HNB පිලට එරෙහිව තියුණු තරඟයකින් පසු ශූරතාවය සෙලාන් කණ්ඩායමට

627

Gayanjali Amarawansa (HNB) - Best Center Court Player (Mercantile Netball League 2016)HNB - 'A' Division Runners-up (Mercantile Netball League 2016)Kanrich - 'C' Division Champions (Mercantile Netball League 2016)Seylan Bank - 'A' Division Champions (Mercantile Netball League 2016)Seylan Bank - Overall Champions (Mercantile Netball League 2016)Tharjini Sivalingam (Seylan Bank) - Best Shooter(Mercantile Netball League 2016)Vasana Lakmali (Seylan Bank) - Netball Queen(Mercantile Netball League 2016)Expo Lanka - 'B' Division Champions (Mercantile Netball League 2016)

තර්ස්ටන් ක්‍රීඩා පිටියේදී පැවති වෙළඳ සේවා ‘ඒ’ කාණ්ඩයේ දැල්පන්දු තරඟාවලියේ අවසන් මහා තරඟයේදී, දෙවන අර්ධයේ අතිදක්ෂ ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරමින් 60 – 56ක් ලෙස හැටන් නැෂනල් කණ්ඩායම අභිබවා ගිය සෙලාන් කණ්ඩායම, ශූරතාවය තවදුරටත් රැකගැනීමට සමත්විය.

පසුගිය ලිපි: ප්‍රථම දකුණු ආසියානු ජල ක්‍රීඩා තරගාවලියට සියල්ල සූදානම්

‘ඒ’ කාණ්ඩය

ජයග්‍රහණය දෙපිල අතර දෝලනය වු තීරණාත්මක අවසන් මහා තරඟයේ ප්‍රථම භාගය නිමාවන විට ඉදිරිය ලබා සිටියේ හැටන් නැෂනල් කණ්ඩායමය. වත්මන් ශ්‍රී ලංකා දැල්පන්දු නායිකා ගයානි දිසානායක ද ඇතුළුව තවත් ශ්‍රී ලංකාව නියෝජනය කළ සහ දැනටත් නියෝජනය කරන ක්‍රීඩිකාවන් රැසක් හැටන් නැෂනල් කණ්ඩායම සතුවිය.

කෙසේවෙතත් ප්‍රථම අර්ධය නිමාවේදී කරන ලද දැඩි කතිකාවකින් සහ උපක්‍රමශීලී සැලසුම් මගින් පෙර වසරේ ශූරියන් වු සෙලාන් කණ්ඩායම තරඟයේ තෙවන කාර්තුවේදී තම දුර්වලතා මඟහරවා ගනිමින් දැකුම්කළු ආරක්‍ෂිත ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළේය.

ඔවුන් අභිබවමින් හැටන් නැෂනල් ක්‍රීඩිකාවන් වරෙක ලබා තිබූ ලකුණු 10ක පරතරය අකාමකා දැමීමට එය ඉවහල් විය. කෙසේවෙතත් හතරවන කාර්තුවේ අගභාගයේදී උණුසුම් රැලි කිහිපයක් දැකිය හැකි වු අතර හැටන් නැෂනල් ක්‍රීඩිකාවන්ට එකදු ලකුණක් හෝ නොදී ලකුණු හතක් තමපිලට එක්කරගත් සෙලාන් ක්‍රීඩිකාවෝ 54 – 55ක් වශයෙන් එක් ලකුණක් පිටුපසින් සිටින තරමට ඉදිරියට පැමිණ එතැන් සිට තරඟයේ සියළු වාසිය තමා වෙත පවරාගනිමින් ජයග්‍රහණය වෙත ගියෝය.

ශූරියන් වෙත ජය ගෙනදීමට පෙරමුණ ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ප්‍රබල ක්‍රීඩිකාවක් වු තර්ජිනී සිවලිංගම් සහ වාසනා ලක්මාලි ය.

මෙහිදී ලද ජයත් සමඟ මින් මාස කිහිපයකට ඉහතදී පැවති පිළිමළුන් පිටුදැකීමේ තරඟාවලියේ අවසන් පූර්ව තරඟයේදී හැටන් නැෂනල් ක්‍රීඩිකාවන් හමුවේ ලද පරාජයේ අමිහිරි මතකය පසුකරමින් සෙලාන් ක්‍රීඩිකාවන් ලීග් ශූරතාවය තමන් යටතේම රඳවාගන්නට සමත්වූයේ පෙර වසරේ ද ලීග් ශූරතා අවසන් සටනේදී මොවුන් හමුවී මොවුන් ලකුණකින් පරාජය කරනු ලැබ තිබූ පසුබිමකය.

ඒ’ කාණ්ඩයේ ප්‍රතිපල.

හැටන් නැෂනල් 62 – 13 සී.ඩී.බී.
සෙලාන් 29 – 14 කොමර්ෂල්
හැටන් නැෂනල් 42 – 14 කොමර්ෂල්
සෙලාන් 51 – 29 සී.ඩී.බී.
කොමර්ෂල් 48 – 52 සී.ඩී.බී.
සෙලාන් 60 – 56 හැටන් නැෂනල්

‘බී’ කාණ්ඩය.
‘බී’ කාණ්ඩයේ තීරණාත්මක අවසන් තරඟයේදී එක්ස්පෝ ලංකා කණ්ඩායම විසින් සම්පත් බැංකු කණ්ඩායම 24 – 13ක් ලෙස පරාජය විය.

එක්ස්පෝ ලංකා කණ්ඩායම තම අපරාජිත වාර්තාව රැකගැනීමට සමත්වුයේ සිංගර් කණ්ඩායමට එරෙහිව 17 – 07 ක් ලෙස හා නේෂන්ස් ට්‍රස්ට් කණ්ඩායමට එරෙහිව 30 – 15 ක් ලෙස ජයගනිමිනි. දෙවන ස්ථානයට  පත්වු නේෂන්ස් ට්‍රස්ට් කණ්ඩායම 24 – 15ක් ලෙස සම්පත් බැංකුවට එරෙහිවත් 15 – 05ක් ලෙස සිංගර් කණ්ඩායමට එරෙහිවත් ජය වාර්තා කළේය.

බී’ කාණ්ඩයේ ප්‍රතිපල.

සම්පත් 15  – 24 නේෂන්ස් ට්‍රස්ට්
එක්ස්පෝ ලංකා 17 – 07 සිංගර්
සම්පත් 23 – 15 සිංගර්
නේෂන්ස් ට්‍රස්ට් 15 – 05 සිංගර්
එක්ස්පෝ ලංකා 30 – 15 නේෂන්ස් ට්‍රස්ට්
සම්පත් 13 – 24 එක්ස්පෝ ලංකා

‘සී’ කාණ්ඩයේ ප්‍රතිපල.

කැන්රිච් 23 – 12 එස්.එල්.ටී
එස්.එල්.ටී 14 – 08 ඇක්සස්
කැන්රිච් 21 – 10 ඇක්සස් 

විශේෂ ත්‍යාගයන්.

දැල්පන්දු රැජිණ – වාසනා ලක්මාලි (සෙලාන්).
හොඳම මැද පෙල ක්‍රීඩිකාව – ගයාන්ජලි අමරවංශ (හැටන් නැෂනල්).
හොඳම පන්දු විදින්නිය – තර්ජිනී සිවලිංගම් (සෙලාන්).
හොඳම ආරක්ෂිකාව – එච්.ඩී.මන්දිරා (සෙලාන්).
හොඳම පිරිමි ක්‍රීඩකයා – ගයාන් සමරවීර (සෙලාන්).
නැගී එන ක්‍රීඩිකාව – තක්ෂිලා සඳරුවනි (මාස්)

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට