වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මෙම කණ්ඩායමේ නායකත්වය සුපුරුදු පරිදි මොරටුව වේල්ස් කුමරි විද්‍යාලයේ මනුදි නානායක්කාර හට හිමි වී ඇති අතර, උපනායකත්වය මාතර අනුර විද්‍යාලයේ රශ්මිකා සෙව්වන්දි හට හිමි වී තිබෙනවා.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්‍රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
- චරිත් සහ දුනිත් ශ්‍රී ලංකාවේ ජය තහවුරු කරයි
ශ්‍රී ලංකා සංචිතය;
මනුදි නානායක්කාර (මොරටුව වේල්ස් කුමරි විද්‍යාලය)
රශ්මිකා සෙව්වන්දි (මාතර අනුර විද්‍යාලය)
විමෝක්ෂා බාලසූරිය (ත්‍රිකුණාමලය සිංහල විද්‍යාලය)
හිරුණි හංසිකා (රත්ගම දේවපතිරාජ විද්‍යාලය)
සුමුදු නිසංසලා (රත්ගම දේවපතිරාජ විද්‍යාලය)
දැහැමි සනුත්මා (නුගේගොඩ අනුලා විද්‍යාලය)
රශ්මි නේත්‍රාංජලී (රත්ගම දේවපතිරාජ විද්‍යාලය)
සශිනි ගිම්හානි (රත්ගම දේවපතිරාජ විද්‍යාලය)
අශේනි තලගුණේ (මහනුවර මහාමායා විද්‍යාලය)
ප්‍රමුදි මෙත්සරා (අම්පාර උහන මධ්‍ය විද්‍යාලය)
චමෝදි ප්‍රබෝදා (මොණරාගල පඤ්ඤානන්ද මහා විද්‍යාලය)
සංජනා කාවින්දි (රත්ගම දේවපතිරාජ විද්‍යාලය)
දනුලි තෙන්නකෝන් (කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය)
ලිමංසා තිලකරත්න
ශෙහාරා ඉඳුවරී (රත්ගම දේවපතිරාජ විද්‍යාලය)
අතිරේක – නෙතඟි ඉසුරාංජලී
තරගාවලියේ මූලික වටයේ දී ශ්‍රී ලංකාව විසින් ඉන්දියාව, බටහිර ඉන්දීය කොදෙව් සහ මැලේසියාව සමඟ A කාණ්ඩය යටතේ තරග වදිනු ඇති.
තරගාවලියට සහභාගී වීමට නියමිත කණ්ඩායම අද (11) දිනයේ ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට නියමිතයි.
තරගාවලිය පිළිබඳ ව සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<