මල්ෂා සහ උමේෂාගේ සුපිරි දස්කම්වලින් මහනුවරට ජය

442

වයස අවුරුදු 23න් පහළ සුපිරි පළාත් කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග දෙක අද (5) ක්‍රියාත්මක වූ අතර ඒ තරග අතරින් පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට මහනුවර හා ගාල්ල කණ්ඩායම් සමත් විය.

කෙසේ නමුත් තරගාවලිය අවසානයේ එක් එක් කණ්ඩායම් ලබාගත් ප්‍රසාද ලකුණු අනුව මල්ෂා ෂෙහානි නායකත්වය දරන මහනුවර කණ්ඩායමට මෙම තරගාවලියේ ශූරතාවය හිමි විය.

වැඩි වාසිය දඹුල්ල හා ගාල්ල කණ්ඩායම්වලට

ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 23න් පහළ කාන්තා සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලිය ඊයේ (2) කණ්ඩායම්…

කොළඹ හා මහනුවර

බණ්ඩාරගම මහජන ක්‍රීඩා පිටියේ පැවති මේ තරගය පළමු ඉනිමේ ජයක් ලබාගෙන අවසන් කිරීමට මහනුවර කණ්ඩායම සමත් විය. තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට කොළඹ කණ්ඩායම සමත් වූ අතර ඔවුන් පළමුව පන්දුවට පහර දී ලකුණු 117ක් රැස්කර ගන්නා ලදි. එහි දී නායිකා හසිනි ලකුණු 27කට දැවී ගියාය. දක්ෂ ලෙස පන්දු යැවූ මල්ෂා ෂෙහානි හා උමේෂා තිමේශානි අතරේ කඩුලු 4 බැගින් බෙදී ගියහ.

පන්දුවෙන් මෙන්ම පිත්තෙන් ද දස්කම් දැක්වූ මල්ෂා හා උමේෂා පිළිවෙළින් ලකුණු 48 බැගින් ලබා ගත්තේ මහනුවර පළමු ඉනිම සවිමත් කරමිනි. තරගයේ නියමිත කාලය අවසානයේ තරගයේ ජය මහනුවර කණ්ඩායමට හිමි විය. පන්දු යැවීමේ දී මල්ෂා රණතුංග හා තාරිකා සෙව්වන්දි අතරේ කඩුලු 2ක බැගින් බෙදී ගියහ.

කොළඹ හා ගාල්ල අතර තරගයේ ඡායාරූප ඇල්බමය

කොළඹ පළමු ඉනිම – 117 (49.1): හසිනි පෙරේරා 27, තාරක සෙව්වන්දි 23, මල්ෂා ෂෙහානි 4/29, උමේෂා තිමේශානි 4/36.

මහනුවර පළමු ඉනිම – 141/6 (41): මල්ෂා ෂෙහානි 48*, උමේෂා තිමේශානි 48, මල්ෂා රණතුංග 2/23, තාරිකා සෙව්වන්දි  2/31.


දඹුල්ල හා ගාල්ල

කාසියේ වාසිය දිනාගත් හර්ශිතා මාධවීගේ තීරණය වූයේ හොරණ ආරොන් ක්‍රීඩාංගණයේ දී පළමුව පන්දුවට පහර දීමටයි. කෙසේ වෙතත් එම ලබාගත් තීරණයෙන් උපරිම ඵල නෙලා ගැනීමට දඹුල්ල කණ්ඩායම අපොහොසත් වූයේ සත්‍යා සංදීපනී හා දේවපතිරාජ විද්‍යාලයේ කවීෂා දිල්හාරි දක්ෂ ලෙස පන්දු යැවූ නිසාවෙනි. ශෂිනි ප්‍රනාන්දු හා ලිහිණි අප්සරා පිළිවෙළින් ලකුණු 19ක් හා ලකුණු 18ක් වාර්තා කළේ දඹුලු පළමු ඉනිම ලකුණු 87ක් දක්වා ගෙනයමිනි.

අනතුරුව සිය පළමු ඉනිම දියත් කළ ගාල්ල කණ්ඩායම සෙමින් සෙමින් සිය ඉලක්කය වෙත ළඟා වූ අතර අවසානයේ ඔවුන් දඹුල්ල කණ්ඩායමට එදිරිව පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට සමත් විය.

දඹුල්ල පළමු ඉනිම – 87 (48.5): ශෂිනි ප්‍රනාන්දු 19, ලිහිණි අප්සරා 18, සත්‍යා සංදීපනී 4/24, කවීෂා දිල්හාරි 3/19.

ගාල්ල පළමු ඉනිම – 88/9  (47):

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<