සාන්ත ජෝසප් ක්‍රීඩකයින් පරදා කුසලානය සාන්ත පීතර විදුහලට

275

සාන්ත ජෝසප් විද්‍යාලය හා සාන්ත පීතර විද්‍යාලය අතර වාර්ෂිකව පැවැත්වෙන පාපන්දු තරගාවලියේ 27 වන දිග හැරුම, ඊයේ (6) කොළඹ CR & FC පිටියේ දී පැවැත්විය. එම තරගයෙන් ගෝල 3-1ක ජයග්‍රහණයක් වාර්තා කර ගැනීමට සාන්ත පීතර ක්‍රීඩකයෝ සමත් වූහ.

සහිරා විද්‍යාලයට තියුණු ජයක්

වයස අවුරුදු 18න් පහළ පළමුපෙළ පාසල් පාපන්දු තරගාවලියට සමගාමීව හමීඩ්, අල් හුසේයිනි විද්‍යාලය හා සහිරා විද්‍යාලය අතර පැවැත්වූ…

තරගයේ ඉතිහාසය දෙස පිරික්සා බලන විට සාන්ත පීතර විද්‍යාලය 14 වතාවක් මෙම කුසලානය ජයග්‍රහණය කර ඇති අතර, ප්‍රතිවාදී සාන්ත ජෝසප් විද්‍යාලය ජයග්‍රහණය කර තිබෙන්නේ තරග 11ක් පමණි. මීට අමතරව එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන්ව ඇත.

මඳ වර්ෂාවක් මධ්‍යයේ තරගය සවස 4.20ට පමණ ආරම්භ වූ අතර දෙපිළම කරට කර සටනක් ආරම්භයේ සිටම දියත් කරන ලදි. තරගයේ ආරම්භක මිනිත්තු 30ක පමණ කාලය තුළ දෙපිලටම ගෝල ලබා ගැනීමට තිබූ ආසන්න අවස්ථාවන් කිහිපයක්ම මඟ හැරී ගියත් ලැබුණු දඬුවම් පහර අවස්ථාවකින් උපරිම ප්‍රයෝජනය ලබාගත් සාන්ත ජෝසප් විද්‍යාලයේ නිමේෂ් සාලින්ද සිය විද්‍යාලය වෙනුවෙන් පළමු ගෝලය ලබා ගත්තේ පළමු අර්ධය අවසන් වීමට තවත් මිනිත්තු 5ක් පමණ ඉතිරිව ඇති විටයි.

අනතුරුව තරගයේ පළමු අර්ධය අවසන් වූ අතර, ඒ වන විට වැඩි වාසිය සාන්ත ජෝසප් විද්‍යාලය දෙසට නතුව තිබුණි.

පළමු අර්ධය: සාන්ත ජෝශප් විද්‍යාලය 1 – 0  සාන්ත පීතර විද්‍යාලය

සවස 5.15ට පමණ දෙවන අර්ධය සඳහා තරගය ආරම්භ වූ අතර, ඒ සඳහා ආරම්භය ලබා ගත්තේ සාන්ත පීතර විද්‍යාලය විසිනි. ඒ වන විට තරගයේ සම්පූර්ණ පීඩනය ඔවුන් දෙසට නතුව තිබූ අතර, එම පීඩනය බොහෝ දුරට අවම කර ගැනීමට තරගයේ 46 වන මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ ඉදිරි පෙළ ක්‍රීඩක ඩැනියල් මැග්රාත් සමත් වූයේ අලංකාරවත්  ගෝලයක් සාන්ත ජෝසප් ගෝල රකින්නාගේ දෑත් අතරින් දැල තුළට පතිත කරමිනි.

ජාතික ක්‍රිකට් තරු එක්වන ‘සහිරා සුපිරි 16’ පාපන්දු තරගාවලිය

13 වන වරට පැවැත්වෙන ‘සහිරා සුපිරි 16’ පාපන්දු තරගාවලිය ඔක්තෝබර් මස 07 වන දින ආරම්භ වන අතර තරගාවලියේ සුවිශේෂීම අංගය…

වන බවක් පෙන්නුම් කරමිනි. නමුත් සාන්ත පීතර විද්‍යාලයේ අංක 8 ජර්සිය යටතේ ක්‍රීඩා කළ මොහොමඩ් ශාබීර් සාන්ත ජෝසප් ක්‍රීඩකයින් අතරින් අලංකාරව පන්දුව දෝලනය කරමින් රැගෙන ගියේ සිය සඟයන්ගේ ද සහය ඇතිවයි. එහි අවසන් ප්‍රතිඵලය වූයේ තරගයේ 76 වන මිනිත්තුවේ දී සාන්ත පීතර විද්‍යාලයට සිය දෙවැනි ගෝලය ලබා ගැනීමට හැකි වීමයි. ඒ නිසා තරගයේ වැඩි වාසිය සාන්ත පීතර විද්‍යාලය දෙසට නතු වූයේ තරගය අවසන් වීමට තවත් මිනිත්තු කිහිපයක කාලයක් ඉතිරිව තිබූ නිසාවෙනි.

ගෝල 2ක් ලබාගෙන තරගයේ එතෙක් පෙරමුණේ පසු වූ සාන්ත පීතර විද්‍යාලයට මෙන්ම ඔවුන්ගේ ප්‍රේක්ෂකයින්ට සිය ජයග්‍රහණය පිළිබඳව තවත් දෙගිඩියාවෙන් පසුවීමට මැග්රාත් අවස්ථාව නොදුනි. ඒ තරගයේ අවසන් මිනිත්තුවේ දී වර්ණවත් ගෝලයක් සිය විද්‍යාලයට ලබා දෙමිනි. ඒත් සමඟින් තරගයේ නිමාවට සංඥාව නිකුත් කළ අතර ඒත් සමඟින් ගෝල 3-1ක් ලෙස ජයග්‍රහණය සාන්ත පීතර විද්‍යාලය නමින් ලියවිණි.

අවසන් ලකුණු තත්වය:  සාන්ත ජෝසප් විද්‍යාලය 1 – 3 සාන්ත පීතර විද්‍යාලය

ගෝල ලබා ගැනීම,

  • සාන්ත ජෝසප් විද්‍යාලය (1) – නිමේෂ් සාලින්ද (35’)
  • සාන්ත පීතර විද්‍යාලය (3) – ඩැනියල් මැග්රාත් (46’, 80’), මොහොමඩ් ශාබීර් (76’)

ThePapare.com තරගයේ වීරයා – ඩැනියල් මැග්රාත් (සාන්ත පීතර විද්‍යාලය)

 තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට