71 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය ඇරඹෙයි

The 71st Nationals Badminton Championships

153

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය සංවිධාන කරනු ලබන 71 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවය අද (04) බැඩ්මින්ටන් ආයතනයේ සභාපති රොහාන් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී ආරම්භ වුනා.

ක්‍රීඩක ක්‍රීඩිකාවෝ දහසකට වැඩි සංඛ්‍යාවක් තරග වදින මෙවර ජාතික බැඩ්මින්ටන් ශූරතාවලිය මේ මස 10 වැනිදා දක්වා බැඩ්මින්ටන් ආයතනයේ ක්‍රීඩාගාරයේ, වෙළෙඳ සේවා ගෘහස්ත බැඩ්මින්ටන් ක්‍රීඩාගාරයේ සහ ඩී.එස්. සේනානායක ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට රුපියල් මිලියන දෙකක මුදල් තෑගි පිරිනැමෙන 71 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියේ මූලික වටයේ තරග ඊයේ (03) සමාරම්භක උත්සවයෙන් පසු ආරම්භ වූ අතර, අවසන් 16 දෙනාගේ තරග වටය දෙසැම්බර් මස 8 වැනිදා පැවැත්වීමට නියමිතයි.

දෙසැම්බර් මස 9 වැනිදා අර්ධ අවසන් පූර්ව වටයේ තරග සහ අවසන් පූර්ව වටයේ තරග පැවැත්වෙන අතර, අවසන් මහා තරග සහ සමාප්ත උත්සවය දෙසැම්බර් 10 වැනිදා පැවැත්වීමට නියමිතයි.

71 වැනි ජාතික බැඩ්මින්ටන් ශූරතාවලියට අවුරුදු 11  සිට අවුරුදු 19 දක්වා කනිෂ්ඨ තරග අංශය, අවුරුදු 30ට වැඩි සහ අවුරුදු 70ට වැඩි වශයෙන් ජ්‍යෙෂ්ඨ තරග අංශය සහ කාන්තා හා පිරිමි ඒකල, යුගල සහ මිශ්‍ර යුගල තරග ඇතුළත් විවෘත තරග අංශය ඇතුළත් වෙනවා.

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ පිටියේ සියලු උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟම.

>>තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<