තරගාවලිය අතරතුර පාකිස්තාන වේගපන්දු පුහුණුකරුට නිවාඩුවක්

189
Waqar Younis
(DNA india)

පාකිස්තානය හා නවසීලන්තය අතර පළමු ටෙස්ට් තරගයට අවසන් වීමෙන් අනතුරුව නිවාඩුවක් සඳහා පාකිස්තාන වේගපන්දු පුහුණුකරු Waqar Younis නැවත පාකිස්තානයට පැමිණෙන බව වාර්තා වෙනවා. 

තරගය දෙසැම්බර් 26 වැනිදා නවසීලන්තයේ Mount Maunganui හිදී ආරම්භ වීමට නියමිතයි. COVID-19 වසංගත තත්වය නිසා හා පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම සමඟ දිගු කාලයක් නිරෝධායනයේ ගත කිරීම නිසා Younis, ජුනි මාසයට පසුව සිය පවුලේ සාමාජිකයින් හමුව නොමැති අතර දකුණු අප්‍රිකා තරගාවලිය තෙක් ඔහු සිය නිවසේ කාලය ගත කිරීමට නියමිතයි.

පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය නිල නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ සිය පවුල සමඟ කල් ගත කිරීම සඳහා Younis විවේක කාලයක් ඉල්ලා සිටි බවයි. 

තවත් ක්‍රිකට් පුවත්:

Younis ජනවාරි 26 වැනිදා ආරම්භ වන දකුණු අප්‍රිකා තරගාවලියට පෙර කණ්ඩායම හා නැවත එක්වීමට නියමිතයි. 

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු Mansoor Rana පවසා සිටියේ දකුණු අප්‍රිකා තරගාවලියත් පෙබරවාරි 14 තෙක් නිමා නොවන නිසා Younisගේ ඉල්ලීමට අවකාශ ලබා දීමට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කළ බවයි.

“Younis දෙවන ටෙස්ට් තරගයට පසුව පාකිස්තානයට පැමිණියහොත් ඔහුට සිය පවුල සමඟ ගත කරන්න ලැබෙන්නේ එක සතියයි” Rana පවසා සිටියා.

“අපි හැමෝටම මූලිකම දේ වෙන්නේ පවුල, අපි මිට කලිනුත් වෘත්තිය ජීවිතය හා පවුල් ජීවිතය සමබරව තබා ගන්නට අපේ කණ්ඩායමේ සාමාජිකයින්ට විවේක කාලයන් ලබා දී තිබෙනවා.”

Hindustan Times ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<