උත්සවශ්‍රීයෙන් ඊයේ (23) දිනයේ දී ආරම්භ වුන 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ ක්‍රීඩා ඉසව් රැසක මූලික වටයේ තරග මෙන්ම අවසන් තරග ද අද (24) නිමාවට පත්වුනා. 

අද ඔලිම්පික් ක්‍රීඩාලෝලීන්ගේ විශේෂ අවධානය දිනා ගැනීමට සිරියානු ජාතික මේසපන්දු ක්‍රීඩිකාවක් වන Hend Zaza සමත් වුනේ 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල නියෝජනය කරන ළාබාලතම ක්‍රීඩිකාව බවට පත්වෙමින්. කෙසේ වෙතත් අවාසනාවන්ත ලෙස ඇය මූලික වටයේ දී ඔස්ට්‍රියානු ජාතික ක්‍රීඩිකා Liu J හමුවේ පරාජයට පත්වුනා. 

(Hend Zaza මෙවර ටෝකියෝ උළෙලේ මූලික වටයේ තරග වදිමින් – olympics.com)

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ පළමු රන් පදක්කමේ හිමිකාරිය වීමට චීනයේ Yang Qian සමත් වුනේ කාන්තා 10m Air Rifle ඉසව්ව ජයග්‍රහණය කරමින්. එම ඉසව්වේ රිදී පදක්කම සහ ලෝකඩ පදක්කම පිළිවෙළින් රුසියාවේ Anastasia Galashina සහ ස්විස්ටර්ලන්තයේ Nina Christen විසින් දිනා ගනු ලැබුවා. 

(10m Air Rifle ඉසව්වේ ජයග්‍රාහිකාවන් )

තවත් වෙඩි තැබීමේ ඉසව්වක් වන පිරිමි 10 meter air pistol ඉසව්ව නව ඔලිම්පික් වාර්තාවක් සමඟ ජයග්‍රහණය කිරීමට ඉරාන ජාතික Javad Foroughi සමත් වුනා. ඔහු විසින් දක්වන ලද දක්ෂතාවය ලකුණු 244.8ක්. 

>> නිලූකගේ තරගයේ ඡායාරූප ඇල්බමයට මෙතැනින් පිවිසෙන්න <<

කෙසේ වෙතත් එම ඉසව්වේ මූලික වටය අවසානයේ Javad Foroughi හට හිමිව තිබුණේ පස්වැනි ස්ථානයයි. මූලික වටය අවසානයේ පළමු ස්ථාන හතර හිමි කර ගත් කිසිදු ක්‍රීඩකයෙකුට පදක්කමක් ජයග්‍රහණය කර ගැනීමට අවස්ථාවක් හිමි නොවීම විශේෂත්වයක්. 

එම ඉසව්වේ රිදී පදක්කම සර්බියානු ජාතික Damir Mikec විසින් හිමි කරගත් අතර ලෝකඩ පදක්කම චීනයේ Pang Wei විසින් දිනා ගත්තා.   

Javad Foroughi – © Olympics

දුනු විදීම මිශ්‍ර කණ්ඩායම් ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට දකුණු කොරියානු ජාතික Kim Je-deok සහ An San සමත් වුනා. ඔවුන් දෙදෙනා ශ්‍රේණිගත කිරීමේ තරග වටයේ ද ප්‍රථම ස්ථානය හිමිකර ගත්තේ නව ඔලිම්පික් වාර්තාවක් (ලකුණු 1368) ද පිහිටුවමින්. 

එම ඉසව්වේ රිදී පදක්කම නෙදර්ලන්තයේ Steve Wijler සහ Gabriela Schloesser විසින් දිනා ගත් අතර ලෝකඩ පදක්කම මෙක්සිකෝව නියෝජනය කළ Luis Álvarez සහ Alejandra Valencia විසින් දිනා ගනු ලැබුවා. 

Kim Je-deok සහ An San © Olympics

බර එසවීම කාන්තා 49 kg බර පන්ති ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කිරීමට චීන ජාතික ක්‍රීඩිකා Hou Zhihui සමත් වුනේ නව ඔලිම්පික් වාර්තා 3ක් සමඟයි. ඇය විසින් Snatch ක්‍රමයට කිලෝග්‍රෑම් 94ක් ඔසවා නව ඔලිම්පික් වාර්තාවක් පිහිටවූ අතර Clean & Jerk ක්‍රමයට එසවූ බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 116ක්. එය ද නව ඔලිම්පික් වාර්තාවක් වූ අතර ඇය විසින් ඔසවන ලද මුළු බර ප්‍රමාණය වූ කිලෝග්‍රෑම් 210 ද නව ඔලිම්පික් වාර්තාවක් ලෙස සටහන් වුනා. 

Hou Zhihui © indiarightnownews.com

පිරිමි Road cycling ඉසව්වේ රන් පදක්කම හිමි කර ගැනීමට ඉක්වදෝරයේ Richard Carapaz සමත් වූ අතර බෙල්ජියම් ජාතික Wout van Aert එහි රිදී පදක්කම ජයග්‍රහණය කළා. ලෝකඩ පදක්කම හිමි වුනේ ස්ලෝවේනියානු ජාතික Tadej Pogacar හටයි. 

තවත් අවසන් තරගවල ප්‍රතිඵල කිහිපයක් සැකෙවින්, 

කඩු හරඹ (Fencing) 

පිරිමි කේවල sabre ඉසව්ව 

  1. රන් පදක්කම – Áron Szilágyi (හංගේරියාව) 
  2. රිදී පදක්කම – Luigi Samele (ඉතාලිය) 
  3. ලෝකඩ පදක්කම – Kim Jung-hwan (දකුණු කොරියාව) 

කාන්තා කේවල épée ඉසව්ව 

  1. රන් පදක්කම – Sun Yiwen (චීනය) 
  2. රිදී පදක්කම – Ana Maria Popescu (රොමේනියාව) 
  3. ලෝකඩ පදක්කම – Katrina Lehis (එස්ටෝනියාව) 

ජූඩෝ (Judo) 

පිරිමි 60 kg Extra-lightweight බර පන්තිය 

  1. රන් පදක්කම – Naohisa Takato (ජපානය) 
  2. රිදී පදක්කම – Yang Yung-wei (චීන තායිපේ) 
  3. ලෝකඩ පදක්කම – Yeldos Smetov (කසකස්තානය) සහ Luka Mkheidze (ප්‍රංශය) 

කාන්තා 48 kg Extra-lightweight බර පන්තිය 

  1. රන් පදක්කම – Distria Krasniqi (කොසෝවෝ රාජ්‍යය) 
  2. රිදී පදක්කම – Funa Tonaki (ජපානය) 
  3. ලෝකඩ පදක්කම – Daria Bilodid (යුක්‍රේනය) සහ Urantsetseg Munkhbat (මොන්ගෝලියාව) 

ටයිකොන්ඩෝ (Taekwondo) 

පිරිමි 58kg Flyweight බර පන්තිය 

  1. රන් පදක්කම – Vito Dell’Aquila (ඉතාලිය) 
  2. රිදී පදක්කම – Mohamed Khalil Jendoubi (ටියුනීසියාව) 
  3. ලෝකඩ පදක්කම – Jang Jun (දකුණු කොරියාව) සහ Mikhail Artamonov (රුසියාව) 

කාන්තා 49kg Flyweight බර පන්තිය 

  1. රන් පදක්කම – Panipak Wongpattanakit (තායිලන්තය) 
  2. රිදී පදක්කම – Adriana Cerezo (ස්පාඤ්ඤය) 
  3. ලෝකඩ පදක්කම – Tijana Bogdanović (සර්බියාව) සහ Avishag Semberg (ඊශ්‍රායලය) 

2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ පළමු දිනය අවසන් වන විට පදක්කම් ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට සමත්ව ඇත්තේ ප්‍රබල චීනයයි. ඔවුන් රන් පදක්කම් 3ක් සහ එක් ලෝකඩ පදක්කමක් ජයග්‍රහණය කර ඇති අතර සම දෙවැනි ස්ථානය එක් රන් පදක්කමක් සහ එක් රිදී පදක්කම බැගින් ජයග්‍රහණය කර ඇති ඉතාලිය සහ ජපානය විසින් හිමි කරගෙන තිබෙනවා. 

(Wikipedia ඇසුරින්)

හෙට (25) දිනයේ දී ද පදක්කම් සඳහා වන අවසන් තරග 18ක් පැවැත්වීමට නියමිතයි.  

32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල ආවරණය කරන්නට ThePapare.com අපිත් ටෝකියෝවට ගොස් අවසන්. ඔලිම්පික් ක්‍රීඩා පුවත් ඇතුළු තරගාවලියේ සිරි අසිරිය ඡායාරූප, වීඩියෝ ඔස්සේ ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අපි සූදානම්. රැඳී සිටින්න ThePapare.com අපි සමඟින්ම. 

>> 32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙලේ සියලුම තොරතුරු <<