දුම්රියෙන් දේශිය අදායමට ප්‍රහාරයක්

245
SLSSCA Annual Cricket Tournament

රාජ්‍ය සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් රාජ්‍ය ආයතනය ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට එරෙහිව ලකුණු 63ක ජයක් ලබා ගත් දුම්රිය දෙපාර්තමේන්තු ක්‍රීඩකයෝ පන්දුවාර 40, G කාණ්ඩයේ ශූරයන් බවට පත් වූනා.

අවසන් මහා තරගය රත්මලාන ජාතික සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති අතර මෙම තරගාවලිය නියෝජනය කරමින් රාජ්‍ය ආයතන 10ක් එක් වුනා.

එහි දී තරගාවලිය පළමු වටය නිමා වෙද්දී ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථානය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සතු වූ අතර  2 වැනි ස්ථානය දුම්රිය දෙපාර්තමේන්තුව සතු වුනා. තෙවැනි ස්ථානය රේගු දෙපාර්තමේන්තුව ද සහ සිවු වැනි ස්ථානය රබර් පර්යේෂණ ආයතනය ද සතු වුනා.

එම කණ්ඩායම් අතර පැවැති පළමු අවසන් පූර්ව වටයේ තරගවල දී දුම්රිය දෙපාර්තමේන්තු කණ්ඩායම සහ රේගු දෙපාර්තමේන්තුව අතර පැවැති තරගයේ දී දුම්රිය දෙපාර්තමේන්තු කණ්ඩායම ලකුණු 44ක ජයක් ලබා ගනිමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ රබර් පර්යේෂණ ආයතනය අතර පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේ දී රබර් පර්යේෂණ ආයතනය කඩුලු 8කින් ජයග්‍රහණය කළ ද අවසන් මහා තරගය සඳහා එක් කර ගන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තු කණ්ඩායමයි.

ඒ රබර් පර්යේෂණ ආයතන කණ්ඩායම තරගාවලියේ නීති-රීතිවලට පටහැනි ආකාරයෙන් ක්‍රීඩකයන් යොදවා ඇතැයි ලැබුණ පැමිණිල්ලක් විභාග කිරීමේ දී ලත් තීරණය මතයි.

දුම්රිය දෙපාර්තමේන්තු ක්‍රීඩකයන්ගේ ජයග්‍රාහී ගමන් මඟ
ප්‍රතිවාදීන් තරගයේ විසඳුම
1 දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තරගයේ විසඳුමක් නෑ.
2 විදේශ සේවා අමාත්‍යාංශ්‍ය තරගයේ විසඳුමක් නෑ.
3 විශ්වවිද්‍යාලය, පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 34ක ජයක්.
4 තේ මණ්ඩලය දුම්රිය දෙපාර්තමේන්තුව කණ්ඩායමට කඩුලු 9ක ජයක්.
5 නුවරඑළිය DS තරගයේ විසඳුමක් නෑ.
6 විශ්වවිද්‍යාලය, කැලණිය තරගයේ විසඳුමක් නෑ
7 කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, කුරූණෑගල දුම්රිය දෙපාර්තමේන්තුව කණ්ඩායමට ලකුණු 19ක ජයක්.
8 රේගු දෙපාර්තමේන්තුව තරගයේ විසඳුමක් නෑ.
9 රබර් පර්යේෂණ ආයතනය දුම්රිය දෙපාර්තමේන්තුව කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 43ක ජයක්.
අවසන් පූර්ව තරගය
10 රේගු දෙපාර්තමේන්තුව දුම්රිය දෙපාර්තමේන්තුව කණ්ඩායමට ලකුණු 44ක ජයක්.
අවසන් මහා තරගය
11 දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දුම්රිය දෙපාර්තමේන්තුව කණ්ඩායමට ලකුණු 63ක ජයක්.

 

දුම්රිය දෙපාර්තමේන්තු කණ්ඩායම:

චමිල ඩයස් (නායක), අමරජීව සමන්නාත්, ලසිත සසංක, ප්‍රමෝද් රමිත, මාධව සිල්වා (කඩුලු රකින්නා), වාසුල කහවිට, මංජුල වනිගසූරිය, දුමින්ද අනුරාධ, තේඩර් ක්‍රිස්ටෝපර්, බුද්ධික ප්‍රියංකර, සුමේධ පලිහඩන.

අතිරේක ක්‍රීඩකයන්: දමින්ද මලියරත්න, සජිත් වික්‍රමසිංහ, සිනෙත් ජයකොඩි, එස්. ප්‍රසන්න.

නිලධාරීන්: සුරංග වීරකෝන් (කළමණාකාරු), අතුල දර්ශක එගොඩපිටිය (ක්‍රිකට් ලේකම්).

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව:

මහේෂ් රණවකාරච්චි (නායක), ධනුශ්ක විජයවර්ධන, සුපුන් චන්ද්‍රපාල (කඩුලු රකින්නා), සුජිත් ප්‍රියංකර, උමේෂ් සංජය, විපුල ප්‍රදීප්, මොහොමඩ් අස්රින්, චරිත් ජයවර්ධන, ඉන්දික පෙරේරා, චතුර බස්නායක, ජයන්ත බණ්ඩාර

අවසන් මහා තරගය

කාසියේ වාසිය දිනා ගත් දේශීය ආදායම් දෙපාර්තමේන්තු කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි දුම්රිය දෙපාර්තමේන්තු ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 168ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ප්‍රතිවාදී දේශීය ආදායම් දෙපාර්තමේන්තු කණ්ඩායමට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 105ක් පමණයි.

පළමුවෙන් පන්දුවට පහර දුන් දුම්රිය දෙපාර්තමේන්තු කණ්ඩායම වෙනුවෙන් ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 45ක සබඳතාවක් එක් කිරීමට අමරජීව සමන්නාත් සහ ලසිත සසංක සමත් වුණා. ඔවුන් දෙදෙනා අතුරින් අමරජීව සමන්නාත් පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 30ක් ද සහ ලසිත සසංක පන්දු 58කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 27ක් ලබා ගත්තා.

ඉන් අනතුරුව ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ මංජුල වනිගසූරියයි. ඔහු පන්දු 20කට මුහුණ දෙමින් හයේ පහර 2ක් සමඟින් ලකුණු 19ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී සුජිත් ප්‍රියංකර ලකුණු 44කට කඩුලු 5ක් දවා ගත් අතර උමේෂ් සංජය ලකුණු 33කට කඩුලු 2ක් දවා ගත්තා. ඊට අමතර ව ධනුශ්ක විජයවර්ධන, මොහොමඩ් අස්රින් සහ ජයන්ත බණ්ඩාර කඩුල්ල බැගින් බෙදා ගත්තා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තු කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත්තේ පන්දු යැවීමෙන් ද දක්ෂතා දැක් වූ සුජිත් ප්‍රියංකර. ඔහු පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 39ක් ලබා ගත්තා.

ඊට අමතර ව ධනුශ්ක විජයවර්ධන පන්දු 42ක දී හතරේ පහරක් සමඟින් ලකුණු 22ක් ලබා ගත් අතර අනෙක් පිතිකරුවන් කිසිවෙක්ට ඉලක්කම් 2 ලකුණු පසු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තු පන්දු යවන්නෝ ඉඩ ලබා දුන්නේ නැහැ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තු ඉනිම අඩපන කිරීමේ දී තේඩර් ක්‍රිස්ටෝපර් ලකුණු 18කට කඩුලු 5ක් දවා ගනිමින් තරගයේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව නායක චමිල ඩයස් ලකුණු 17කට කඩුලු 4ක් දවා ගත්තා. අනෙක් කඩුල්ල හිමි වූයේ සුමේධ පළිහවඩනටයි.

අවසන් මහා තරගය, රත්මලාන, 29 ජනවාරි 2024, SLSSCA Annual Cricket Tournament

o ක්‍රීඩාංගණය – ජාතික සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණය, රත්මලාන

o කාසියේ වාසිය – දේශීය ආදායම් දෙපාර්තමේන්තුව

දුම්රිය දෙපාර්තමේන්තුව – සියලුම දෙනා දැවී 168 (36.0) අමරජීව සමන්නාත් 30, ලසිත සසංක 27, මනුජ වනිගසූරිය 19, සුජිත් ප්‍රියංකර 5/44, උමේෂ් සංජය 2/33

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව – සියලුම දෙනා දැවී 105 (31.1) ධනුෂ්ක විජයවර්ධන 22, සුජිත් ප්‍රියංකර 39, චමිල ඩයස් 4/17, තේඩර් ක්‍රිස්ටෝපර් 5/18

දුම්රිය දෙපාර්තමේන්තු කණ්ඩායමට ලකුණු 63ක ජයක්.

දක්ෂතා දැක් වූ ක්‍රීඩකයෝ

ජයග්‍රාහී දුම්රිය දෙපාර්තමේන්තු කණ්ඩායම් වෙනුවෙන් වැඩිම ලකුණුලාභියා වූයේ අමරජීව සමන්නාත්. ඔහු තරග 7ක ඉනිම් 7ක දී අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 260ක් ලබා ගත්තා.

එම ලකුණු අතරට රේගු දෙපාර්තමේන්තු කණ්ඩායමට එරෙහිව පන්දු 65ක දී ලබා ගන්නා ලද ලකුණු 83ක්, තේ මණ්ඩලයට ලබා ගත් ලකුණු 58ක් සහ කුරුණෑගල කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට එරෙහිව ලබාගත් ලකුණු 71ක් ඊට අයත්.

ඊට අමතර ව මෙම ලැයිස්තුවේ දෙවැනි ස්ථානයට තරග 8ක ඉනිම් 8ක දී ලකුණු 190ක් ලබා ගත් ප්‍රමෝද් රමිත එක් වෙනවා. ඔහුගේ ඉනිම් අතර රබර් පර්යේෂණ ආයතනයට එරෙහිව ලබා ගත් ලකුණු 83ක් සහ කුරුණෑගල කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට එරෙහිව ලබා ගත් ලකුණු 51ක් ද ඇතුලත්.

මෙම ලැයිස්තුවේ තෙවැනි ස්ථානය හිමිකර ගන්නේ තරග 8ක ඉනිම් 8ක දී අර්ධ ශතකයක් සමඟින් ලකුණු 96ක් ලබා ගත් නායක චමිල ඩයස්. ඔහුගේ ඉනිම් අතරට එක් අර්ධ ශතකයක් ඇතුලත් වූ අතර එය රබර් පර්යේෂණ ආයතනය එරෙහිව පන්දු 83ක දී නොදැවී ලබා ගත් ලකුණු 67ක් ලෙසිනුයි වාර්තා වෙන්නේ.

දුම්රිය දෙපාර්තමේන්තුවේ ජයග්‍රහණය වෙනුවෙන් පන්දු යැවීමේ දී වැඩිම කඩුලුලාභීන් තිදෙනෙක් ශ්‍රේණිගත වුනා. ඒ අතුරින් පළමුවෙන් ම කියැවෙන්නේ නායක චමිල ඩයස්. ඊට පසුව සුමේධ පළිහවඩන සහ දුමින්ද අනුරාධ ද මේ ලැයිස්තුවේ සම සම ව අසුන් ගන්නවා. ඔවුන් තිදෙනා ම කඩුලු 11ක් බැගින් දවා ගනිමින් දක්ෂතා දැක් වීමට සමත් වීම කැපී පෙණුනා.

අනුශූර දේශීය ආදායම් දෙපාර්තමේන්තු කණ්ඩායමේ වැඩිම ලකුණුලාභී පිතිකරුවා වූයේ ධනුෂ්ක විජයවර්ධන. ඔහු විදේශ සේවා අමාත්‍යංශයට එරෙහිව ලබා ගත් ලකුණු 81ක් ද සමඟින් තරග 9ක ඉනිම් 9ක දී ලකුණු 256ක් ලබා ගන්නවා.

එහි දෙවැනි ස්ථානය තරග 9ක දී ලකුණු 159ක් ලබා ගත් සුජිත් ප්‍රියංකර සහ තෙවැනි ස්ථානය තරග 9ක දී ලකුණු 93ක් ලබා ගත් මොහොමඩ් අස්රීන් ද ලැයිස්තු ගත වුනා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තු කණ්ඩායමේ පන්දු යවන්නන් අතුරින් ඉහළ ම දක්ෂතා දැක් වූයේ පිතිකරු ලැයිස්තුවේ ද පළමු වැනියා වූ ධනුෂ්ක විජයවර්ධන. ඔහු තරග 9ක කඩුලු 13ක් දවා ගනිමින් කණ්ඩායමේ වැඩිම කඩුලුලාභියා ලැයිස්තුවේ පළමු වැනියා බවට පත් වූවා. නමුත් ඔහුත් සමඟ සම ව අසුන් ගැනීමට උමේෂ් සංජය ද සමත් වීම කැපී පෙණුනා. ඊට අමතර ව මෙම ලැයිස්තුව හැඩ ගැන්වූයේ සුජිත් ප්‍රියංකර. ඔහු ලබා ගත් කඩුලු සංඛ්‍යාව 11ක්.

SLSSCA Annual Cricket Tournament

අනුශූර දේශීය ආදායම් දෙපාර්තමේන්තු කණ්ඩායම

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ පිටියේ සියලු උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<