ඉශාන් අබේසේකර පිට පිට කඩුලු 4ක් දවා ගනී

2
Tier B T20 Tournament 2026

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Tier B විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් පෙර දින (19) අවසන් වූ අතර එහි දී Navy SC කණ්ඩායමේ පා දඟ පන්දු යැවූ ඉශාන් අබේසේකර Army SC කණ්ඩායමට එරෙහි ව එක් පන්දුවාරයක දී යැවුණ පිට පිට පන්දු 4ක දී කඩුලු 4ක් දවා ගන්නවා.

ඉනිමේ 15 වැනි පන්දුවාරයේ 3 වැනි පන්දුවේ සිට, මේ දවා ගැනීම් සිදු කළ අතර එහි දී  ඔහුගේ ගොදුරු බවට පත් වෙන්නේ නායක ශෙහඳ සොයිසා (6), රවිඳු විජේවර්ධන (0), සරත් මදුශ්ක (0) සහ පැතුම් මලිත (0)යි.

නිමා වූ තරගවල දී United Southern CC කණ්ඩායමේ දමේස් මතිශාන් (52), Army SC කණ්ඩායමේ තිසර පෙරේරා (නොදැවී 51), Ragama CC කණ්ඩායමේ හසිත් පෙරේරා (70) සහ රන්මිත් ජයසේන (52) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.

මේ අතර කලුතර පූජිත ගුණවර්ධන ක්‍රීඩාංගණයේ දී පැවැත් වීමට නියමිත ව තිබූ United Southern CC සහ Negombo CC අතර තරගය වර්ෂාව හේතුවෙන් තරමඟ දී ද සහ Sebastianites C & AC සහ Galle CC අතර තරගය පන්දුවක් හෝ නොයවා ම ද විසඳුමකින් තොරව ද අවසන් වූවා.

අද අවසන් වූ තරගවල කෙටි ලකුණු පුවරු

Moratuwa SC සහ Chilaw Marians CC අතර තරගය, කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී.

Moratuwa SC – කඩුලු 9ක් දැවී 110 (20.0) චාමර ප්‍රනාන්දු 24, රුසිත් ජයවර්ධන නොදැවී 15, තිමිර ඉරුෂික 2/18, ගිම්හාන් රසාංජන 3/15

 

Chilaw Marians CC – සියලුම දෙනා දැවී 100 (18.5) සසංක නිර්මාල් 29, රුසිත් ජයවර්ධන 2/14

Moratuwa SC කණ්ඩායමට ලකුණු 10ක ජයක්.

Ragama CC සහ Kandy Customs SC අතර තරගය, දොඹගොඩ යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

Ragama CC – කඩුලු 5ක් දැවී 147 (16.0) හසිත් පෙරේරා 70, රන්මිත් ජයසේන 52

 

Kandy Customs SC – කඩුලු 5ක් දැවී 88 (12.3) කෝසල රවිඳු නොදැවී 38, යශෝධ මෙන්ඩිස් 23, කාවින්ද ඊශ්වර 2/18

Ragama CC කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 22ක ජයක්.

United Southern CC සහ Negombo CC අතර තරගය, කලුතර පූජිත ගුණවර්ධන ක්‍රීඩාංගණයේ දී

United Southern CC – කඩුලු 5ක් දැවී 179 (20.0) දමේස් මතිශාන් 52, සෙනුක දංගමුව 21, කසුන් සේනාධීර 21, පෙසඳු සංජන 47

තරගයේ විසඳුමක් නෑ.

Leo CC සහ Kurunegala SC අතර තරගය, දොඹගොඩ යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

Leo CC – කඩුලු 8ක් දැවී 128 (20.0)නෙත්ම කරුණාරත්න 33, නෙලුක හේෂාන් 29, සුදාර දක්ෂිණ නොදැවී 18, තීක්ෂණ සංජීව 2/30, මදුශික සඳරුවන් 2/28

 

Kurunegala SC – කඩුලු 5ක් දැවී 25 (5.0) සුදාර දක්ෂිණ 3/06

Leo CC කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 16ක ජයක්.

Army SC සහ Navy SC අතර තරගය, කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී.

Army SC – සියලුම දෙනා දැවී 116 (18.0) තිසර පෙරේරා නොදැවී 51, වෝෂිත අමරසිංහ 2/25, ඉශාන් අබේසේකර 4/07

 

Navy SC – කඩුලු 8ක් දැවී 113 (18.0) අදීශ නානායක්කාර 20, වරුණ මයන්ත 24, තිමිර මල්ශාන් 32, ලිලාන් රංගන 2/22, පැතුම් මලිත 2/12

Army SC කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 5ක ජයක්.

Tier B එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<