රාජකීය මෙහෙයුමෙන් ඉසිපතනයට දැඩි අලාභ හානි

2013

මේජර් මිල්රෝයි ප්‍රනාන්දු කුසලානය වෙනුවෙන් රාජකීය විද්‍යාලය හා ඉසිපතන විද්‍යාලය අතර පැවති සිංගර් කුසලාන පාසල් රග්බි තරගාවලියේ තවත් තීරණාත්මක තරගයක් අද (2) කොළඹ හැව්ලොක් ක්‍රීඩා පිටියේ දී නිමාවට පත්වූයේ ලකුණු 41-07ක් ලෙස ඉසිපතන ක්‍රීඩකයින් පරාජය කරමින් රාජකීය ක්‍රීඩකයෝ 2018 පාසල් රග්බි තරගාවලියේ ශූරතා කුසලාන තරග වටයේ අපරාජිත කිරුළ රැක ගනිමිනි.

වසීම් සේනානායකයින්ව අඩපණ කරයි

2018 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි පිටියේ පළිහ ශූරතාවය සඳහා පවත්වන තරගයක් අද (01) මහනුවර සාන්ත අන්තෝනි විදුහල සහ කොළඹ ඩී. එස්. සේනානායක විදුහල අතර …

ලකුණු 18-17ක් ලෙස වෙස්ලි විද්‍යාලය පරාජය කරමින් රාජකීය විද්‍යාලය මේ තරගයට අවතීර්ණ වන විට ඉසිපතන විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය 12-12ක් ලෙස සම ලකුණු තත්වයක් ලබා ගනිමින් පසුගිය සතිය නිමා කළේය.  

රාජකීය විද්‍යාලයේ පා පහරින් තරගය ආරම්භ වූ අතර පළමු තත්පරයේ සිටම තියුණු මුහුණුවරක් ගත් මේ තරගයේ දෙවන මිනිත්තුවේ දී රාජකීය විද්‍යාලයට ලකුණු බවට පරිවර්තනය කර ගැනීම තිබූ උත්සාහක දිනුමක් ව්‍යර්ථ කරන්නට ඉසිපතන ක්‍රීඩකයින් සමත් විය.

තරගයේ 4 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ රාජකීය නායක සාබිත් ෆෙරෝස් උපක්‍රමශීලී ලෙස ධවල රේඛාව පසුකර යමින් පළමු  උත්සාහක දිනුම රාජකීය විදුහලට ලබා දුන් නමුත් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට දුලාන් ගුණවර්ධන අසමත් විය. (05-00)

තරගයේ 12 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ රාජකීය විදුහලේ සසිත සියත් ඉදිරි පෙළ ක්‍රීඩකයින්ගේ දස්කම් මනාව උපයෝගී කර ගනිමින් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වූ අතර මෙවර ලැබුණු පහසු ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට දුලාන් සමත් විය. (12-00)

රාජකීය විද්‍යාලයේ අංක 10 ජර්සිය පැලඳ ක්‍රීඩා කළ කලිදු නන්දිලට ප්‍රධාන විනිසුරුතුමා විසින් 16 වැනි මිනිත්තුවේ දී කහ කාඩ්පතක් ලබා දුන්නේ ඉසිපතන විද්‍යාලයේ ක්‍රීඩකයෙක්ව අනාරක්ෂිත ලෙස වැළැක්වීමට යාම නිසාවෙනි.

මෙම තරගයේ පළමු අර්ධය තුළ ඉසිපතන විද්‍යාලයේ ක්‍රීඩකයින් අතින් පිටිය තුළ දී සන්නිවේදන දුර්වලතා කිහිපයක්ම සිදු වූ අතර ඒවායින් ද උපරිම ප්‍රයෝජනය ලබා ගත් ප්‍රතිවාදී ක්‍රීඩකයින් අතරින් තුලෙයිබ් හුසේන් 26 වැනි මිනිත්තුවේ දී රාජකීය විද්‍යාලයේ තෙවැනි උත්සාහක දිනුම සාර්ථක කර ගැනීමට සමත් විය. එහි ප්‍රවර්තනය අසාර්ථකයි. (17-00)

ඉන් අනතුරුව රාජකීය ක්‍රීඩක ඉඳුවර බිම්සර (32 වන මිනිත්තුවේ දී) ලබා ගත් ජවසම්පන්න උත්සාහක දිනුමට දුලාන් ගුණවර්ධන සිය උපරිම ඉටු කරමින් ප්‍රවර්තිත උත්සාහක දිනුමක් ලබා ගනිමින් රාජකීය ක්‍රීඩකයින් ප්‍රථම අර්ධය නිමා කළේ ප්‍රතිවාදී ඉසිපතන ක්‍රීඩකයින්ට කිසිදු ලකුණක් ලබා ගැනීමට ඉඩ නොතබමිනි. (22-00)

පළමු අර්ධය: රාජකීය විද්‍යාලය 22 – 00 ඉසිපතන විද්‍යාලය

පළමු අර්ධයේ වැඩි වාසිය ලබා ගත් රාජකීය විද්‍යාලය දෙවන අර්ධයත් සිය අණසකට නතු කර ගත් අතර දෙවැනි අර්ධයට සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් සිය දෙවැනි උත්සාහක දිනුම වාර්තා කරන්නට සාබිත් ෆෙරෝස් සමත් වූයේ තරගයේ 40 වැනි මිනිත්තුවේ දී ය. ඊට ලැබුණු කෙටි දුර ප්‍රවර්තනය ද සාර්ථකයි. (29-00)

අපරාජිත ගල්කිස්සෙන් මහනුවර ක්‍රීඩකයින්ට තවත් පරාජයක්

2018 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ පලඟ ශූරතාවය වෙනුවෙන් අද (01) පැවති තරගයෙන් මහනුවර ධර්මරාජ විද්‍යාලය පරාජය කරමින් ලකුණු 17-07ක් ලෙස තියුණු …

48 වැනි මිනිත්තුවේ දී නැවතත් සිය ආධිපත්‍යය විහිදූ රාජකීය විද්‍යාල නායක සාබිත් සිය තෙවන උත්සාහක දිනුමත් වාර්තා කළේ සිය කණ්ඩායමේ සඟයන්ගේ ද උපරිම සහයෝගය ඇතිවයි. දුලාන් විසින් එහි ප්‍රවර්තනය සාර්ථක කරගත්තේය. (36-00)

ඩ්‍රයිවින් මෝල් ආකාරයට සිය කණ්ඩායම හසුරුවා ගත් රාජකීය ක්‍රීඩකයෝ තරගයේ 62 වැනි මිනිත්තුවේ දී තවත් උත්සාහක දිනුමක් සාර්ථක කර ගත් අතර එය රජිදු ජයසූරියගේ ගිණුමට බැර විය. නමුත් ඒ සඳහා ලැබුණු ප්‍රවර්තනය අසාර්ථකයි. (41-00)

තරගයේ මිනිත්තු 68ක් ගත වන තුරු එකදු ලකුණක් හෝ ලබා ගැනීමට නොහැකි වූ ඉසිපතන විද්‍යාලය තරගයේ 69 වැනි මිනිත්තුවේ දී සිය කණ්ඩායමේ ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේ මනෝජ් ගෞතම් සාර්ථක කර ගත් උත්සාහක දිනුම නිසාවෙනි. මනෙල්ක රුබේරු සිය උපරිම උත්සාහයෙන් එහි ප්‍රවර්තනයේ ලකුණු ද සිය විද්‍යාලයට එකතු කළේය. (41-07)

දක්ෂයෙක් CH & FC සමඟ එක්වේ

ඩයලොග් අන්තර් සමාජ සත් සාමාජික රග්බි තරගාවලිය ආරම්භයට තව දින කිහිපයක් පමණක් ඉතිරිව තිබිය දී CH & FC ක්‍රීඩා සමාජය, හැව්ලොක් ක්‍රීඩා සමාජයේ සෙන්ටර් ක්‍රීඩක…

කෙසේ නමුත් ඉසිපතන ක්‍රීඩකයින්ට ඉන් එහාට කිසිවක් කර ගැනීමට නොහැකි වූයේ තරගයේ නියමිත කාලය අවසන් වීම නිසාවෙනි. ඒ අනුව මෙම තරගයෙන් ලකුණු 34 ජයක් ලබා ගැනීමට රාජකීය ක්‍රීඩකයින් සමත් විය.

අවසන් ලකුණු තත්වය: රාජකීය විද්‍යාලය 41 (7T, 3C) – 07 (1T,1C) ඉසිපතන විද්‍යාලය  

ThePapare.com තරගයේ වීරයා: සාබිත් ෆෙරෝස් (රාජකීය විද්‍යාලය)

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ,