සියලු සමාජ ජාලවලින් යොවුන් ක්‍රීඩකයා ඉවත් වෙයි

ඉන්දියානු කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරය 2020/21

222
Will Pucovski
(nine)

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නැගී එන තරුව Will Pucovski පසුගිය දා තමාගේ සියලුම සමාජ ජාල ගිණුම් අක්‍රීය කළා. ඒ එළඹෙන ඕස්ට්‍රේලියා – ඉන්දියා තරගාවලියේ පළමු තරගයට තමන්ව තෝරා ගනීවි ද, නැති ද යන කරුණ මත සමාජ ජාලවල සිදු වන විවිධ හැල හැප්පිලි වලින් බේරීම සඳහා බව ඔහු පවසා සිටියා. 

Sheffield Shield තරගාවලියේ දී ඔහු දැක්වූ ඉතා ඉහළ දක්ෂතා නිසා මේ දිනවල සමාජ ජාලවල ඔහුට වැඩි ආකර්ෂණයක් හිමිව තිබෙනවා.

“විවිධ විවිධ මාධ්‍ය ල උවමනාවටත් වඩා අවධානයක් හිමිව තිබෙනවා” Pucovski සිකුරාදා පවසා සිටියා. “මට පාලනය කරන්න පුළුවන් එකම දේ තමයි මගේ සූදානම් වීම, එතකොට මට හිත හදාගන්න පුළුවන් මගේ පිතිකරණය හොඳ තැනක තිබෙනවා කියලා.” 

“මම සමාජ ජලාවලින් ඉවත් වුනා. ඒක හරි පහසුවක්, ඔබට ගිණුමක් නැතිනම් සමාජ ජාලවල ඔබව tag කර කිසිම දෙයක් පළ කරන්න බැහැ” දක්ෂ යොවුන් ක්‍රීඩකයින් වන Pucovski හා Cameroon Green මෙවර සිය මංගල ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට තෝරාගෙන තිබෙනවා. ඉන්දියාවට එරෙහිව දෙසැම්බර් 17 වැනිදා ආරම්භ වන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන ඕස්ට්‍රේලියානු සංචිතය පසුගිය බ්‍රහස්පතින්දා නම් කළ අතර එම සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත් කර තිබෙනවා.

Pucovski ඉතා ඉක්මනින්ම ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ක්‍රීඩා කරනු ඇතැයි හිටපු ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින් රැසක් පවසා තිබුණා. ඒ දේශීය ක්‍රිකට් පිටිය තුළ ඔහු දැක්වූ දක්ෂතා නිසාවෙනුයි. 22 හැවිරිදි Pucovski අඛණ්ඩ තරග දෙකක දී ද්විත්ව ශතක වාර්තා කරන්නට සමත් වුනා.

තවත් ක්‍රිකට් පුවත්: 

Pucovskiගේ ආගමනයත් සමඟ Joe Burnsගේ ආරම්භක පිතිකරු ස්ථානය අවදානමකට ලක්ව තිබෙනවා. ඒ ඔහු පළමු පෙළ තරග තුළ එතරම් දස්කම් දැක්වීමට අසමත් වූ නිසයි. කෙසේ වෙතත් පුහුණුකරු Justin Langer තමන් තවදුරටත් Burns කෙරෙහි විශ්වාසය තබන බව පවසා සිටියා. 

“ඔහු අතිදක්ෂයි නේ?” Langer, Pucovski පිළිබඳ අදහස් දක්වමින් පවසා සිටියා. “එහෙම වුනත් අපි Joe Burns හා David Warner ආරම්භක පිතිකරුවන් ලෙස යොදා ගන්න බොහොම ප්‍රිය කරනවා. මේ මොහොතේ මට කියන්න පුළුවන් ඒක වෙනස් වෙන්නේ නැහැ කියලා.”

ඉන්දියාව ඕස්ට්‍රේලියාවේ දී එක්දින තරග තුනක්, විස්සයි විස්ස තරග තුනක් හා ටෙස්ට් තරග හතරක් ක්‍රීඩා කිරීමට නියමිතයි. එක්දින හා විස්සයි විස්ස තරගාවලි Sydney හා Canberra හිදී නොවැම්බර් 27 හා දෙසැම්බර් 8 ආරම්භ වීමට නියමිතයි.

Hindustan Times ඇසුරින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<