ලුම්බිණි – අනුරාධපුර විද්‍යාල අතර තරගය ජය පරාජයෙන් තොරයි

293
Singer U19 Schools Cricket

වයස අවුරුදු 19න් පහළ සිංගර් පාසල් ක්‍රිකට් තරගාවලියේ අද (25) පැවති තරග අතුරින් ලුම්බිණි විද්‍යාලය සහ අනුරාධපුර මධ්‍ය විද්‍යාලය අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවූ අතර අනෙක් තරග අද ප්‍රථම දිනය සඳහා ක්‍රියාත්මක විය. සිල්වෙස්ටර් සහ මහානාම විද්‍යාලයේ දෙවැනි දිනයට වර්ෂාව හරස් වූ බැවින් තරගය ප්‍රතිඵල රහිත විය.

පසුගිය ලිපි: ඩෙලෝන්ගේ දඟ පන්දුව තෝමසුවන්ට මුල් ඉනිමේ ජයක් හිමිකර දෙයි

ලුම්බිණි විද්‍යාලය සහ අනුරාධපුර මධ්‍ය විද්‍යාලය අතර තරගය

ජය පරාජයෙන් තොරව නිමාව දුටු මෙම තරගය කොළඹ කෝල්ට්ස් පිටියේදී පැවැත්වුණි. අද උදෑසන තරගය ආරම්භ කරන විට ප්‍රථම ඉනිම ක්‍රීඩා කරමින් සිටි අනුරාධපුර මධ්‍ය විද්‍යාලය කිසිවෙකු නොදැවී ලකුණු 17ක් ලබා සිටි අතර අද එම ඉනිම ලකුණු 142කට සීමා කරන්නට ලුම්බිණි පන්දු යවන්නෝ සමත් වූහ. විශිෂ්ට පන්දු යැවීමක නිරත වුනු ලුම්බිණි නායක තානුක දාබරේ ප්‍රතිවාදී කඩුලු 6ක් බිඳ හෙලන ලදී.

දෙවන ඉනිම ක්‍රීඩා කල ලුම්බිණි විද්‍යාලය කඩුලු 8ක් දැවී ලකුණු 139ක් ලබා සිටියදී ඉනිම අත්හිටවූ අතර ලකුණු 183ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි අනුරාධපුර පිතිකරුවෝ තරගය ජය පරාජයෙන් තොරව නිමාවන විට කඩුලු 6ක් දැවී ලකුණු 108ක් ලබා සිටියහ. තරගය පුරාවට ලුම්බිණි විද්‍යාලයේ දකුණත් පිට දඟ පන්දු යවන ක්‍රීඩක තානුක දාබරේ ලකුණු 81කට කඩුලු 8ක් බිඳ හෙලමින් සුවිශේෂී දස්කම් දක්වන ලදී.

ලුම්බිණි විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 186 (පන්දුවාර 47.4) විනු හේමාල් 33, ‍රවිඳු සංජීව 31, අමිත දාබරේ 29, මදුරංග චන්ද්‍රරත්න 5/50, සිතුම් බණ්ඩාර 2/30, ඩිල්ශාන් ලක්ෂිත 2/38, රවින්ත ප්‍රභාෂ්වර 1/22.

අනුරාධපුර මධ්‍ය විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 142 (පන්දුවාර 49.2) මලින්ද මූර්ති 24*, සිතුම් බණ්ඩාර 22, හේෂාන් ගුණවර්ධන 20, තානුක දාබරේ 6/34, විනූ හේමාල් 2/26.

ලුම්බිණි විද්‍යාලය (දෙවන ඉනිම) කඩුලු 8ක් දැවී ලකුණු 139 (පන්දුවාර 23) රවිඳු සංජීව 48, සිතුම් බණ්ඩාර 5/42, මධුරංග චන්ද්‍රරත්න 3/65.

අනුරාධපුර මධ්‍ය විද්‍යාලය (දෙවන ඉනිම) කඩුලු 6ක් දැවී ලකුණු 108 (පන්දුවාර 36.5) ධනංජය තම්මිට 42, සිතුම් බණ්ඩාර 27*, තානුක දාබරේ 2/47, කණිෂ්ක මධුවන්ත 4/40.


සාන්ත සර්වේසස් විද්‍යාලය සහ වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය අතර තරගය

වෙන්නප්පුව ඇල්බට් පීරිස් ක්‍රීඩාංගණයේදී අද ප්‍රථම දිනයට ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය සාන්ත ජෝසප් වාස් විද්‍යාලය සතු විය. ඔවුන්ගේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සාන්ත සර්වේසස් විද්‍යාලය සියලු දෙනාම දැවී ලකුණු 116ක් රැස් කරන ලදී. නිපුන් ධනංජය (5/33) සහ ආකාෂ් නානායක්කාර (4/32) සර්වේසස් ඉනිම අඩපණ කරමින් කඩුලු 9ක් දවාලන්නට සමත් විය.

පිලිතුරු ඉනිම සඳහා පිටියට පිවිසුණු ජෝසප් වාස් විද්‍යාලය ප්‍රථම දිනයට තරගය නතර කරන විට කඩුලු 6ක් දැවී ලකුණු 105ක් රැස් කරගෙන සිටිති. නිපුන් ධනංජය නොදැවී ලකුණු 30යි.

සාන්ත සර්වේසස් විද්‍යාලය සියල්ලන්ම දැවී ලකුණු 116 (පන්දුවාර 39.4) සඳරු නෙත්මිණ 46, නිපුන් ධනංජය 5/33, ආකාෂ් නානායක්කාර 4/32.

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය කඩුලු 6ක් දැවී ලකුණු 105 (පන්දුවාර 38) චරිත් හර්ෂණ 4/03, එන්. ධනුෂ්ක 42, නිපුන් ධනංජය 30*.


ධර්මාශෝක විද්‍යාලය සහ කොළඹ නාලන්ද විද්‍යාලය අතර තරගය

කොළඹ නාලන්ද විද්‍යාලය සත්කාරකත්වය උසුලන මෙම තරගයේ ප්‍රථම දිනයට වර්ෂාවෙන් බාධා එල්ල විය. එබැවින් අද තරගයේ ක්‍රියාත්මක කිරීමට හැකි වූයේ පන්දුවාර 28ක් පමණි. කාසියේ වාසිය දිනූ සත්කාරකයින්ගේ ආරාධනයට අනුව පිටියට පිවිසි අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 85ක් ලබා සිටිති.

ධර්මාශෝක විද්‍යාලය කඩුලු 2ක් දැවී ලකුණු 85 (පන්දුවාර 28) හර්ෂජිත් රුෂාන් 33*.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට