ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවේ සංචාරයක; එක්දින තරග නැත

2647

2019 වසර ආරම්භයේ ශ්‍රී ලංකා කණ්ඩයම ටෙස්ට් තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියක් සඳහා ඕස්ට්‍රේලියාවේ සංචාරයේ නිරත වීමට නියමිත අතර ඉන් එක් ටෙස්ට් තරගයක් බ්‍රිස්බේන් හී ගැබා ක්‍රීඩාංගණයේ දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් ලෙස පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වේ.

2021 ශූරයින්ගේ කුසලානය නෑ

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය 2019-2023 දක්වා කාල පරාසය තුල දී පැවැත්වෙන නව අනාගත තරග සැලසුම් (Future Tours Program) ඉදිරිපත් කළ අතර ඒ අනුව පළමු වරට ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියක් සංවිධානය කිරීමට තීරණය කර ඇත. ඉන්දියාවේ කොල්කටා හී පැවති අන්තර් ජාතික ක්‍රිකට් …

මෙම සංචාරය සඳහා එක්දින තරගාවලියක් ද ඇතුළත් කිරීමට නියමිතව තිබුණ ද අද (30) ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය නිකුත් කළ නවතම කාලසටහනට අනුව එම සංචාරයට ඇතුළත් වනුයේ ටෙස්ට් තරගාවලියක් පමණි.

2018-19 ඕස්ට්‍රේලියානු වසන්ත සමයේ (Summer) ඕස්ට්‍රේලියානු කණ්ඩයම නවසීලන්තය, දකුණු අප්‍රිකාව, ඉන්දියාව හා ශ්‍රී ලංකාව සමඟින් එරට දී තරග වැදීමට නියමිතයි.

ශ්‍රී ලංකා සංචාරයේ පළමු ටෙස්ට් තරගය බ්‍රිස්බේන් හී ගැබා ක්‍රීඩාංගණයේ දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන අතර දෙවන තරගය පෙබරවාරි පළමු වැනිදා කැන්බරා හීදී පැවැත්වීමට නියමිතයි.

ටිම් මැකාස්කිල් ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දුවට

ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් වික්ටෝරියා හි ඉහළ දස්කම් කළමනාකරු වන ටිම් මැකාස්කිල් මහතා එළඹෙන ජුනි මස 6 වැනිදා ආරම්භ වන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු විශේෂඥයා ලෙස පත්කර ඇත. අසංක ගුරුසිංහට වැඩි බලයක් සමඟින් අලුත්ම තනතුරක්…

ශ්‍රී ලංකා කණ්ඩයම සිය දෙවන දිවා රාත්‍රී ටෙස්ට් තරගය එළඹෙන ජුනි මස පැවැත්වෙන කොදෙව් සංචාරයේ දී ක්‍රීඩා කිරීමට නියමිත අතර ඔවුන් සිය මංගල දිවා රාත්‍රී ටෙස්ට් තරගය ක්‍රීඩා කළේ 2017 ඔක්තෝබර් මාසයේ පකිස්තානයට එරෙහිවයි. ගැබා හී පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගය ශ්‍රී ලංකා කණ්ඩායමේ තෙවන දිවා රාත්‍රී ටෙස්ට් අත්දැකීම වනු ඇත.  

ශ්‍රී ලංකා කණ්ඩයමේ ඕස්ට්‍රේලියානු සංචාරය

  • පළමු ටෙස්ට් තරගය : ගැබා,  24-28 ජනවාරි  (දිවා රාත්‍රී )
  • දෙවන ටෙස්ට් තරගය : මනුකා ඕවල්,කැන්බරා , 1-5 පෙබරවාරි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<