සිම්බාබ්වේට එරෙහි එක්දින සටනට නිලධාරීන් නම් කරයි

සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2022

551
Match officials announced

ජනවාරි 16 වැනිදා සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ආරම්භ වීමට නියමිත ICC එක්දින සුපර් ලීගයේ තරග 3කින් සමන්විත තරගාවලිය සඳහා සහභාගී වන විනිසුරු මණ්ඩලය නම් කර තිබෙනවා.

එහි තරග තීරකවරයා ලෙස අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (ICC) තරග තීරක මඩුල්ලේ ප්‍රධානී රංජන් මඩුගල්ලේ මහතා කටයුතු කිරීමට නියමිතයි. අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ඉහළම පිළිගැනීමකට ලක්ව සිටින මඩුගල්ලේ මහතාට අමතරව ලොව අංක 1 විනිසුරුවරයා ලෙසින් ජාත්‍යන්තර පිළිගැනීමකට ලක්ව සිටින කුමාර් ධර්මසේන මහතා ද විනිසුරුවරයකු ලෙසින් කටයුතු කිරීමට නියමිතයි.

මොවුන් දෙදෙනාට අමතරව ජාත්‍යන්තර විනිසුරුවරයකු ලෙසින් කටයුතු කරනු ලබන රුචිර පල්ලියගුරුගේ, රවීන්ද්‍ර විමලසිරි, ලින්ඩන් හැනිබල් සහ ප්‍රගීත් රඹුක්වැල්ල යන මහත්වරුන් ද මේ තරගාවලියේ විනිසුරුවරුන් ලෙස කටයුතු කිරීමට නියමිතයි.

තරග තීරක – රංජන් මඩුගල්ලේ මහතා.

තරග විනිසුරුවරුන් – කුමාර් ධර්මසේන, රුචිර පල්ලියගුරුගේ, රවීන්ද්‍ර විමලසිරි, ලින්ඩන් හැනිබල්, ප්‍රගීත් රඹුක්වැල්ල යන මහත්වරුන්.

සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ තරග කාලසටහන

  • පළමු එක්දින තරගය – ජනවාරි 16
  • දෙවැනි එක්දින තරගය – ජනවාරි 18
  • තෙවැනි එක්දින තරගය – ජනවාරි 21

තරග සියල්ලම මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<