වසර 4කට පසුව අළු බඳුනේ පහස ඕස්ට්‍රේලියාවට

185
Ashes 2017/18
@AFP PHOTO

ඕස්ට්‍රේලියාව හා එංගලන්තය අතර පැවැත්වූ අවසන් අළු බඳුන ටෙස්ට් තරගය ඉනිමකින් හා ලකුණු 123කින් ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියාව සිඩ්නි පිටියේ දී අද (8) අළු බඳුන ශූරතාවය සියතට ලබා ගන්නා ලදි.

කාසියේ වාසිය දිනාගත් එංගලන්ත නායක ජෝ රූට් පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදි. වමතින් පිත්ත හසුරුවන ඇලෙස්ටයාර් කුක් හා මාර්ක් ස්ටෝන්මන් පිළිවෙළින් ලකුණු 39ක් හා ලකුණු 24ක් එංගලන්ත ලකුණු පුවරුවේ සටහන් කළ පසුව ක්‍රීඩාගාරයේ රැඳී සිටින ලදි.

ටැමිල් ක්‍රීඩකයෝ වරාය ගිල්වද්දී දුෂාන් විමුක්තිගෙන් වෙඩි වර්ෂාවක්

තරග ආරම්භයේ සිටම අභිමානවත්ව සිටි වරාය ක්‍රීඩකයෝ එහිම ගිල්වමින් අද (07) දවසේ නිමා..

ලකුණු 95කට එංගලන්ත මුල්පෙළ කඩුලු 3ක් බිඳ වැටී තිබිය දී පිටියේ එක්වූ නායක ජෝ රූට් හා ඩේවිඩ් මාලන් ඔවුන්ගේ සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 133ක සබඳතාවයක් එක් කළ අතර එම සබඳතාවය ගොඩනැංවීමට රූට් ලකුණු 83ක් එක් කළේ 4 පහර 8ක් එල්ල කරමිනි. එහි දී ඔහු විසින් ලබා ගත්තේ සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 38 වන අර්ධ ශතකයයි. අවසානයේ වේගපන්දු යවන මිචෙල් ස්ටාර්ක්ගේ පන්දුවකට ඔහු ලකුණු 83කට දැවී ගියේය.

4 පහර 6ක් සමඟින් ලකුණු 62ක් ලබාගෙන මැදපෙළ සවිමත් කළ මාලන්, එංගලන්ත පළමු ඉනිමේ ලකුණු පුවරුව ලකුණු 251ක් වන විට දැවී යන ලදි. පසුපෙළ සවිමත් කරනු පිණිස මොයින් අලී, ටොම් කර්න් හා ස්ටුවර්ට් බ්‍රෝර්ඩ් යම් ලකුණු මට්ටමකට පැමිණ ඔවුන්ගේ පළමු ඉනිම ලකුණු 346ක් දක්වා රැගෙන එන ලදි. පන්දු යැවීමේ දී පැට් කමින්ග්ස් කඩුලු 4යි.

අනතුරුව සිය පිළිතුරු පළමු ඉනිම දියත් කිරීමට පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු ආරම්භ පිතිකරණ යුගලයේ සබඳතාවය එක් ලකුණකට සීමා විය. නමුත් ඩේවිඩ් වෝනර් හා උස්මාන් කවාජා පිටියේ එක්වෙමින් ඕස්ට්‍රේලියානු පළමු ඉනිමේ පදනම සකසාලීම ආරම්භ කළ අතර එහි දී වෝනර් 4 පහර 6ක් සමඟින් ලකුණු 56කට දැවී ගියේය.

ප්‍රබල පිති ප්‍රහාර මැද සිව්වැනි තරගයත් නිමා වෙයි

ඇලෙස්ටෙයාර් කුක්ගේ නොදැවුණු ඉනිම නිසා මෙන්ම ඩේවිඩ් වෝනර්ගේ හා ස්මිත්ගේ වර්ණවත්…

නිමා වූ තරග කිහිපය තුළ ලකුණු අතරට පිවිසීමට අපොහොසත්ව, කණ්ඩායමේ සිය ස්ථානය පිළිබඳව විශ්වාසයකින් තොරව සිටි කවාජා මෙම තරගය තුළ විශිෂ්ට පිතිකරණයක නිරත වෙමින් ලකුණු 171ක් ලබාගත්තේ 4 පහර 18ක් හා එක් 6 පහරක් සිය ගිණුමට අන්තර්ගත කරමිනි. එසේම එංගලන්ත පන්දු යවන්නන් හට ඕස්ට්‍රේලියානු පළමු කඩුලු දෙක දවා ගැනීමට පසුව ඉතිරි කඩුලු කිහිපය දවා ගැනීමට මහත් වෙහෙසක් දැරීමට සිදු විය.

ඕස්ට්‍රේලියානු නායක ස්ටීව් ස්මිත් මොයින් අලීගේ පන්දුවකට ඔහු වෙතම උඩ පන්දුවක් ලබා දී ලකුණු 83කට දැවී යන විට 274/3ක් ලෙස ඕස්ට්‍රේලියානු පළමු ඉනිම ප්‍රබල තැනක පසු විය. ඔවුන්ගේ මැදපෙළ තවදුරටත් සවිමත් කළ මාශ් සහෝදර දෙපළ වන ශෝන් මාශ් හා මිචෙල් මාශ් ශතක ලබා ගත්හ. ඔවුන් දෙදෙනාගේ ඉනිම් අතුරෙන් ශෝන්ගේ ඉනිමට 4 පහර 18ක් එක්විය. අවසානයේ ඔවුන් සිය පළමු ඉනිමට ලකුණු 649ක් ලබාගෙන සිය මුල් ඉනිම අත්හිටුවන ලද්දේ එංගලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 303ක් ඉදිරියෙන් පසුවෙමිනි.

දැඩි පීඩනයක් සිය හිස මතට පතිත කරවා ගෙන එංගලන්ත ආරම්භ පිතිකරුවන් යුගල පිටියට පිවිසි අතර ඒ බව ඔවුන්ගේ පිතිකරණ විලාසයෙන් මනාව පෙන්නුම් කළේය. එංගලන්ත පළමු ඉනිමේ පරිදීම දෙවන ඉනිම තුළත් රූට් ලකුණු 58ක් ලබාගෙන වගකීම් සහගත පිතිකරණයක නිරත වෙද්දී අනෙකුත් පිතිකරුවන් හට සාර්ථක වීමට කමින්ග්ස් ඇතුළු ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් අවස්ථාව නොදුනි. අවසානයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායම අළු බඳුන ටෙස්ට් තරගය ඉනිමකින් හා ලකුණු 123කින් ජයග්‍රහණය කළේය.

ඒ අනුව තරග 4-0ක් ලෙස තරගාවලිය ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙවර අළු බඳුන ශූරතාවයට හිමිකම් කීවේ වසර 2013ට පසුවයි.

එංගලන්ත පළමු ඉනිම – 346/10 (112.3): ජො රූට් 83, ඩේවිඩ් මාලන් 62, ඇලෙස්ටයාර් කුක් 39, ටොම් කර්න් 39, පැට් කමින්ග්ස් 4/80.

ඕස්ට්‍රේලියානු පළමු ඉනිම – 649/7 d (193): උස්මාන් කවාජා 171, ශෝන් මාශ් 156, මිචෙල් මාශ් 101, ස්ටීව් ස්මිත් 83, ඩේවිඩ් වෝනර් 56, මොයින් අලී 2/170.

එංගලන්ත දෙවන ඉනිම – 180/10 (88.1): ජෝ රෑට් 58, ජොනී බෙයාර්ස්ටොව් 38, පැට් කමින්ග්ස් 4/39, නේතන් ලයන් 3/35.

තරගයේ වීරයා – පැට් කමින්ග්ස් (ඕස්ට්‍රේලියාව)
තරගාවලියේ වීරයා – ස්ටීව් ස්මිත් (ඕස්ට්‍රේලියාව)

මෙම තරගාවලියට පසුව දෙරට අතර පැවැත්වෙන පළමු එක්දින තරගය ලබන 14 වැනිදා මෙල්බර්න් ක්‍රිකට් පිටියේ දී පැවැත්වේ.

 >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<