෝල් සංගමයේ නිලධාරීන්, නාලන්දා විද්‍යාලයේ විදුහල්පතිතුමා හා තරගාවලියේ සංවිධායක මණ්ඩලයේ නිලධාරීන් එම අවස්ථාවට සහභාගී වී සිටියේය.

ශ්‍රී ලාංකේය පාසල් බේස්බෝල් පිටියේ වැදගත්ම හා ප්‍රධානතම තරගාවලියක් වන මෙම තරගාවලිය ඔක්තෝබර් 10 වැනිදා සිට 14 වැනිදා දක්වා දියගම බේස්බෝල් ක්‍රීඩාංගණය, කොළඹ විශ්ව විද්‍යාලයීය ක්‍රීඩාංගණය හා ශාලිකා ක්‍රීඩාංගණය යන ක්‍රීඩාංගණ තුනේ දී පැවැත්වීමට නියමිතයි.

මෙවර තරගාවලිය කොළඹ නාලන්දා විද්‍යාලයේ ප්‍රධානත්වයෙන් සංවිධානය වන අතර එම විද්‍යාලයේ විදුහල්පතිතුමා, කනිෂ්ඨ ආදී ශිෂ්‍ය සංගමය හා ආදී නාලන්දීය බේස්බෝල් සංගමය සුපිරි බේස්බෝල් තරගාවලි අත්දැකීමක් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ට ලබා දීමට සංවිධාන කටයුතු සිදුකරමින් පවති.

පාසල් 15ක් මෙවර තරගාවලියට එක්වන අතර බේස්බෝල් ක්‍රීඩාවටම අනන්‍ය වූ දෙවරක් පරාජය වූ කණ්ඩායම් තරගාවලියෙන් ඉවත් වීමේ පිළිමළුන් පිටුදැකීමේ ආකාරයකට තරගාවලිය ක්‍රියාත්මක වන අතර ඒ අනුව සාමාන්‍ය පිළිමළුන් පිටුදැකීමේ ආකාරයට නොව සියලු කණ්ඩායම්වලට තරගාවලියේ රැඳී සිටීම සඳහා අවස්ථා දෙකක් හිමිවනු ඇත.

වසර හතකට පසු රාජකීයයෝ පළමු අදියර ජය ගනී

වසර හතක හේමන් කුසලානයේ පළමු අදියරේ ශාපයෙන් මිදෙමින් ගල්කිස්ස සාන්ත තෝමස් …

2017 වසරේ තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට කොළඹ නාලන්දා විද්‍යාලය සමත් වූ අතර 2012 වසරේ සිට 2015 වසර දක්වා ද ඔවුන් අඛණ්ඩව ශූරතාවය දිනා ගැනීම විශේෂත්වයක්.

පාසල් බේස්බෝල් සංගමයේ සභාපති කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති බී. ඒ. අබේරත්න මහතා අවස්ථාව අමතමින් අදහස් දක්වා සිටියේ නව සැලසුම් යටතේ ක්‍රීඩාව පාසල්වලට හඳුන්වා දීමට සූදානම් බවයි.

“පාසල් රැසක් පාසල් බේස්බෝල් සංගමය සමඟ සම්බන්ධ වන්නට සූදානම්, අධ්‍යාපන අමාත්‍යංශය සියලු පාසල් සිසුන්ට ක්‍රීඩාවක් අනිවාර්ය කරන්නට කටයුතු කරමින් පවතිනවා, අපගේ උත්සාහය ඉන් වාසිය ලබාගෙන මෙම ක්‍රීඩාව තව තවත් පාසල්වලට හඳුන්වා දීමටයි”

ක්‍රීඩාව ප්‍රවර්ධනයට ඇති එකම බාධාව ක්‍රීඩා උපකරණ හිඟය බව ද ඔහු ප්‍රකාශ කර සිටියා.

“ක්‍රීඩාවට ඇති ප්‍රධාන බාධාව උපකරණ නොමැති බවයි, නමුත් අපි දැන් විදේශ රටවල සංගම් කිහිපයක් සමඟ සාකච්ඡා කරගෙන යනවා ඒ සාකච්ඡා සාර්ථක වූ වහාම අපිට ක්‍රීඩා උපකරණ ලැබේවි.”

එම මධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් නාලන්දා විද්‍යාලයේ විදුහල්පති වත්තුහේවා මහතා මෙසේ අදහස් පල කරා.

“20න් පහළ තරගාවලිය සංවිධානය කරන්නට නාලන්දා විද්‍යාලයට ලබා දීම පිළිබඳ මම පාසල් බේස්බෝල් සංගමයට මම ස්තුතිවන්ත වෙනවා. කණ්ඩායම් විශාල ප්‍රමාණයක් සහභාගී වන තරගාවලියක් සංවිධානය කිරීම ලේසි පහසු කටයුත්තක් නොවෙයි. මේ අවස්ථාව දරුවන්ට ලබා දීලා ඔවුන්ගේ දක්ෂතා වැඩි කරලා ජාතික තලයේ දක්ෂතා සහිත දරුවන් බිහි කිරීම අපගේ අරමුණය.”

කොළඹ රාජකීය විද්‍යාලය, ආනන්ද විද්‍යාලය, නාලන්ද විද්‍යාලය, ඩී. එස්. සේනානායක විද්‍යාලය, මහනුවර ත්‍රිත්ව විද්‍යාලය, ධර්මරාජ විද්‍යාලය, කිංග්ස්වුඩ් විද්‍යාලය, සාන්ත අන්තෝනි විද්‍යාලය වටරැක, රිච්මන්ඩ් විද්‍යාලය, මහින්ද විද්‍යාලය, රණබිම රාජකීය විද්‍යාලය, හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය, මැදිරිගිරිය ජාතික පාසල. ගලේවෙල ජාතික පාසල සහ වෑවල ජාතික පාසල තරගාවලිය සඳහා එක්වීමට නියමිතයි.

තරගාවලියේ අවසන් මහා තරගය ඔක්තෝබර් 14 වැනිදා දියගම බේස්බෝල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර ක්‍රීඩාවේ ප්‍රමුඛයා ThePapare.com තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට සූදානම්. රැඳී සිටින්න අප සමඟින්.  

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<