තර්ස්ටන් විද්‍යාලයට ඉණිමක ජයක්

270
Singer U19 Schools cricket February 1st roundup

තර්ස්ටන් විද්‍යාලයට ඉණිමක හා ලකුණු 62ක ජයග්‍රහණයක් හිමිවෙමින් සිංගර් අන්තර් පාසල් පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් දිනයක් අදින් (1) අවසන් විය. එහිදී චරණ නානායක්කාරගේ තුන් ඉරියව් දස්කම් තර්ස්ටන් විද්‍යාලයට තම ජයග්‍රහණය සඳහා විශාල සවියක් වූ බව සඳහන් කල යුතුවේ.

ලුම්බිණි විද්‍යාලයට කඩුලු 7ක ජයක්

සිංගර් 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 3ක් අද (31) අවසන් වන විට, තවත් තරග තුනක් පළමු දිනය සඳහා ආරම්භ විය.

වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයට එදිරිව කොළඹ තර්ස්ටන් විද්‍යාලය

කොළඹ තර්ස්ටන් විද්‍යාලය වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලයේ පළමු ඉණිමට වඩා ලකුණු 141ක් පෙරමුණේ පසුවෙමින් අද දිනය සඳහා ආරම්භය ලබාගත් අතර මෙම තරගයෙන්  කොළඹ තර්ස්ටන් විද්‍යාලයට ඉණිමක හා ලකුණු 62ක ජයග්‍රහණයක් හිමිවිය.

තර්ස්ටන් විද්‍යාලය වෙනුවෙන් උදෑසනම නවෝද් සමරකෝන් තම අර්ධ ශතකය වෙත ලඟා වූ අතර පසුව ලකුණු 171ක වාසියක් ද සමඟින් ඉණිම අත්හිටුවීමට තීරණය කරන ලදි. අනතුරුව තම දෙවන ඉණිම ක්‍රීඩා කල ජෝසප් වාස් විද්‍යාලයට එම ලකුණු ප්‍රමාණය ලබාගෙන ඉණිමක පරාජයෙන් හෝ බේරීමට තර්ස්ටන් විද්‍යාලයේ පන්දු යවන්නන් අවස්ථාව ලබා දුන්නේ නැත. නවීන් ගුණවර්ධන ලකුණු 20ක් තුල කඩුලු 4ක් දවාලූ අතර, සවන ප්‍රභාශ් කඩුලු 2ක් දවාලමින් දක්ෂ පන්දු යැවීමක නිරත විය.

වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 82 (පන්දුවාර 34.1): අංජන රුක්මාල් 19, චරණ නානායක්කාර 6/27, අයේෂ් හර්ෂණ 3/13

කොළඹ තර්ස්ටන් විද්‍යාලය පළමු ඉණිම –  කඩුලු 8ක් දැවී ලකුණු 253 dec (පන්දුවාර 62): චරණ නානායක්කාර 67, ඉමේෂ් විරංග 54, නවෝද් සමරකෝන් 50, සවන ප්‍රභාශ් 39, දනංජය පෙරේරා 5/72

වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය දෙවන ඉණිම – සියල්ලන්ම දැවී 109 (පන්දුවාර 48.4): දනංජය පෙරේරා 67, නවීන් ගුණවර්ධන 4/20, සවන ප්‍රභාශ් 2/02


මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයට එදිරිව කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

මොරටු ක්‍රීඩා පිටියේදී පළමු ඉණිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට සත්කාරක සාන්ත සෙබස්තියන් ක්‍රීඩකයෝ සමත් වූහ.

කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ පළමු ඉණිමට සාර්ථක ලකුණක් එක් කරගැනීමට එම විද්‍යාලයේ පිතිකරුවන්ට අවස්ථාව උදා නොවූයේ, ටශික පෙරේරාගේ දක්ෂ පන්දු යැවීම නිසාවෙනි. කවීෂ ජයතිලක එම ඉණිම වෙනුවෙන් නොදැවී ලකුණු 33*ක් ලබා ගන්නා ලදි. යළිත් තම දෙවන ඉණිම ඇරඹූ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය වෙනුවෙන් මලීෂ සෙනෙවිරත්න ලකුණු 62ක් ලබාගෙන තම විද්‍යාලය ඉණිමක පරාජයෙන් ගලවාගැනීමට හැකි මට්ටමකට ඉණිම ගොඩනංවන ලදි.

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 233 (පන්දුවාර 68.2): ඩේමියන් බයිසර් 59, මලින්ත පීරිස් 45, රොශාන් ප්‍රනාන්දු 36, ටශික පෙරේරා 28, නිමේෂ් බණ්ඩාර 24, මහේෂ් තීක්ෂණ 5/61, කවීශ ජයතිලක 4/68

කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය පළමු ඉණිම  – සියල්ලන්ම දැවී ලකුණු  98 (පන්දුවාර 47): කවීෂ ජයතිලක 33*, මහේෂ් තීක්ෂණ 25, ටශික පෙරේරා 4/44, විනුජ රණසිංහ 2/18, අශේර් වර්ණකුලසූරිය 2/24

කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය දෙවන ඉණිම (f/o)  – කඩුලු 6ක් දැවී ලකුණු 212 (පන්දුවාර 75): මලීශ සෙනෙවිරත්න 62, ශෙහාන් ප්‍රනාන්දු 34*, දිනිත බස්නායක 32, කවීෂ ජයතිලක 24*, විමුක්ති ද මෙල් 2/30


කුරුණෑගල මලියදේව විද්‍යාලයට එදිරිව මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය

කුරුණෑගල මලියදේව විද්‍යාලයේ පළමු ඉණිම කඩුලු 2ක් දැවී ලකුණු 86ක් ලෙස දැක්වෙද්දී පළමු දිනය අවසන් වූ මෙම තරගය කටුනේරිය සාන්ත සෙබස්තියන් විදුහල් පිටියේදී පැවැත්විය. මෙම තරගයෙන් මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයට පළමු ඉණිමේ ජයක් හිමිවිය.

කුරුණෑගල මලියදේව විද්‍යාලයේ මුල් කඩුලු අතර හොඳ සබඳතාවයක් ‍ගොඩනැංවුනද, මැදපෙළ පිතිකරණය දුර්වල වීම නිසා ඔවුන්ට නැවතත් තම දෙවන ඉණිම ක්‍රීඩා කිරීමට සිදුවිය.

දුලාජ් රණතුංග මලියදේව විද්‍යාලයේ පළමු ඉණිමට ලකුණු 50ක් ලබාගෙන දස්කම් දක්වන ලදි. දෙවන ඉණිමේ වැඩිම ලකුණුලාභියා වූ දිනංජය ප්‍රේමරත්න දැකුම්කළු පහර කිහිපයක්ම සමඟින් තම විද්‍යාලයේ ලකුණු පුවරුවට ලකුණු 93ක් එක් කලේ පසිදු උශෙට්ටිගේ දක්ෂ පන්දු යැවීම හමුවේයි. පසිදු මාරිස්ටෙලා විද්‍යාලය වෙනුවෙන් දෙවන ඉණිමේ කඩුලු 3ක් දවාලීමට සමත් විය.

මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 7ක් දැවී ලකුණු 407 (පන්දුවාර 74): අශාන් ප්‍රනාන්දු 117, රවිදු ප්‍රනාන්දු 117, ලසිත් කෘෘස්පුල්ලේ 52, සචිදු කොළඹගේ 41, රොශේන් ප්‍රනාන්දු 33, කවීන් බණ්ඩාර 4/72, දමිත සිල්වා 2/106

කුරුණෑගල මලියදේව විද්‍යාලය පළමු ඉණිම –  සියල්ලන්ම දැවී ලකුණු 171 (පන්දුවාර 40.5): දුලාජ් රණතුංග 50, ඩිල්ශාන් කොල්ලුරේ 31, රවිදු ප්‍රනාන්දු 7/34, පසිදු උශෙට්ටි 3/65  

කුරුණෑගල මලියදේව විද්‍යාලය දෙවන ඉණිම  (F/O) – කඩුලු 5ක් දැවී ලකුණු 289 (පන්දුවාර 75): දිනංජය ප්‍රේමරත්න 93, දුලාජ් රණතුංග 57, ඩිල්ශාන් කොල්ලුරේ 46, මුදිත ප්‍රේමදාස 35, කවීන් බණ්ඩාර 30*, පසිදු උශෙට්ටි 3/93, සචින් කොළඹගේ 2/64

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට <<