අසෙනි තලගුණේ ගේ තුන් ඉරියව් දක්ෂතාත් සහ ලිමංසා තිලකරත්න ගේ දක්ෂ පන්දු යැවීමත් හමුවේ ලෝක කුසලාන පෙර පුහුණු 2 වැනි තරගයෙන් සැමෝවා රාජ්‍යයට එරෙහි ව ලකුණු 76ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට අද (15) හැකි වෙනවා.
ඒ අනුව මැලේසියාවේ දී මේ සති අන්තයේ පැවැත්වෙන 2 වැනි වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානමක් ලෙසින් පැවැති පුහුණු තරග අදින් අවසන් වෙනවා.
Negeri Sembilan හී Kolej Tuanku Ja’afar ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩිකාවෝ සියලුම දෙනා දැවී ලකුණු 114ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් සැමෝවා වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩිකාවන්ට සියලුම දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 38ක් පමණයි.
කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත් අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන්ගේ පළමු කඩුලු ද්විත්වය ලකුණු 11ක් වෙද්දී දැවී යනවා.
අනතුරු ව සුමුදු නිසංසලා සහ මනුදි නානායක්කාර එක් ව 3 වැනි කඩුල්ල සඳහා පන්දු 22ක දී ලකුණු 36ක සබඳතාවක් ගොඩ නැගීමට සමත් වෙනවා. මනුදි නානායක්කා පන්දු 10කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 13ක් ලබා ගෙන සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා.
අනතුරු ව එතෙක් පිටියේ රැදී සිටි සුමුදු නිසංසලා සිව් වැනි කඩුල්ල දැවී යද්දී ශ්‍රී ලංකා ඉනිම කියැවුණේ කඩුලු 4ක් දැවී ලකුණු 55ක් ලෙසයි. ඇය පිටියෙන් ඉවත් ව යද්දී පන්දු 19කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 23ක් ලබා සිටියා.
අනතුරු ව ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 5ක් පන්දු 17ක් තුළ දවා ගැනීමට ආධුනික කණ්ඩායමක් ලෙසින් හැඳින්වෙන සැමෝවා ක්‍රීඩිකාවෝ සමත් වීම කැපී පෙණුනා. ඔවුන් එම කඩුලු 5 දවා ගන්නේ ලකුණු 15ක් පමණක් ලබා දෙමිනුයි.
එම අවස්ථාවේ දී අවසන් කඩුල්ල ලෙසින් පිටියට එක් වූ අසෙනි තලගුණේ සහ ප්‍රමුදි මෙත්සරා ශ්‍රී ලංකා ඉනිමට ලකුණු 38ක සබඳතාවක් ගොඩ නගනවා. ඔවුන් දෙදෙනා මෙම සබඳතාව ගොඩ නැගීම සඳහා පන්දු 48ක් වැය කරනවා. එම සබඳතාව නොවන්නට ශ්‍රී ලංකා ඉනිමේ ඉරණම මීට හාත්පසින් ම වෙනස් වීමට ඉඩ තිබුණා.
කෙසේ වෙතත් ඉනිම අවසන් වන විට ප්‍රමුදි මෙත්සරා පන්දු 24කට මුහුණ දෙමින් ලකුණු 9ක් ලබා ගත් අතර අසෙනි තලගුණේ පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 23ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී Jane Taliilagi Manase ලකුණු 23කට කඩුලු 3ක් දවා ගත් අතර ඊට අමතර ව Silepea Polataivao සහ Avetia Fetu Mapu කඩුලු 2ක් බැගින් ද, Katrina Uiese Taa Samu සහ Olive Lefaga Lemoe කඩුල්ල බැගින් ද දවා ගත්තා.
- ශ්‍රී ලංකාව නැවතත් බංග්ලාදේශයට පරාජය වේ
- ලෝක ශූරියන් සමඟ තරගාවලියට එක් වෙන ශ්‍රී ලංකාව
- T20 ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා සංචිතය නම් කරයි
- බංග්ලාදේශ යෞවනීයෝ තරගාවලිය සම කරයි
- 13න් පහළ පාසල් ක්‍රිකට් ශූරතාව බෙදී යයි
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සමෝවා ක්‍රීඩිකාවෝ තම අඩු අත්දැකීම් ඉදිරියේ අසරණ වෙමින් ප්‍රතිවාදීන් හමුවේ තම ඉනිම පන්දු 76කට සීමා කර ගන්නවා. එම ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වන්නේ Olive Lefaga Lemoe. ඇය පන්දු 20කට මුහුණ දෙමින් ලකුණු 7ක් ලබා ගන්නවා.
ඔවුන්ගේ ඉනිමේ මැද පෙළ කඩුලු 5ක් ලකුණු 4ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ සමත් වීම කැපී පෙණුනා. ඒ සඳහා ඔවුන් වැය කරන්නේ පන්දු 14ක් පමණයි.
කඩුලු දවා ගැනීමේ ලිමංසා තිලකරත්න පන්දු 16ක් යවමින් ලකුණු 6කට කඩුලු 5ක් දවා ගන්නවා. ඊට අමතර ව චමුදි ප්‍රබෝධා ලකුණු 6කට කඩුලු 3ක් සහ අසෙනි තලගුණේ ලකුණු 7කට කඩුලු 2ක් දවා ගන්නවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම – සියලුම දෙනා දැවී 114 (18.2) සුමුදු නිසංසලා 23, අසෙනි තලගුණේ නොදැවී 23, Avetia Fetu Mapu 2/23, Jane Taliilagi Manase 3/23, Silepea Polataivao 2/16
සැමෝවා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම – සියලුම දෙනා දැවී 38 (12.4) Olive Lefaga Lemoe 07, චමුදි ප්‍රබෝධා 3/06, අසෙනි තලගුණේ 2/07, ලිමංසා තිලකරත්න 5/06
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායමට ලකුණු 76ක ජයක්.
වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය මේ මස 18 වැනිදා සිට පෙබරවාරි මස 2 වැනිදා දක්වා මැලේසියාවේ දී පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය ජනවාරි මස 19 වැනිදා මැලේසියාව සමඟින් පැවැත්වේ.
වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<