උපුල් තරංගගෙන් කලකට පසුව ශතකයක්

90

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන ආරාධිත ක්‍රීඩා සමාජ පළමු පෙළ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ ඊයේ (15) පැවති තරගවල දී උපුල් තරංග සහ අදීශ නානායක්කාර ශතක රැස් කරමින් දිනයේ කැපී පෙනෙන ක්‍රීඩකයන් බවට පත්විය.

එන්. සී. සී. සහ වරාය අධිකාරිය කණ්ඩායම් අතර තරගයේ දී මෙම ශතක දෙක වාර්තා වීම කැපී පෙණුනි. උපුල් තරංග පන්දු 130කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සමඟ ලකුණු 100ක් ලබා ගත්තේය. 

අදීශ නානායක්කාර පන්දු 108කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 103ක් ලබා ගත්තේය. මෙම තරගයේ දී එන්. සී. සී. නායක ඇන්ජලෝ පෙරේරා ලකුණු 99ක් ලබා සිටිය දී දුවද්දී දැවී යමින් තම ශතකය අහිමි කර ගත්තේය. ඔහු තම ඉනිමට පන්දු 86ක් වැය කළ අතර ඊට හතරේ පහර 3ක් සහ හයේ පහර 3ක් ඇතුළත් කළේය. 

දිනයේ කැපී පෙනෙන පන්දු යවන්නා වූයේ ගුවන් හමුදා කණ්ඩායමේ දකුණතින් පිට දඟපන්දු යවන රවිඳු සෙම්බකුට්ටි ය. ඔහු රාගම ක්‍රිකට් සමාජයට එරෙහිව ලකුණු 19කට කඩුලු 4ක් දවා ගත්තේය. 

Group A

එස්. එස්. සී. සහ බදුරලිය (මග්ගොන සරේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී)

  • එස්. එස්. සී; සියලුම දෙනා දැවී 246 (50) ධනුෂ්ක ගුණතිලක 48, සඳුන් වීරක්කොඩි 27, චරිත් අසලංක 40, සම්මු අශාන් 32, ලහිරු සමරකෝන් 3/51, මලිත් ද සිල්වා 2/30
  • බදුරලිය ක්‍රීඩා සමාජය; කඩුලු 9ක් දැවී 240 (50) බ්‍රාවිෂ් ෂෙට්ටි 21, දුෂාන් හේමන්ත 67, ලහිරු සමරකෝන් 31, අලකාර අසංක නොදැවී 26, ධම්මික ප්‍රසාද් 3/40, තරිඳු රත්නායක 2/33

එස්. එස්. සී.ට ලකුණු 6ක ජයග්‍රහණයක් 

බී. ආර්. සී. සහ ලංකන් (බී. ආර්. සී. පිටියේ දී)

  • බී. ආර්. සී; සියලුම දෙනා දැවී 148 (42.3) ලිසුල ලක්ෂාන් 67, හෂේන් රාමනායක 20, දුනිත් වෙල්ලාලගේ 2/14, සහන් නානායක්කාර 2/31, චානක රුවන්සිරි 3/15
  • ලංකන් ක්‍රිකට් සමාජය; කඩුලු 2ක් දැවී 152 (38.3) සවන් කංකානංගේ 27, ප්‍රිමෝෂ් පෙරේරා නොදැවී 69, ගීත් කුමාර නොදැවී 47, කේ. කේ. කෙවින් 2/25

ලංකන් ක්‍රිකට් සමාජයට කඩුලු 8ක ජයග්‍රහණයක්

මීගමුව සහ යුද හමුදාව (දොඹගොඩ යුද හමුදා ක්‍රිකට් පිටියේ දී)

  • මීගමුව ක්‍රිකට් සමාජය; කඩුලු 8ක් දැවී 182 (50) ඇන්ජලෝ ජයසිංහ නොදැවී 68, ශෙෂාන් ප්‍රනාන්දු 33, සංජීව් කුමාරස්වාමි 2/39, දුශාන් විමුක්ති 2/25, හේෂාන් හෙට්ටිආරච්චි 2/37
  • යුද හමුදා ක්‍රීඩා සමාජය; කඩුලු 4ක් දැවී 185 (45.2) දුශාන් විමුක්ති 71, අසේල ගුණරත්න 37, හිමාෂ ලියනගේ 26, මහේෂ් කුමාර නොදැවී 35

යුද හමුදා ක්‍රීඩා සමාජයට කඩුලු 6ක ජයග්‍රහණයක්

Group B

සී. සී. සී. සහ මහනුවර කස්ටම්ස් (සී. සී. සී. පිටියේ දී)

  • සී. සී. සී.; කඩුලු 9ක් දැවී 249 (50) මළිඳු මධුරංග 98, එම.පී. එම්. වීරසිංහ 50, පවන් රත්නායක 23, බී. ජී. එස්. මෙන්ඩිස් නොදැවී 20, සම්පත් පෙරේරා 2/45, නිම්නක රත්නායක 2/31, උමේග චතුරංග 2/52
  • කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් සමාජය; සියලුම දෙනා දැවී 70 (26.1) ඉයන් දේව් සිං 27, අශාන් ප්‍රියංජන් 4/08, බී. ජී. එස්. මෙන්ඩිස් 4/21

සී. සී. සී.ට ලකුණු 179ක ජයග්‍රහණයක්

පොලිස් සහ හලාවත මේරියන්ස් (පොලිස් පිටියේ දී)

  • පොලිස් ක්‍රීඩා සමාජය; සියලුම දෙනා දැවී 155 (42.5) දුලාශ් උදයංග 23, දම්මික සිගේරා 22, සුපුන් මධුශංක 32, අරුන් මලයිල් 2/29, පුලින තරංග 2/19, කමිඳු මෙන්ඩිස් 2/26
  • හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය; කඩුලු 3ක් දැවී 160 (20.4) ශෙහාන් ජයසූරිය 55, රුමේෂ් බුද්ධික නොදැවී 21, තික්ෂිල ද සිල්වා නොදැවී 55

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජයට කඩුලු 7ක ජයග්‍රහණයක්

එන්. සී. සී. සහ වරාය අධිකාරිය (එන්. සී. සී. පිටියේ දී)

  • එන්. සී. සී; කඩුලු 8ක් දැවී 293 (50) ලහිරු උදාර 29, උපුල් තරංග 100, ඇන්ජලෝ පෙරේරා 99, හෂාන් විමර්ශන 2/62, යොහාන් චානුක 2/52
  • වරාය අධිකාරිය ක්‍රිකට් සමාජය; කඩුලු 6ක් දැවී 203 (50) අදීශ නානායක්කාර නොදැවී 103, ගයාන් මනීෂාන් 45, දිලේෂ් ගුණරත්න 3/25, චාමික කරුණාරත්න 2/32

එන්. සී. සී.ට ලකුණු 90ක ජයග්‍රහණයක් 

Group C

කෝල්ට්ස් සහ බ්ලූම්ෆිල්ඩ් (කෝල්ට්ස් පිටියේ දී)

  • කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; කඩුලු 7ක් දැවී 271 (47) සංගීත් කුරේ 92, සධීර සමරවික්‍රම 34, සංතුශ් ගුණතිලක 33, ප්‍රියමාල් පෙරේරා 27, නිසල තාරක නොදැවී 25, දිලීප ජයලත් 2/31, මධුශාන් රවිචන්ද්‍රකුමාර් 2/64 
  • බ්ලූම්ෆිල්ඩ් ක්‍රිකට් සමාජය; සියලුම දෙනා දැවී 209 (43.1) රෙවන් කෙලී 27, සචින් ජයවර්ධන 39, මිශේන් සිල්වා 36, නිමන්ත පෙරේරා 41, ප්‍රභාත් ජයසූරිය 3/46, අකිල ධනංජය 2/45

කෝල්ට්ස් ක්‍රිකට් සමාජයට ලකුණු 63ක ජයග්‍රහණයක්

සැරසන්ස් සහ කුරුණෑගල යූත් (මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී)

  • කුරුණෑගල යූත් ක්‍රිකට් සමාජය; සියලුම දෙනා දැවී 143 (44.1) කේශාන් වන්නිආරච්චි 22, අරවින්ද අකුරුගොඩ 43, සාලිය සමන් 2/14, මොහොමඩ් ඩිල්ශාඩ් 2/35, ඉසිත විජේසුන්දර 2/19
  • සැරසන්ස් ක්‍රීඩා සමාජය; කඩුලු 4ක් දැවී 144 (32.4) රවින් සේයර් 58, අශේන් බණ්ඩාර නොදැවී 35, නවීන් කවිකාර 2/30

සැරසන්ස් ක්‍රීඩා සමාජයට කඩුලු 6ක ජයග්‍රහණයක් 

නාවික හමුදාව සහ පානදුර (වැලිසර නාවික හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී)

  • නාවික හමුදා ක්‍රීඩා සමාජය; කඩුලු 9ක් දැවී 198 (50) සවිඳු පීරිස් 39, තරුෂ ප්‍රනාන්දු 34, බුද්ධික මධුශාන් 38, ඩිල්ශාන් අබේසිංහ 3/18, උමේෂ් කරුණාරත්න 2/31, සිතුම් දිසානායක 2/60, මින්හාජ් ජලීල් 2/25
  • පානදුර ක්‍රීඩා සමාජය; කඩුලු 4ක් දැවී 200 (42.2) මින්හාජ් ජලීල් 84, හර්ෂ කුරේ 44, රාජු ගයාෂාන් නොදැවී 33, සතික් නිමල්ෂ 3/41

පානදුර ක්‍රීඩා සමාජයට කඩුලු 6ක ජයග්‍රහණයක් 

Group D

ලංකන් සහ මුවර්ස් (පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී)

  • මුවර්ස් ක්‍රීඩා සමාජය; කඩුලු 9ක් දැවී 202 (32) පබසර වඩුගේ 20, නිපුන් කරුණානායක 55, ලහිරු අත්තනායක 30, රමේෂ් මෙන්ඩිස් 47, ආර්. පුංචිහේවා 2/37, එරංග රත්නායක 3/28, දිනුක් හෙට්ටිආරච්චි 2/45
  • ලංකන් ක්‍රිකට් සමාජය; කඩුලු 7ක් දැවී 95 (24.3) අනුශ්ක පෙරේරා 21, එරංග රත්නායක නොදැවී 25, ප්‍රවීන් ජයවික්‍රම 2/12, අනුක් ප්‍රනාන්දු 2/11

මුවර්ස් ක්‍රීඩා සමාජයට ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 66ක ජයග්‍රහණයක්

නුගේගොඩ සහ ටැමිල් යූනියන් (පී. සරා ඕවල් පිටියේ දී)

  • නුගේගොඩ ක්‍රීඩා සමාජය; සියලුම දෙනා දැවී 114 (37.4) ඉරෝෂ් සමරසූරිය 44, පසිඳු මධුශාන් 26, විමුක්ති පෙරේරා 4/24, මධුක ලියනපතිරණගේ 2/20, සදීශ් පතිරණගේ 3/24
  • ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය; කඩුලු 8ක් දැවී 117 (37.4) කසුන් මධුශංක 22, මධුක ලියනපතිරණගේ නොදැවී 30, පසිඳු මධුශාන් 4/25, 

ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජයට කඩුලු 2ක ජයග්‍රහණයක් 

ගුවන් හමුදාව සහ රාගම (කටුනායක ගුවන් හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී)

  • රාගම ක්‍රිකට් සමාජය; සියලුම දෙනා දැවී 134 (39.5) ජනිත් ලියනගේ 40, චතුර පීරිස් නොදැවී 25, අමිල අපෝන්සු 21, නිමේෂ් මෙන්ඩිස් 4/26, රවිඳු සෙම්බකුට්ටිගේ 4/19
  • ගුවන් හමුදා ක්‍රීඩා සමාජය; කඩුලු 3ක් දැවී 138 (27.5) උදයවංශ පරාක්‍රම 76, සුමින්ද ලක්ෂාන් නොදැවී 31

ගුවන් හමුදාව ක්‍රීඩා සමාජයට කඩුලු 7ක ජයග්‍රහණයක්

පළමු දිනයේ තරග ප්‍රතිඵල – දෙසැම්බර් 14

Group A

එස්. එස්. සී. සහ ලංකන් (එස්. එස්. සී. පිටියේ දී) 

  • එස්. එස්. සී.; කඩුලු 8ක් දැවී 272 (50) චරිත් අසලංක නොදැවී 119, සම්මු අශාන් 33, නුවනිඳු ප්‍රනාන්දු 35, තරිඳු රත්නායක 44, කේශාන් විජේරත්න 3/48
  • ලංකන් ක්‍රිකට් සමාජය; සියලුම දෙනා දැවී 211 (44.3) සවන් ප්‍රභාෂ් 29, ගීත් කුමාර 35, චානක රුවන්සිරි 27, කසුන් අබේරත්න 30, කේශාන් විජේරත්න නොදැවී 39, ධම්මික ප්‍රසාද් 2/21, තරිඳු රත්නායක 3/31, සචිත්‍ර සේනානායක 2/34, ජෙෆ්රි වැන්ඩර්සේ 2/46

එස්. එස්. සී.ට ලකුණු 61ක ජයග්‍රහණක්

බදුරලිය සහ යුද හමුදාව (දොඹගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී)

  • බදුරලිය ක්‍රීඩා සමාජය; සියලුම දෙනා දැවී 184 (48.5) බ්‍රාවිෂ් ෂෙට්ටි 22, වයිභාව් මාලි 25, ලහිරු සමරකෝන් 21, බුද්ධික සංජීව 33, ජනිත් සිල්වා 3/22, ශිහාන් ද සිල්වා 2/34, ලහිරු විජේතුංග 2/50
  • යුද හමුදා ක්‍රිකට් සමාජය; කඩුලු5ක් දැවී 188 (40.1) ලක්ෂාන් එදිරිසිංහ 69, දුශාන් විමුක්ති 84, බුද්ධික සංජීව 3/38

යුද හමුදා ක්‍රිකට් සමාජයට කඩුලු 5ක ජයග්‍රහණයක්

බී. ආර්. සී. සහ මීගමුව අතර තරගය (බී. ආර්. සී. පිටියේ දී) 

  • බී. ආර්. සී.; සියලුම දෙනා දැවී 145 (43.4) ලසිත් ලක්ෂාන් 25, ශානුක දුලාජ් 75, උපුල් ඉන්ද්‍රසිරි 2/25, ලක්ෂිත රසාංජන 3/36, මාධව වර්ණපුර 2/33
  • මීගමුව ක්‍රිකට් සමාජය; කඩුලු 5ක දැවී 156 (28.4) ඩිල්ෂාන් මුණවීර 61, අශේන් සිල්වා 28, දුවිඳු තිලකරත්න 2/20

මීගමුව ක්‍රිකට් සමාජයට කඩුලු 5ක ජයග්‍රහණයක්

Group B

සී. සී. සී. සහ වරාය අධිකාරිය (සී. සී. සී. පිටියේ දී)

  • සී. සී. සී.; සියලුම දෙනා දැවී 65 (27.1) මළිඳු මධුරංග 16, මිතිල අරවින්ද 3/16, චමින්ද බණ්ඩාර 2/19, හෂාන් විමර්ශන 2/16, චානක කොමසාරු 3/10
  • වරාය අධිකාරිය ක්‍රිකට් සමාජය; කඩුලු 3ක් දැවී 70 (19.1) ප්‍රශාන් වික්‍රමසිංහ නොදැවී 27, නුවන් තුෂාර 2/10

වරාය අධිකාරිය ක්‍රිකට් සමාජයට කඩුලු 7ක ජයග්‍රහණයක්

එන්. සී. සී. සහ පොලිස් (එන්. සී. සී. පිටියේ දී)

  • එන්. සී. සී.; කඩුලු 7ක් දැවී 299 (50) ලහිරු උදාර 45, මහේල උඩවත්ත 82, ඇන්ජලෝ පෙරේරා 71, චාමික කරුණාරත්න 29, සහන් ආරච්චිගේ නොදැවී 31, නිසාර් අහමඩ් 3/67,  
  • පොලිස් ක්‍රීඩා සමාජය; කඩුලු 9ක් දැවී 202 (50) වී. ඒ. ඉඳුල්කර් 56, රමේෂ් කුමාර 25, මංජුල ජයවර්ධන 30, දම්සික සිගේරා නොදැවී 26, චාමික කරුණාරත්න 3/48, සචිඳු කොළඹගේ 3/38, ඇන්ජලෝ පෙරේරා 2/23

එන්. සී. සී.ට ලකුණු 97ක ජයග්‍රහණයක්

Group C

සැරසන්ස් සහ බ්ලූම්ෆිල්ඩ් (සාන්ත තෝමස් විද්‍යාලයීය ක්‍රීඩාංගණය, ගල්කිස්ස)

  • සැරසන්ස් ක්‍රීඩා සමාජය; සියලුම දෙනා දැවී 188 (45) සිතාර ගිම්හාන් 66, මිලින්ද සිරිවර්ධන 60, දිලීප ජයලත් 2/37, මධුශාන් රවිචන්ද්‍රකුමාර 3/33
  • බ්ලුම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය; කඩුලු 5ක් දැවී 192 (46.3) සමීන් කඳනාරච්චි 23, සචින් ජයවර්ධන 34, චාමර සිල්වා නොදැවී 51, හර්ෂ විතාන 32, මිලින්ද සිරිවර්ධන 2/42

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයට කඩුලු 5ක ජයග්‍රහණයක්

කෝල්ට්ස් සහ නාවික හමුදාව (කෝල්ට්ස් පිටියේ දී)

  • කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; කඩුලු 6ක් දැවී 319 (50) සධීර සමරවික්‍රම 33, හෂාන් දුමිඳු 43, හේෂාන් ධනුෂ්ක 45, විශාද් රන්දික 72, ධනංජය ලක්ෂාන් නොදැවී 106, සවිඳු පීරිස් 2/74, ඩිලංක අවර්ඩි 2/66
  • නාවික හමුදා ක්‍රිකට් සමාජය; සියලුම දෙනා දැවී 143 (42.4) සවිඳු පීරිස් 27, තරුෂ ප්‍රනාන්දු 25, නිපුන් මාලිංග 2/23, අකිල ධනංජය 2/31, ප්‍රභාත් ජයසුරිය 3/35

කෝල්ට්ස් ක්‍රිකට් සමාජයට ලකුණු 176ක ජයග්‍රහණයක්

කුරුණෑගල යොවුන් සහ පානදුර (පානදුර මහජන ක්‍රීඩාංගණයේ දී)

  • කුරුණෑගල යොවුන් ක්‍රිකට් සමාජය; සියලුම දෙනා දැවී 188 (46.5) චතුරංග දික්කුඹුර 25, කේශාන් වන්නිආරච්චි 24, ජීවන් විරාජ් 34, ලහිරු ජයරත්න 34, සිතුම් දිසානායක 4/31, දුලාංජන මෙන්ඩිස් 3/33, චලන ද සිල්වා 2/48
  • පානදුර ක්‍රීඩා සමාජය; කඩුලු 7ක් දැවී 176 (41) විශ්ව චතුරංග 36, කාශිෆ් නවිඩ් 62, නිපුන් ලක්ෂාන් නොදැවී 33, නවින් කවිකාර 4/19, 

පානදුර ක්‍රීඩා සමාජයට ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 17ක ජයග්‍රහණයක්

Group D

කළුතර නාගරික සහ රාගම (මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ දී)

  • කළුතර නාගරික සමාජය; සියලුම දෙනා දැවී 87 (27.1) එරංග රත්නායක 22, ඉෂාන් ජයරත්න 2/13, නිශාන් පීරිස් 3/33, උදාර ජයසුන්දර 4/11
  • රාගම ක්‍රිකට් සමාජය; කඩුලු 3ක් දැවී 90 (22.1) උදාර ජයසුන්දර 44, සමීර ද සොයිසා නොදැවී 27

රාගම ක්‍රිකට් සමාජයට කඩුලු 7ක ජයග්‍රහණයක්

ටැමිල් යූනියන් සහ ගුවන් හමුදාව (පී. සරා ඕවල් පිටියේ දී)

  • ටැමින් යූනියන් ක්‍රිකට් සමාජය; සියලුම දෙනා දැවී 171 (44.1) කිරන් පවෙල් 59, ප්‍රසංශන ජයමාන්න 63, ලසඳ රුක්මාල් 2/22, රවිඳු සෙම්බකුට්ටිගේ 3/40
  • ගුවන් හමුදා ක්‍රිකට් සමාජය; කඩුලු 6ක් දැවී 159 (41.4) උදයවංශ පරාක්‍රම 24, සුමින්ද ලක්ෂාන් 41, මාධව නිමේෂ් නොදැවී 30, සදිශ් පතිරණගේ 3/36, 

ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 25ක ජයග්‍රහණයක්

මුවර්ස් සහ නුගේගොඩ අතර තරගය (මුවර්ස් පිටියේ දී)

ක්‍රීඩාංගණයේ අයහපත් තත්ත්වය හේතුවෙන් මෙම තරගය එකඳු හෝ පන්දුවක් නොයවා අතහැර දමන ලදි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<