Home Sinhala ලහිරු රාජකීයයින් ජයග්‍රහණය කරා රැගෙන යයි

ලහිරු රාජකීයයින් ජයග්‍රහණය කරා රැගෙන යයි

563

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය අතර 44 වැනි වරටත් පැවති එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගයේ දී කඩුල්ලක තියුණු ජයක් ලබා ගැනීමට රාජකීය විද්‍යාලය සමත් විය.

ධර්මරාජ නායකයා සුපිරි ඉනිමක් සමඟින් ජයග්‍රහණයේ බලාපොරොත්තු දල්වයි

ශ්‍රී ලංකාවේ පාසල් මහා ක්‍රිකට් තරග අතරින් පැරණිතම එකක් වන මහනුවර…..

අද (16) කොළඹ සිංහල ක්‍රීඩා සමාජය පිටියේ දී අවසන් වූ මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් සාන්ත තෝමස් ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 255ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජකීය ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 259ක් රැස් කළහ. ඒ තවත් පන්දු 12ක් ඉතිරිව තිබිය දී ය.

ඒ අනුව දෙවිදුහල් අතර 140 වැනි වරටත් පැවති වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ දී රාජකීය ක්‍රීඩකයෝ ලත් පරාජයේ මෙම තරග ජයග්‍රහණයත් සමගින් තරමක අවම කර ගැනීමට සමත් වූහ.

Photos: Royal College vs S. Thomas’ College – 44th One Day Encounter

කාසියේ වාසිය දිනා ගත් සාන්ත තෝමස් විද්‍යාලයීය නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට තම කණ්ඩායමට අවස්ථාව ලබා ගනිමින් පිටියට පිවිසෙමින් එම ඉනිම වෙනුවෙන් අර්ධ ශතක 3ක් එක් කර ගත්තේ ය. ඉන් වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස් කර ගනු ලැබුවේ උමයංග සුවාරිස් විසිනි.

ඔහු පන්දු 89කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 81ක් ලබා ගත්තේ ය. ඊට අමතරව ආරම්භක පිතිකරු සිතාර හපුහින්න පන්දු 66ක දී හතරේ පහර 7ක් සමඟින් ලකුණු 51ක් ද, රයන් ප්‍රනාන්දු පන්දු 70කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 51ක් ද ලබා ගත්හ.

කෞෂාන් සසංක ඌව රන් සටනේ දී ශතකයක් ලබා ගනී

බණ්ඩාරවෙල සාන්ත ජෝසප් විද්‍යාලය සහ බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය…..

සාන්ත තෝමස් ඉනිම අවසන් වෙද්දී කළණ පෙරේරා පන්දු 30ක දී හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 37ක් ලබා සිටියේ ය.

කඩුලු ලබා ගැනීමේ දී ලහිරු මධුශංක, සොනාල් අමරසේකර සහ මනුල පෙරේරා කඩුල්ල බැගින් බෙදා ගත් අතර තෝමස් ඉනිමේ දුවද්දී දැවී යෑම් දෙකක් ද විය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිස රාජකීය ඉනිම වෙනුවෙන් අර්ධ ශතක 3ක් එක් විය. ඒ අතරින් කමිල් මිෂාර පන්දු 82කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 68ක් ලබා ගත් ඉනිම කැපී පෙනුණි. ඔහු මෙන්ම අශාන් සචින්ත පන්දු 102කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 67ක් ලබා ගත්තේ ය. ඔවුන් දෙදෙනා අතර 3 වැනි කඩුල්ලට එක් වූ සබඳතාව ලකුණු 61කි.

ඊට අමතරව ආරම්භක රාජකීය විද්‍යාලයේ ආරම්භක පිතිකරු කවිඳු මදාරසිංහ පන්දු 53කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 51ක් ලබා ගත්තේ ය.  තෙවිඳු සේනාරත්න (0), සොනාල් අමරසේකර (7), කුශාන් කුලසූරිය (2), සදීෂ රාජපක්ෂ (3), මනුල පෙරේරා (0) සහ ගිෂාන් බාලසූරිය (0*) අඩු ලකුණුවලට සීමා වෙද්දී ලහිරු මධුශංක එක් අන්තයක් ආරක්ෂා කර ගනිමින් තරගය ජයග්‍රහණය කරා රැගෙන යන විට පන්දු 17ක දී හතරේ පහරක් සහ හයේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 46ක් ලබා සිටියේ ය.

ඔහුගේ එම ඉනිම තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීමට ද හේතු වුණි.

ආදරවන්තයෝ කරට කර සටනක

දකුණුලක අගනගරය ක්‍රිකට් උන්මාදයෙන් ඇවිලෙන ගාලු ආදරවන්තයෙන්ගේ සටන….

කඩුලු ලබා ගැනීමේ දී ෂැනෝන් ප්‍රනාන්දු ලකුණු 45කට කඩුලු 4ක දවා ගත්තේ ය. ෂැනොන් ප්‍රනාන්දුට හිමි වූ කඩුලු සංඛ්‍යාව දෙකකි. යොහාන් පෙරේරාට ද එක් කඩුල්ලක් හිමි වූ අතර රාජකීය ඉනිමේ දුවද්දී දැවී යෑම් දෙකක් ද විය.  

තරගයේ දක්ෂතම පිතිකරුවන් ලෙසින් සාන්ත තෝමස් විද්‍යාලයේ උමයංග සුවාරිස් ද, රාජකීය විද්‍යාලයේ කමිල් මිෂාර ද නම් කෙරුණ අතර දක්ෂතම පන්දු යවන්නන් ලෙසින් රාජකීය විද්‍යාලයේ සොනාල් අමරසේකර ද සාන්ත තෝමස් විද්‍යාලයේ ෂැනොන් ප්‍රනාන්දු ද නම් කෙරුණි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

Result


Royal College
259/9 (48)

S. Thomas’ College
255/6 (50)

Batsmen R B 4s 6s SR
Sithara Hapuhinna c Thevindu Senarathna b Sonal Amarasekara 51 66 7 0 77.27
Shalin De Mel b Lahiru Madushanka 11 20 2 0 55.00
Ryan Fernando c Thevindu Senarathna b Gishan Balasuriya 51 70 7 0 72.86
Ravindu De Silva lbw b Manula Perera 6 12 0 0 50.00
Umayanga Suwaris run out (Kavindu Madarasinghe) 81 89 8 0 91.01
Shamilka Wickramathilake run out (Ahan Sanchitha) 5 15 0 0 33.33
Kalana Perera not out 37 30 2 2 123.33
Dellon Peiris not out 0 0 0 0 0.00


Extras 13 (b 2 , lb 3 , nb 2, w 6, pen 0)
Total 255/6 (50 Overs, RR: 5.1)
Bowling O M R W Econ
Sadisha Rajapaksha 3 0 17 0 5.67
Kavindu Pathirathne 7 0 39 0 5.57
Lahiru Madushanka 9 0 54 1 6.00
Kaushan Kulasooriya 10 1 38 0 3.80
Sonal Amarasekara 10 0 60 1 6.00
Manula Perera 6 1 12 1 2.00
Gishan Balasuriya 5 0 30 0 6.00


Batsmen R B 4s 6s SR
Kavindu Pathirathne c Shalin De Mel b Kalana Perera 2 9 0 0 22.22
Kavindu Madarasinghe c Kishan Munasinghe b Kalana Perera 51 53 6 2 96.23
Ahan Sanchitha c Kishan Munasinghe b Yohan Perera 67 102 6 0 65.69
Kamil Mishara b Shannon Fernando 68 82 7 1 82.93
Thevindu Senarathna run out (Shamilka Wickramathilake) 0 1 0 0 0.00
Sonal Amarasekara run out (Ryan Fernando) 7 9 1 0 77.78
Kaushan Kulasooriya c Kishan Munasinghe b Shannon Fernando 2 5 0 0 40.00
Sadisha Rajapaksha st Sithara Hapuhinna b Shannon Fernando 3 6 0 0 50.00
Lahiru Madushanka not out 46 17 1 6 270.59
Manula Perera b Shannon Fernando 0 1 0 0 0.00
Gishan Balasuriya not out 0 3 0 0 0.00


Extras 13 (b 5 , lb 0 , nb 0, w 8, pen 0)
Total 259/9 (48 Overs, RR: 5.4)
Bowling O M R W Econ
Kalana Perera 9 0 78 2 8.67
Kishan Munasinghe 8 1 28 0 3.50
Shamilka Wickramathilake 2 0 18 0 9.00
Yohan Perera 8 0 41 1 5.12
Shannon Fernando 9 0 45 4 5.00
Dellon Peiris 5 0 19 0 3.80
Umayanga Suwaris 7 1 29 0 4.14