Toyota සමාගමේ තීරණ නිසා ඔලිම්පික් උළෙල තවත් අර්බුදයක?

2020 Tokyo ඔලිම්පික් උළෙල

201
okyo 2021 sponsor Toyota

තවත් දින කීපයකින් ආරම්භ වීමට නියමිත ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා ප්‍රධාන සත්කාරකත්වය සපයන ටොයෝටා (TOYOTA) සමාගම විසින් ඔලිම්පික් තරගාවලිය සම්බන්ධ කිසිදු රූපවාහිනී දැන්වීමක් පළනොකිරීමට තීරණය කර තිබෙනවා. 

Al Jazeera වෙබ් අඩවිය මේ සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් සපයා තිබූ අතර ඔවුන් පවසා සිටියේ ඔලිම්පික් තරගාවලිය කෙරෙහි ජපාන ජනතාවගේ විශ්වාසය අඩු වී තිබීම මෙම තීරණයට හේතු වී තිබෙන බවයි. ජපාන මාධ්‍ය ආයතනයක් විසින් සිදු කළ සමීක්ෂණයක් මඟින් හෙලිවී ඇත්තේ ජපාන ජනතාවගෙන් 2/3ක ප්‍රමාණයක් මෙම සංවිධායකයන්ට තරගාවලිය කොරෝනා අවදානමකින් තොරව පැවැත්වීමට නොහැකි වන බව විශ්වාස කරන බවයි.

Toyota ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි Akio Toyoda සහ සෙසු ජ්‍යේෂ්ඨ නිලධාරීන් ඔලිම්පික් සමාරම්භක උළෙල සඳහා ද සහභාගි නොවන බව පසුගිය සඳුදා නිල වශයෙන් තහවුරු කරනු ලැබුවා.

“Toyota සමාගම විදිහට අපි ආරම්භක උත්සවය සඳහා සහභාගී නොවන බව සත්‍යයක්. මේ තීරණය ගත්තේ සාධක කීපයක් මත පදනම් වෙලා. සමාරම්භක උළෙල සහ අවස්ථාවන් සඳහා නරඹන්නන්ට සහභාගි වීමට අවසර ලබා නොදීම ඉන් ප්‍රධාන හේතුවක්.” 

“ඒ වගේම අපි තීරණය කළා ඔලිම්පික් උළෙල සම්බන්ධ කිසිදු රූපවාහිනිය දැන්වීමක් පළ නොකරන්න” Toyota සමාගමේ අභ්‍යන්තර ප්‍රකාශකයෙකු පවසා සිටියා.

Toyota සමාගම විසින් ගත් මෙම තීරණයත් සමඟ ඔලිම්පික් උළෙල සඳහා සත්කාරකත්වය සැපයීම සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 3කට වැඩි මුදලක් වියදම් කළ සෙසු ජපාන සමාගම් 60කට අධික සංඛ්‍යාවක් විශාල අර්බුදයකට මුහුණ දී සිටිනවා. ජපාන ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට අසමත් වූ අසමත් වූ තරගාවලියක් සඳහා ඔවුන්ගේ සත්කාරකත්වය සැපයීම පිළිබඳව ඔවුන් ගැටලු රැසකට මුහුණ දී සිටින බව Al Jazeera වෙබ් අඩවිය වාර්තා කළා.

තවත් පුවත්:

ඔලිම්පික් උළෙල ආරම්භ වීම සඳහා තවත් දින 4ක කාලයක් ඉතිරිව තිබිය දී ජපාන පුවත්පතක් වන Asahi විසින් සිදු කරන ලද සමීක්ෂණයක දී ජපාන ජනතාවගෙන් 68%ක ප්‍රමාණයක් මෙම තරගාවලිය අතරතුර කොරෝනා වයිරසය පාලනය කිරීමට සංවිධායකයන් අසමත් වනු ඇති බවට මත පළකර තිබුණා. 

55%ක ප්‍රමාණයක් මෙම තරගාවලිය පැවැත්වීම පිළිබඳව ඔවුන්ගේ විරෝධය දක්වා තිබීමත් විශේෂත්වයක්.

මීට අමතරව පුද්ගලයන් 1444 දෙනෙකු සම්බන්ධ කරගනිමින් දුරකථන සමීක්ෂණයක් පවත්වා තිබූ අතර එහි දී බොහෝ දෙනෙකු අදහස් දක්වා තිබුණේ තරගාවලිය නැරඹීම සඳහා ප්‍රේක්ෂකයින්ට අවසර ලබා නොදීම හොඳ තීරණයක් බවයි.

මෙවන් වාතාවරණයක් තුළ ටෝකියෝ නගරය තුළ තුල කොරෝනා වයිරසය දැඩි ලෙස පැතිර යාම ආරම්භ වී තිබෙනවා. මේ වන විට මම නගරය සඳහා සිව්වැනි මට්ටමේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා. එවන් වටපිටාවක් තුළ දහස් ගණන් ක්‍රීඩකයන්, සෙසු නිලධාරීන්, මාධ්‍යවේදීන් සහ සංවිධායකයන් සහභාගි වන සහභාගි වන ලෝක මට්ටමේ තරගාවලියක් පැවැත්වීම මඟින් ජපාන අගනුවරට වඩාත් දරුණු සහ මාරාන්තික කොරෝනා ප්‍රභේද පැමිණිය හැකි බව එරට ජනතාවගේ මතය වී තිබෙනවා.

මේ පිළිබඳව අදහස් දක්වමින් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති Thomas Bach පවසා සිටියේ ඔලිම්පික් තරගාවලිය ආරම්භ වූ පසු ජනතාවගේ මෙම මතය වෙනස් වනු ඇති බවයි. ජපාන ක්‍රීඩකයන් පදක්කම් ජයග්‍රහණය කිරීම ආරම්භ වූ විට මෙම විරෝධය පහව යනු ඇති බව ඔහු පවසා සිටියා. 

ටෝකියෝ ඔලිම්පික් උළෙල ජූලි 23 වැනිදා සිට අගෝස්තු 8 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. 

“මේ වගේ වටපිටාවක් තුළ ජපාන රජය සහ ඔලිම්පික් තරගාවලි සංවිධායකයන් එක්ක අපි ඉතාමත් සමීපයෙන් කටයුතු කරනවා. මේ හැමෝම සහ ඔලිම්පික් කමිටුව තරගාවලිය පැවැත්වීම සඳහා ආරක්ෂිත වටපිටාවක් නිර්මාණය කර ඇති බව විශ්වාස කරනවා.” ජපාන රජයේ ප්‍රකාශක, කැබිනට් මණ්ඩල ජ්‍යේෂ්ඨ ලේකම් Katsunobu Kato පවසා සිටියා.

කෙසේ වෙතත් ඔලිම්පික් ගම්මානය තුළ කොරෝනා පොකුරක් නිර්මාණය වුවහොත් ඒ තරගාවලිය සඳහා විශාල බලපෑමක් ඇති කරනු ඇති. එම ක්‍රීඩකයන් සියලු දෙනා නිර්මාණයට යොමු කළ යුතු බැවින් ඔවුන්ට තරග කිරීමට ද අවස්ථාවක් හිමි වන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් පූර්ව සැලසුම් කීපයක් සංවිධායකයන් විසින් ඉදිරිපත් කර තිබුණා.

Tokyo 2020 ඔලිම්පික් උළෙලේ ප්‍රකාශකයෙකු පවසා සිටියේ ඔලිම්පික් ගම්මානය සම්පූර්ණයෙන්ම ආරක්‍ෂිත ස්ථානයක් බවත්, ජපානයට පැමිණෙන සංචාරකයින්ට සහ ක්‍රීඩකයන්ට වයිරසය ආසාදනය වීමේ ප්‍රවණතාව 0.1% තරම් සුළු අගයක පවතින බවයි.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<