ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 31ක් දෙනෙකු IPL වෙන්දේසියට

1488
iplt20

2021 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා වන ක්‍රීඩක වෙන්දේසියට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 31ක් ලියාපදිංචි වී තිබෙනවා. ක්‍රීඩකයින්ට IPL වෙන්දේසිය සඳහා ලියාපදිංචි වීම සඳහා ලබා දුන් කාලසීමාව පෙබරවාරි මස 04 වනදා අවසන් වුනා. 

2021 IPL තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා ක්‍රීඩකයින් 1097ක් දෙනෙකු ලියාපදිංචි වී තිබීම විශේෂත්වයක්. ඉන් ක්‍රීඩකයින් 814ක් ඉන්දීය ක්‍රීඩකයින් වන අතර ඉතිරි ක්‍රීඩකයින් 283 දෙනා විදෙස් ක්‍රීඩකයින්. 2021 IPL තරගාවලිය සඳහා වන ක්‍රීඩක වෙන්දේසිය එළඹෙන 18 වනදා චෙන්නායිහි දී පැවැත්වීමට නියමිතයි. 

තවත් ක්‍රිකට් පුවත් කියවන්න: 

ජාත්‍යන්තර වරම් ලත් ක්‍රීඩකයින් 207 දෙනෙකු, ජාත්‍යන්තර වරම් නොලත් ක්‍රීඩකයින් 863 දෙනෙකු හා අර්ධ සාමාජික රටවල ක්‍රීඩකයින් 27 දෙනෙකු මෙවර වෙන්දේසියට ඉදිරිපත්ව සිටිනවා. මීට පෙර IPL තරගයක් ක්‍රීඩා කළ, නමුත් ජාත්‍යන්ත වරම් නොලැබූ ඉන්දීය ක්‍රීඩකයින් 50 දෙනෙකු හා මීට පෙර IPL තරගයක් ක්‍රීඩා කළ, නමුත් ජාත්‍යන්තර වරම් නොලැබූ විදෙස් ක්‍රීඩකයින් දෙදෙනෙක් ද වෙන්දේසියට ඉදිරිපත් වූ ක්‍රීඩකයින් අතර සිටිනවා. 

IPL වෙන්දේසියට විදෙස් ක්‍රීඩකයින් වැඩිම ගණනක් එක්ව සිටින්නේ බටහිර ඉන්දීය කොදෙව් දූපත් නියෝජනය කරමිනුයි. කොදෙව් ක්‍රීඩකයින් 56 දෙනෙකු මෙවර වෙන්දේසියට එක්ව සිටිනවා. ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් 42ක්, දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් 38ක්, ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 31ක්, ඇෆ්ගනිස්තානයෙන් ක්‍රීඩකයින් 30ක් හා නවසීලන්තයෙන් ක්‍රීඩකයින් 29ක් වෙන්දේසියට ඉදිරිපත්ව සිටිනවා. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<