කෝලිගේ රසිකයින්ට කණගාටුදායක ආරංචියක්

598
AFP

ඉන්දියානු කණ්ඩායම ටෙස්ට් තරග පහක් සඳහා එංගලන්තයේ සංචාරය කිරීමට නියමිත අතර එම සංචාරයට පෙර එංගලන්ත නායක විරාත් කෝලි එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ ‘සරේ’ ප්‍රාන්තයට ක්‍රීඩා කිරීමට නියමිතව තිබුනත් බෙල්ලේ ආබාධයක් හේතුවෙන් ඔහුට එම අවස්ථාව අහිමි වනු ඇතැයි වාර්තා වේ.

නෙදර්ලන්තයට අභියෝග කරන නව ජාත්‍යන්තර එක්දින කණ්ඩායම

එළඹෙන අගෝස්තු පළමු වැනිදා හා තුන්වැනි දා නෙදර්ලන්තය සමඟ පැවැත්වෙන එක්දින තරග….

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමඟ පැවති තරගයේ දී කෝලි මෙම ආබාධයට ලක්වූ අතර අද (24) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මේ පිළිබඳව තහවුරු කළේය.

කෝලිගේ ආබාධය, බෙල්ලේ පසු ප්‍රදේශයේ ආබාධයක් (slipped disc) බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ වෛද්‍ය කණ්ඩායම තහවුරු කළ අතර ආබාධය තව දුරටත් වැඩි වීමට පෙර සැත්කමක් සිදු කළ යුතු බවත් නැතහොත් ඔහුට එංගලන්ත සංචාරය අහිමි වනු ඇති බවත් වෛද්‍ය කණ්ඩායම් අනතුරු හඟවා තිබේ.

“කෝලි ජුනි 15 වැනිදා සිට ජාතික ක්‍රිකට් ඇකඩමියේ දී (NCA) නැවතත් පුහුණු වීම් හා ශාරීරික යෝග්‍යතා සැසිවලට සහභාගී වීමට නියමිතය. ඉන්දියාවේ එංගලන්ත හා අයර්ලන්ත සංචාරයට ප්‍රථම කෝලිට සම්පූර්ණ සුවය ලබා ගත හැකිවේවි යැයි වෛද්‍ය කණ්ඩායම විශ්වාස කරනවා.” යැයි මාධ්‍ය නිවේදනයේ තවදුරටත් සඳහන් ය.

ක්‍රිකට් පිටිය කැළඹූ ඩිවිලියර්ස්ගේ ප්‍රකාශය

වර්තමාන ක්‍රිකට් පිටියේ අද්විතීයම පිතිකරුවෙකු ලෙස සැලකිය හැකි දකුණු අප්‍රිකාවේ ඒ. බී. ඩිවිලියර්ස් …….

2017 ජුනි මාසයේ සිට කෝලි ටෙස්ට් තරග නවයකට ක්‍රීඩා කර ඇති අතර පසුගිය මාස 12 ඇතුළත ඉන්දියාව ක්‍රීඩා කළ එක්දින තරග 32න් තරග 29ක් ද, විස්සයි විස්ස තරග 18න් තරග 9ක් ද කෝලි ක්‍රීඩා කර තිබේ. ඉන්දියාව ක්‍රීඩා කළ ජාත්‍යන්තර තරග 59න් තරග 47ක් ක්‍රීඩා කර ඇති ඔහු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම මෙහෙයවමින් සම්පූර්ණ තරග වාරයක් ද ක්‍රීඩා කළේය.

කෝලිගේ අවිවේකි ක්‍රීඩා රටාව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ද අවධානයට යොමු වූ අතර නිමා වූ නිදහස් කුසලාන විස්සයි විස්ස තරගාවලියෙන් ද කෝලිව ඉවත් කර ඔහුව විවේක ගන්වන්නට තේරීම් කමිටුව ක්‍රියා කළේය. ”මට ශාරීරිකව සුළු සුළු අපහසුතා කිහිපයක් තිබෙනවා, මම ඒවායින් සුව වෙන්න උත්සහ කරනවා, මට කිරීමට ඇති වැඩ ප්‍රමාණය මහන්සි විය යුතු ප්‍රමාණය මගේ ශරීරයට ටිකක් දරන්නේ නැහැ, මට පරිස්සම් වෙන්න වෙනවා ඉදිරියටත් ක්‍රීඩා කරන්න නම්.” එම අවස්ථාවේ දී අදහස් දක්වමින් කෝලි පවසා තිබුණි.

ඉන්දීය නායකයා ඉන්දියාව සමඟ පැවැත්වෙන ඇෆ්ගනිස්තාන් කණ්ඩායමේ මංගල ටෙස්ට් තරගයට සහභාගී නොවී, එළඹෙන ජුනි මාසයේ දී සරේ කණ්ඩායම හා එක්වී තරග හයක් ක්‍රීඩා කිරීමට නියමිතව තිබුණි. අවසාන වතාවට එංගලන්තයේ කළ සංචාරයේ දී විරාත් කෝලි එතරම් දස්කම් දැක්වීමට සමත් නොවූ අතර 13.4ක සාමාන්‍යයක් පවත්වා ගනිමින් ඔහු රැස්කර ගැනීමට සමත් වූයේ ලකුණු 134ක් පමණි. එංගලන්තයේ සරේ ප්‍රාන්තයෙන් ලැබුණු අවස්ථාව ඔහුට ඉතා වැදගත් අවස්ථාවක් වනුයේ එබැවිනි. ”මම බොහෝ කාලයක් බලා සිටියා එංගලන්ත ප්‍රාන්ත තරගාවලියක් ක්‍රීඩා කරන්න, ඇලෙක් ස්ටුවර්ට්ට හා සරේ බලධාරීන්ට මම ස්තුතිවන්ත වෙනවා මට මේ අවස්ථාව ලබා දුන්නාට, මම නොඉවසිල්ලෙන් බලන් ඉන්නේ කියා ඕවල් ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කරන්න.” සරේ ප්‍රාන්තය සමග ගිවිසුම්ගත වීමෙන් පසු කෝලි පවසා සිටියේය.

ඉන්දියාවට ඉදිරියේ දී කාර්ය බහුල ක්‍රිකට් කාලසටහනක් ඇති අතර ජුනි මාසයේ ඇෆ්ගනිස්තාන ටෙස්ට් තරගාවලියත්, අයර්ලන්තයේ දී පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලියක් හා ඉන්පසු දීර්ඝ එංගලන්ත සංචාරයකට ඔවුන් සහභාගී වීමට නියමිතයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<