LPL කණ්ඩායමක ලොකු වෙනසක්; තරග කාලසටහනත් වෙනස් වෙයි

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2020

1166

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ IPG ආයතනය එක්ව විසින් සංවිධානය කරන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය (LPL) එළඹෙන නොවැම්බර් 27 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබූ නමුත්, එම තරගාවලියේ ආරම්භය තවත් දිනයකින් ඉදිරියට ගෙන යමින් නොවැම්බර් 26 වැනිදා සිට තරගාවලිය ආරම්භ කිරීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇත.

නොවැම්බර් 26 වැනිදා සිට දෙසැම්බර් 16 වැනිදා දක්වා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය මූලික කරගනිමින් පැවැත්වෙන මෙම තරගාවලියට තරග 23ක් ඇතුළත් වන අතර ඒ සඳහා මූලික වටයේ තරග 20ක්, අවසන් පූර්ව වටයේ තරග 2ක් හා අවසන් මහා තරගය ඇතුලත්ව ඇත.

එසේම මීට පෙර ‘දඹුල්ල Hawks’ යන නමින් තරග වැදීමට නියමිත සිටි කණ්ඩායමේ නව නාමය ‘දඹුල්ල Lions’ ලෙස වෙනස් වී ඇති අතර ‘දඹුල්ල Lions’ සහ ‘මහනුවර Tuskers ‘යන කණ්ඩායම්වල ලාංඡන (Team Logo) ද වෙනස් වී ඇත.

තවත් ක්‍රිකට් පුවත්:

COVID-19 වසංගතයේ බලපෑම් හේතුවෙන් තරගාවලිය පැවැත්වීම සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නියෝජිතයින් සහ සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් අතර සාකච්ඡා වට කීපයක්ම පැවැත්විය. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් නියම කරනු ලබන සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව තරගාවලිය පැවැත්වීම සඳහා රජය විසින් අනුමැතිය ලබා දී තිබේ.

කෙසේ නමුත් මෙම තරග සියල්ලම ප්‍රේක්ෂකයින් නොමැතිව පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඇතුළු තරග සංවිධායකයින්ට සිදු වන්නේ කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය නිසාවෙනි. තරගාවලිය සඳහා සහභාගී වන සියලුම ක්‍රීඩකයින් හම්බන්තොට මත්තල ගුවන් තොටුපොල හරහා පමණක් ශ්‍රී ලංකාවට ඇතුළු වන අතර විදෙස් ක්‍රීඩකයින් සියලුම දෙනා දින 7ක නිරෝධායන කාලයක් පසු කළ යුතුය.

LPL තරගාවලිය අවසන් වූ පසුව (දෙසැම්බර් 18) දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම දකුණු අප්‍රිකාව බලා පිටත්ව යන අතර ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවයේ තරග දෙකක් ඇතුළත් එම තරගාවලිය දෙසැම්බර් මස 26 වැනිදා ආරම්භ වීමට නියමිතය.

2020 නොවැම්බර් 8 වැනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කළ LPL නව නිල තරග කාලසටහන පහත පරිදි වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<