ශ්‍රී ලංකාව ලෝක ශ්‍රේණිගත කිරීම්වල තවත් ඉදිරියට

909

ඉකුත් වසරේ පෙබරවාරි මාසයේ පාකිස්තානයේ දී පැවති බටහිර-ආසියානු කුසලාන බේස්බෝල් තරගාවලියේ දී (West-Asian Baseball Cup) අවසාන මහා තරගයෙන් ලකුණු 4-2ක් ලෙස සත්කාරක පාකිස්තාන කණ්ඩායම පරදා ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළේය.

ඒ වන විට ශ්‍රී ලංකාව ලෝක ශ්‍රේණිගත කිරීමේ හා ආසියානු ශ්‍රේණිගත කිරීමේ පිළිවෙළින් 52 හා 10 වන ස්ථානවල රැඳී සිටි අතර පාකිස්තානය 26 හා 5 වන ස්ථානවල රැඳී සිටිය හ.

මිල්විල්හී උල්කාපාතය – මයික් ට්‍රවුට්

බේස්බෝල් යනු ශ්‍රී ලාංකික අපිට ආධුනික ක්‍රීඩාවක් වුවත් ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් වල..

ඉන්පසු පැවති 28 වන ආසියානු බේස්බෝල් ශූරතාවලියේ දී (Asian Baseball Championship) ද හොංකොං කණ්ඩායමට එරෙහිව ලකුණු 2-0 ලෙස ජයක් ලැබීමට ද ලාංකික ක්‍රීඩකයන්ට හැකි විය. ඒ අනූව මේ වන විට නැවත සකස් කරන ලද ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක ශ්‍රේණිගත කිරීමේ 40 වන ස්ථානයටත්, ආසියානු ශ්‍රේණිගත කිරීමේ 7 වන ස්ථානයටත් උසස්වීම් ලැබ ඇත. ප්‍රබල ඇමෙරිකානු කණ්ඩායම ලෝක ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගෙන සිටින අතර එහි දෙවන ස්ථානය දරන ජපාන කණ්ඩායම ආසියානු ශ්‍රේණිගත කිරීමේ පෙරමුණ ගෙන සිටියි.

ලෝක ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකා කණ්ඩායම 2016 වසරේ දී 54 වැනි ස්ථානයේ පසුවිය. වසර දෙකක් තුළ ස්ථාන 14ක ඉහළ නැගීම අතිශයින්ම බැරෑරුම් කාර්යයක් බව පිළිගත යුතුය.

මක්නිසාද යත් ලාංකික කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ඇත්තේ ප්‍රධාන තරගාවලීන් 2ක් පමණි. එහි ද පළමු තරගාවලියේ (බටහිර ආසියානු බේස්බෝල් තරගාවලිය) අවසාන මහා තරගයට සුදුසුකම් ලබන කණ්ඩායම් දෙකට පමණක් දෙවැනි තරගාවලියට (ආසියානු බේස්බෝල් ශූරතාවලිය) වරම් ලැබේ. මෙවැනි බාධක හමුවේ ශ්‍රී ලාංකික කණ්ඩායම ලද ජයග්‍රහණ හා ශ්‍රේණිගත කිරීම්වල උසස්වීම් අප අගය කළ යුතුමය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

(Two pics:- නවතම ශ්‍රේණිගත කිරීම්)