සිම්බාබ්වේ – ශ්‍රී ලංකා තරගාවලියට ප්‍රවේශ පත්‍ර නිකුත් කරයි

සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2022

841
Tickets for the Sri Lanka vs Zimbabwe ODI Series

ජනවාරි 16 වැනිදා සිට මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වීමට නියමිත “සිම්බාබ්වේ එක්දින කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය” සඳහා ප්‍රවේශ පත්‍ර www.srilankacricket.lk සහ www.bookmyshow.com ඔස්සේ මිල දී ගත හැකි. 

පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ ධාරිතාවයෙන් 50%ක පිරිසකට තරගාවලි නැරඹීය සඳහා අවස්ථාව හිමි වන අතර කොරෝනා වසංගතයට එරෙහිව ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගත් ක්‍රිකට්ලෝලීන්ට පමණක් ක්‍රීඩාංගණයට ඇතුළු වීමට අවස්ථාව හිමිවනවා.

කොරෝනා වසංගත නිවාරණ නීති රීති සහ රෙගුලාසිවලට යටත් ව තරගාවලිය සංවිධානය කරන අතර තරග නැරඹීමට පැමිණෙන විට කෝවිඩ් එන්නත්කරණ කාඩ්පත (Digital කාඩ්පත ද වලංගුයි) රැගෙන ඒම අත්‍යාවශ්‍ය වනවා. එමෙන්ම දෙවැනි මාත්‍රාව ලබා ගෙන දින 14ක් ඉක්මවා තිබීම ද අත්‍යාවශ්‍යයි. 

ඉහත සඳහන් වෙබ් අඩවිවලට අමතරව පහත සඳහන් ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමේ ස්ථානවලින් ද ප්‍රවේශ පත්‍ර මිල දී ගත හැකි.

ස්ථානය වේලාව
තරග දිනවල දී පමණක් අභීත ක්‍රීඩා පිටිය, බලගොල්ල උදෑසන 9 සිට සවස 5 දක්වා
තරග දිනවල දී හැර වෙනත් දිනවල දී 

(ජනවාරි 13 වැනිදා සිට ලබා ගත හැකි)

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය උදෑසන 9 සිට සවස 5 දක්වා

මාර්ගත ක්‍රමය (Online) ඔස්සේ ප්‍රවේශ පත්‍ර මිල දී ගත් අයවලුන්ට ද ඉහත ස්ථානවලින් සිය ප්‍රවේශ පත්‍ර ලබා ගත හැකි අතර ප්‍රවේශ පත්‍ර රු. 300/=, රු. 1000/= සහ රු. 3000/= යන මිල ගණන්වලට මිල දී ගත හැකි. 

තරග කාලසටහන

  • පළමු එක්දින තරගය – ජනවාරි 16
  • දෙවැනි එක්දින තරගය – ජනවාරි 18
  • තෙවැනි එක්දින තරගය – ජනවාරි 21

තරග සියල්ලම මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත අතර තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<