Shadab Khanටත් පළමු ටෙස්ට් තරගය අහිමි වෙයි

154
(ICC)

කලව ප්‍රදේශයේ ආබාධයක් නිසා පාකිස්තාන ක්‍රීඩක Shadab Khan හට නවසීලන්තය සමඟ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අහිමි වනු ඇති බව වාර්තා වෙනවා. ඔහු වෙනුවට වමත් දඟපන්දු යවන ක්‍රීඩක Zafar Gohar කණ්ඩායමට ඇතුළත් කර තිබෙනවා.  

“Shadab Khan එළඹෙන බ්‍රහස්පතින්දා Tauranga හිදී MRI පරීක්ෂණයකට භාජනය වීමට නියමිතයි. ඒ පරීක්ෂණවලින් පසුව තමයි කියන්න පුළුවන් වෙන්නේ ඔහුට නැවතත් ක්‍රිකට් ක්‍රීඩා කරන්න කොච්චර කලක් ගත වෙයි ද කියලා” පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිවේදනයක සඳහන් වුනා. “Northern Knights හා Pakistan Shaheens කණ්ඩායම අතර Hamilton හිදී එළඹෙන ඉරිදා පැවැත්වෙන විස්සයි විස්ස තරගයට සූදානම් වෙමින් සිටි Zafar අපි ටෙස්ට් කණ්ඩායමට කැඳවා ගත්තා.”

තවත් ක්‍රිකට් පුවත්: 

Zafar, 2019-20 Quaid-e-Azam කුසලාන පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තුන්වැනියට වැඩිම කඩුලු ලාභියා බවට පත් වුනේ කඩුලු හතර බැගින් දවා ගත් අවස්ථා පහක් හා කඩුලු පහක් දවා ගත් එක් අවස්ථාවක් සමඟින් කඩුලු 38ක් දවා ගනිමිනුයි. පළමු පෙළ තරග 39ක දී ඔහු කඩුලු 144ක් දවාගෙන තිබෙනවා. 

සංචිතය – Mohammad Rizwan (පළමු ටෙස්ට් තරගයේ නායක), Abid Ali, Azhar Ali, Faheem Ashraf, Fawad Alam, Haris Sohail, Imran Butt, Mohammad Abbas, Naseem Shah, Sarfaraz Ahmed, Shaheen Afridi, Shan Masood, Sohail Khan, Yasir Shah හා Zafar Gohar. (Babar Azam, Imam-ul-Haq හා Shadab Khan පළමු තරගය ක්‍රීඩා නොකරනු ඇත.).

Cricbuzz ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<