ශ්‍රී ලංකා බැඩ්මින්ටන් පුහුණුකරුවන්ට සහතික

114

දේශීය බැඩ්මින්ටන් පුහුණුකරුවන් සඳහා සංවිධාන කළ ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ පළමු ශ්‍රේණියේ පුහුණු වැඩසටහන (BWF Level 1 Coach Education Program) පසුගියදා සාර්ථකව නිමාවට පත් වුනා.

ජාතික බැඩ්මින්ටන් ක්ෂේත්‍රයට ඉහළම මට්ටමේ සුදුසුකම්ලාභී පුහුණුකරුවන් දායාද කිරීමේ අරමුණ ඇතිව බුද්ධික ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුතු ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ පුහුණු සහ සංවර්ධන කමිටුව මෙම විශේෂ වැඩසටහන මෙහෙයවුවා.

මෙම පුහුණු වැඩසටහනට 30දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගි වූ අතර එය අවසානයේ දී සහභාගී වූ සියලු පුහුණුකරුවන්ට පුහුණු සැසිය අවසානයේ දී සහතිකපත් පිරිනමනු ලැබීය.

ආසියානු බැඩ්මින්ටන් සම්මේලනයේ ජ්‍යෙෂ්ඨ සංවර්ධන විධායක ඇන්ඩි මොහොමඩ් සහ ආසියානු බැඩ්මින්ටන් සම්මේලනයේ සංවර්ධන නිලධාරී නිකිල් චන්ද්‍ර ඩාර් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති සහතික පිරිනැමීමේ උත්සවයට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ උපසභාපති සහ තාක්ෂණික කමිටු සභාපති රොෂාන් ප්‍රනාන්දු මහතා ඇතුළු ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.

දිනෙන් දින උණුසුම් වන දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ සියලු පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare සමඟ.

>>තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<