“Kohliට දිල්ලියට මාරු වෙන්න කාලය හරි” – Kevin Pietersen

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය 2023

662

Royal Challengers Bangalore කණ්ඩායම ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මූලික වටයෙන් ඉවත් වීමෙන් පසු සුපිරි ක්‍රීඩක Virat Kohli, දිල්ලි කණ්ඩායමට එක් වීමට කාලය එළඹී ඇති බව හිටපු එංගලන්ත ක්‍රිකට් නායක Kevin Pietersen ප්‍රකාශ කර තිබෙනවා.

මූලික වටයේ තීරණාත්මක අවසන් තරගයේ දී අගනා ශතකයක් රැස් කරමින් සිය කණ්ඩායමේ ලකුණු පුවරුව ඉහළ දැමීමට Kohliට හැකි වූවත් ප්‍රතිවාදී ක්‍රීඩක Shubman Gill දියත් කළ අගනා ඉනිම නිසා ඔවුන්ට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වුනා.

“මේක තමා Virat Kohliට සිය capital city (දිල්ලියට) වෙත මාරු වෙන්න වෙලාව,” යැයි Kevin Pietersen සමාජ මාධ්‍ය තුළ සටහනක් තබා තිබුණා.

2008 වසරේ සිට Royal Challengers Bangalore නියෝජනය කරන Kohli වසර ගණනාවක් කණ්ඩායමේ නිත්‍ය නායකයා ලෙස කටයුතු කළ අතර ඔහු 2021 තරග වාරයෙන් පසු නායකත්වයෙන් ඉවත් වුනා.

Royal Challengers Bangalore කණ්ඩායමට එරෙහිව ලැබූ ජයත් සමඟ ගුජරාට් ක්‍රීඩකයින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණෙන් මූලික වටය අවසන් කළ අතර ඔවුන් චෙන්නායි කණ්ඩායම සමඟ පළමු සුදුසුකම් ලබා ගැනීමේ තරගය ක්‍රීඩා කරනවා.

RCB ක්‍රීඩකයින්ගේ පරාජය සමඟ Mumbai Indians අවසන් කණ්ඩායම් හතරට සුදුසුකම් ලබා ගත්තා. ඔවුන් ලක්නව් සමඟ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගැනීමේ තරගය ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

පළමු සුදුසුකම් ලබා ගැනීමේ තරගයෙන් ජයග්‍රහණය කරන කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නා අතර එයින් පරාජය වන කණ්ඩායම සහ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ තරගයේ ජයග්‍රාහකයින් දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගය ක්‍රීඩා කරනවා.

2023 IPL තරගාවලියේ ඉතිරි ව ඇති මෙම තරග සියල්ල ම සජීවී ව නැරඹීමේ අවස්ථාව ThePapare.com වෙතින් ඔබට හිමි වී තිබෙනවා, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Times of India ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<