ත්‍රිත්ව හා සාන්ත බෙනඩික්ට් පූර්ණ ජයක පහස ලබයි

272

ත්‍රිත්ව විද්‍යාලය හා සාන්ත බෙනඩික්ට් විද්‍යාලය පූර්ණ ජයග්‍රහණ ලබාගත් අද (6) දිනය තුළ වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තරග හතරක්ම අවසන් විය.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය හා මොරටු මහා විද්‍යාලය

තරගයේ පළමු දිනය වූ ඊයේ දිනය අවසානයේ මොරටු මහා විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 53ක් ලබා ගන්නා ලදි.

විමුක්ති නෙතුමල්ගේ දක්ෂ පන්දු යැවීම නිසා මොරටු මහා විද්‍යාල පළමු ඉනිම ලකුණු 97කට සීමා විය. එහි දී විමුක්ති කඩුලු 3ක් දවාලූ අතර, මදුශාන් දිලක්ෂණ ලකුණු 28ක් ලබා ගන්නා ලදි.

ධර්මපාල විද්‍යාලය හමුවේ ගුරුකුල මවිත වෙයි

ගුරුකුල විද්‍යාලය හමුවේ ධර්මපාල විද්‍යාලය දක්ෂ ලෙස ක්‍රීඩා කළ අද (5) දිනය තුළ වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක්ම පැවැත්වූ අතර…

පසුව ත්‍රිත්ව විද්‍යාලය නැවතත් පිටියේ පන්දු රැකීමට තීරණය කරන්නේ ඉනිමක ජයක් අපේක්ෂාවෙන් වන අතර එය සාක්ෂාත් කර ගැනීමට ආර්. පීරිස් විශාල මෙහෙයක් ඉටු කරන ලදි. ඔහු මොරටු මහා විද්‍යාල දෙවන ඉනිමේ කඩුලු 8ක් ලකුණු 28ක් තුළ දවා ගනිමින් විශිෂ්ට පන්දු යැවීමක නිරත විය. අවසානයේ මොරටු මහා විද්‍යාල දෙවන ඉනිම ලකුණු 41ක් වැනි අවම ලකුණකට සීමා විය.

මෙම තරගය A කාණ්ඩයේ තරගයක් ලෙස මහනුවර අස්ගිරිය පිටියේ දී අවසන් විය

ත්‍රිත්ව විද්‍යාලය පළමු ඉනිම – 262/9d (63.2): ඒ. සේනාධීර 53, හසින්ත ජයසූරිය 50, අභිෂේක් ආනන්ද කුමාර් 44, ට්‍රෙවෝන් පර්සිවෙල් 32, ශේසද සොයිසා  5/56.

මොරටු මහා විද්‍යාලය පළමු ඉනිම – 97/10 (42.2): මදුශාන් දිලක්ෂණ 28, ජනිත් ප්‍රනාන්දු 20, විමුක්ති නෙතුමල් 3/35.

මොරටු මහා විද්‍යාලය දෙවන ඉනිම – 41/10 (16): ආර්. පීරිස් 8/28.

තරග ප්‍රතිඵලය – ත්‍රිත්ව විද්‍යාලයට ඉනිමක හා ලකුණු 154ක ජයක්


අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය හා කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය

A කාණ්ඩයේ තරගයක් ලෙස සාන්ත බෙනඩික්ට් පිටියේ දී අවසන් වූ මෙම තරගය ඉනිමකින් හා ලකුණු 60කින් ජය ගැනීමට සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සමත් විය.

අද උදෑසන සාන්ත බෙනඩික්ට් විද්‍යාල පළමු ඉනිම ලකුණු 300ක් දක්වා ගෙන යාමට මහේෂ් තීක්ෂණ හා කවීෂ ජයතිලක ඇතුළු පිතිකරුවන් සමත් වූ අතර ඔවුන් දෙදෙනා පිළිවෙළින් ලකුණු 120ක් හා ලකුණු 66*ක් ලබාගෙන ධර්මාශෝක විද්‍යාලයට ප්‍රබල අභියෝගයක් එල්ල කළේය. පන්දු යැවීමේ දී කවිඳු නදීශාන් කඩුලු 2යි.

පසුව අශාන්ත ද සිල්වා ලකුණු 43ක් ලබාගෙන තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට උත්සාහ කළත්, කවීෂ ජයතිලක ඇතුළු සාන්ත බෙනඩික්ට් පන්දු යවන්නන් සිය වගකීම උපරිමයෙන් ඉටු කළ නිසා එය සිදු කර ගැනීමට ධර්මාශෝක විද්‍යාලය අසමත් විය. ඔවුන්ට සිය දෙවන ඉනිමට සියල්ලන්ම දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 154ක් වන අතර කවීෂ කඩුලු 5ක් දවා ගන්නා ලදි.

ධර්මාශෝක විද්‍යාලය පළමු ඉනිම – 86/10 (41.4): සචින් සංගීත් 29, මහේෂ් තීක්ෂණ 5/19.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය පළමු ඉනිම  – 300/7 d (52): මහේෂ් තීක්ෂණ 120, කවීෂ ජයතිලක 66*, රයන් සේරසිංහ 45, ඉමේෂ් ප්‍රනාන්දු 39*, කවිඳු නදීශාන් 2/63.

ධර්මාශෝක විද්‍යාලය දෙවන ඉනිම – 154/10 (66.4): අශාන්ත ද සිල්වා 43, සචින් සංගීත් 34, අරෝශ් ද සොයිසා 31, කවීෂ ජයතිලක 5/68.

තරග ප්‍රතිඵලය -සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට ඉනිමක හා ලකුණු 60ක ජයක්

මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය හා කොළඹ වෙස්ලි විද්‍යාලය

සාන්ත ජෝසප් විද්‍යාල ක්‍රීඩා පිටියේ දී අද දිනය සඳහා තරගය ආරම්භ වන විට පිළිතුරු පළමු ඉනිම දියත් කර වෙස්ලි විද්‍යාලය කිසිවෙක් නොදැවී ලකුණු 72ක් ලබා සිටින ලදි.

වෙස්ලි විද්‍යාල පළමු ඉනිම වෙනුවෙන් හසිත ගීසර දක්ෂ පිතිකරණයක නිරත වෙමින් ලකුණු 97ක් එක් කළ අතර අනෙක් අන්තයෙන් ඔහු හට සවියක්වූ තිසුරක අක්මීමන ලකුණු 67ක් ලබා ගන්නා ලදි. හසිත සිය ශතකය පෙනෙන මානයේ සිටිය දී නොසිතූ ලෙස දැවී ගියේය. සකුන්ත ලියනගේ ලකුණු 39යි. සාන්ත ජෝසප් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට හැකියාව ලැබෙන ලෙස පන්දුවෙන් දස්කම් දැක්වූ දඟපන්දු යවන දුනිත් වෙල්ලාලගේ කඩුලු 6ක් දවා ගන්නා ලදි.

නැවතත් සාන්ත ජෝසප් විද්‍යාලය පිතිකරණයේ නිරත වූ අතර එහි දී ද සවිමත් ලකුණු පුවරුවක් ගොඩනැංවීමට ඔවුන්ට හැකි විය. පළමු ඉනිමේ මෙන්ම මෙහි දී ද රෙවාන් කෙලී හා නිපුන් සුමණසිංහ පිළිවෙළින් ලකුණු 75*ක් හා ලකුණු 45ක් ලබාගෙන දස්කම් අතරට පිවිසියේය. අවසානයේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

සාන්ත ජෝසප් විද්‍යාලය පළමු ඉනිම – 393/2d (75.5): රෙවාන් කෙලී 182, නිපුන් සුමනසිංහ 156*, ජොහාන් ද සිල්වා 33, මොවින් සුභසිංහ 2/106.

වෙස්ලි විද්‍යාලය පළමු ඉනිම – 336/10 (88): හසිත ගීසර 97,, තිසුරක අක්මීමන 67, සකුන්ත ලියනගේ 39, මොවින් සුභසිංහ 29, දුනිත් වෙල්ලාලගේ 6/80.

සාන්ත ජෝසප් විද්‍යාලය දෙවන ඉනිම – 143/2 (28.5): රෙවාන් කෙලී 75*, නිපුන් සුමණසිංහ 45.

සාන්ත ජෝසප් ලකුණු පුවරුවට ශතක දෙකක්

වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තරග කිහිපයක්ම අද (5) ආරම්භ විය. ඒ අතුරෙන් සාන්ත ජෝසප් විද්‍යාලය හා වෙස්ලි විද්‍යාලය අතර පැවැත්වූ තරගය…

කොළඹ ආනන්ද විද්‍යාලය බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය

සාන්ත පීතර පිටියේ අද පරාජයෙන් තොරව තරගය අවසන් වුවත් එහි පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට සාන්ත පීතර විද්‍යාලයට හැකි විය.

ඊයේ දිනය අවසන් වන විට පළමු ඉනිමේ ජයක් ආසන්නයට පැමිණීමට සාන්ත පීතර විද්‍යාලයට හැකි විය. නොදැවී ක්‍රීඩා කර රන්මිත් ජයසේන හා ශාලිත් ප්‍රනාන්දු පිළිවෙළින් ලකුණු 36*ක් හා ලකුණු 32*ක් ලබාගෙන සිටියේය.

එතැන් සිට සාන්ත පීතර ඉනිමේ ජවය බවට පත්වෙමින් හොඳ සබඳතාවයක් ගොඩනැංවීමට ඔවුන් දෙදෙනා සමත් විය. අවසානයේ සාන්ත පීතර විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 282ක් ලබාගෙන සිය පළමු ඉනිම අත්හිටුවන ලදි. එහි දී ශාලිත් ප්‍රනාන්දු ලකුණු 95ක් ලබාගත් අතර රන්මිත් ජයසේන ලකුණු 91යි.

අනතුරුව සිය දෙවන ඉනිම දියත් කළ ආනන්ද විද්‍යාලය තරගයේ දෙවන දිනය අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 155ක් ලබා ගන්නා ලදි. ඒ වෙනුවෙන් කනිශ්ක රන්තිලකගේ හා ලහිරු අර්ධ ශතක අතරට පිවිසියේය.

ආනන්ද විද්‍යාලය පළමු ඉනිම – 151/10 (59.3): ලහිරු හිරණ්‍ය 57, කමේෂ් නිර්මාල් 31, හසිඳු ශාමික 25*, ශිවාන් පෙරේරා 3/13, තාරික් සාබූර් 3/37.

සාන්ත පීතර විද්‍යාලය පළමු ඉනිම  – 282/3 d (70): ශාලිත් ප්‍රනාන්දු 95, රන්මිත් ජයසේන 91, ශැනොන් ප්‍රනාන්දු 65, චාමික ගුණසේකර 2/68.

ආනන්ද විද්‍යාලය දෙවන ඉනිම – 155/6 (57.4): කනිශ්ක රන්තිලකගේ 58, ලහිරු හිරන්‍ය  51*, හසිඳු ශාමික 20, ශිවාන් පෙරේරා 3/39

තරග ප්‍රතිඵලය – සාන්ත පීතර විද්‍යාලයට පළමු ඉනිමේ ජයක්

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න