SLC ආරාධිත විස්සයි විස්ස ලීගයට සියල්ල සූදානම්

1624

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නව ආරාධිත විස්සයි විස්ස තරගාවලියක් ‘SLC Invitational T20 League 2022’ ලෙස අගෝස්තු 09 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිතයි.

ජූලි මාසය අවසානයේ දී ආරම්භ වීමට නියමිත තිබූ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි අදියර කල් දැමීමට සංවිධායකයින් තීරණය කිරීම නිසාවෙන් මෙම වසරේ පැවැත්වෙන ආසියානු කුසලානයට සහ ලෝක කුසලානයට සූදානම් වීමේ අරමුණින් මෙම  තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සංවිධානය කරනවා.

තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ජාතික සහ පළමු පෙළ ක්‍රීඩකයින් 60 දෙනෙකු තෝරා ගනිමින් ඔවුන්ව කණ්ඩායම් හතරකට බෙදා තරගාවලිය පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ පළමු වටයේ දී සියලූම කණ්ඩායම් අනෙක් කණ්ඩායම් සමඟ තරග වදිමින් මූලික තරග තුනකට සහභාගී වීමට නියමිත අතර එම වටය අවසානයේ පෙරමුණේ පසුවන කණ්ඩායම් ද්විත්වය අවසන් මහා තරගය සඳහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

තරගාවලියේ අවසන් මහා තරගය අගෝස්තු 16 වැනිදා පැවැත්වීමට සැලසුම් කර ඇති අතර තරගාවලියේ සියලු තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලියේ සියලුම තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<