මුලින් ලබා දුන් 50,000 පසුව ලක්ෂ පහක් වෙයි

228
Lahiru Udara & Duvindu Tillakaratne

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කොට පවත්වන ලද අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉහළ දක්ෂතා දක්වන ලද ක්‍රීඩකයින්ගේ දක්ෂතා අගය කිරීම වෙනුවෙන් තරගාවලියේ දක්ෂතම පිතිකරුවා සහ දක්ෂතම පන්දු යවන්නා වෙනුවෙන් මුදලින් රුපියල් ලක්ෂ 5 බැගින් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක සභාව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව තරගාවලියේ දක්ෂතම පිතිකරුවා බවට පත් වුණු කොළඹ NCC ක්‍රීඩා සමාජයේ ලහිරු උදාරටත්, දක්ෂතම පන්දු යවන්නා බවට පත් වුණු BRC කණ්ඩායමේ දුවිඳු තිලකරත්නටත් මුදලින් රුපියල් ලක්ෂ 5 බැගින් හිමිවනවා.

තවත් ක්‍රිකට් පුවත්:

මෙම ත්‍යාගවලට අමතරව තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සම්මාන දිනා ගත් කොළඹ CCC කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක අශාන් ප්‍රියන්ජන්ට මුදලින් රුපියල් ලක්ෂයක් සහ ලක්ෂ 20ක් වටිනා මෝටර් රථයක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

මෙම ත්‍යාග පිරිනැමීම අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම සීමිත පන්දුවාර තරගාවලියේ ජය සංකේතපත් ප්‍රදානයට සමගාමීව සිදු කෙරුණා. කෙසේ නමුත් එදින පැවති මේ ත්‍යාග පිරිනැමීමේ දී ලහිරුට සහ දුවිඳුට ලබා දුන්නේ රුපියල් 50,000ක මුදලක් වුනු අතර ඒ පිළිබඳව සමාජ මාධ්‍ය තුල දැඩි ලෙස කතා බහට ලක්වුනා.

පසුව එම ත්‍යාග මුදල සඳහා එක් අයෙක්ට තවත් රුපියල් 450,000 බැගින් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක සභාව පියවර ගෙන තිබෙන අතර ඒ අනුව ඔවුන් දෙදෙනා හට රුපියල් ලක්ෂ 10ක මුදලක් (එක් අයෙක්ට රුපියල් ලක්ෂ 5 බැගින්) ත්‍යාග මුදල් ලෙස ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබීම සතුටට කරුණක්.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ගරු ලේකම් මොහාන් ද සිල්වා, තරගාවලි කමිටු සභාපති බන්දුල දිසානායක සහ ශ්‍රී ලංකා ක්‍රිකට් දේශීය තරග අංශ ප්‍රධානී චින්තක එදිරිමාන්න  යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ SSC පිටියේ දී පැවැත්වුනා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<